BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බ්‍රිතාන්‍යයේ විරැකියාව ඉහළට

T

The Leader Desk

February 20, 2026 • 9:11 AM

බ්‍රිතාන්‍යයේ විරැකියාව ඉහළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍යයේ විරැකියා අනුපාතය පසු ගිය දස වසර තුළ පැවති අගයේ උපරිමයට පැමිණ ඇතැයි වාර්තා වේ.
  • පසු ගිය වසර අවසන් කාර්තුවේ, එරට, වයස අවුරුදු 16 - 24ත් අතර විරැකියා අනුපාතය 16.1%කින් ඉහළ ගොස් ඇති බව නවතම නිල වාර්තා පෙන්වා දෙයි.
  • 2025 වසර මැද භාගයේ එම අනුපාතය 13.8% ක් විය.
  • එරට තරුණ විරැකියා අනුපාතය යුරෝ කලාපයේ එම අනුපාතය අභිබවා පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, මධ්‍ය වාමාංශික රජය මගින්, තරුණ ශ්‍රමිකයින් උදෙසා අඩු අවම වැටුප්  නිර්දේශ කිරීමේ ප්‍රතිපත්ති ද දැඩි අභියෝගයකට ලක්ව තිබේ.

පසු ගිය වසර අවසන් කාර්තුවේ, එරට, වයස අවුරුදු 16 - 24ත් අතර විරැකියා අනුපාතය 16.1%කින් ඉහළ ගොස් ඇති බව නවතම නිල වාර්තා පෙන්වා දෙයි. 2025 වසර මැද භාගයේ එම අනුපාතය 13.8% ක් විය. එරට තරුණ විරැකියා අනුපාතය යුරෝ කලාපයේ එම අනුපාතය අභිබවා පවතී.

 

UK 2

දැඩි ආර්ථික අවපාත හමුවේ සහ ඉකුත් අප්‍රේල් මස සේව්‍ය සමාජ ආරක්ෂණ ගාස්තු ඉහළ දැමීමට රජය ගත් පියවර හමුවේ අවම සේවක වැටුප් නීර්ණ තීව්‍ර ලෙස ඉහළ ගියේය. ක්ෂේත්‍ර රැසක් වෙත කෘත්‍රිම බුද්ධිය ආදේශ කිරීමේ ප්‍රතිඵල කෙතෙක් දැයි මෙතෙක් ගණනය කර නැත.  

ඉකුත් තෙවසර තුළ, බ්‍රිතාන්‍යයේ ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථාවන්ට සාපේක්ෂව අවම වැටුප් නිර්දේශ යටතේ පවතින රැකියා අවස්ථාහි සීග්‍ර අඩු වීමක් දක්නේ වේ. එය ජර්මනියේ සහ ප්‍රංශයේ එම තත්ත්වයට ඉඳුරා ප්‍රතිවිරුද්ධ තත්ත්වයකි.

 

UK 3
පසුගිය අප්‍රේල් සහ ඔක්තෝබර අතර කාලයේ බ්‍රිතාන්‍යයේ පුද්ගලික අංශයේ වැඩිම විරැකියා අවස්ථා වාර්තා වන්නේ, සත්කාරක හා සිල්ලර ක්ෂේත්‍ර වලිනි. එය තරුණ ශ්‍රම බලකාය වෙත සෘජු බලපෑමක් එල්ල කර ඇත.

කෘත්‍රිම බුද්ධිය හෙතුවෙන් එරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේද රැකියා අහිමිවීම සාමාන්‍ය අනුපාතයට ඉහළ අගයක් පෙන්නුම් කරන්නේය. මේ අතර ඉහළ යන කම්කරු වියදම් පාලනයට ඇතැම් සමාගම් විසින් ශ්‍රම  සුරැකුම් තාක්ෂණය ආදේශ  කර තිබේ.

මේ වන විට බ්‍රිතාන්‍යයේ අවම වැටුප් අනුපාතය පැයට පවුම් 12.21ක් (ඇ.ඩො. 16.40) වේ. එය පසු ගිය තෙවසරට සාපේක්ෂව 29%ක වර්ධනයකි. වයස අවුරුදු  18 -20 අතර බ්‍රිතාන්‍ය ශ්‍රමිකයකුගේ අවම වැටුප පැයට පවුම් 10කි. එය 46%ක වර්ධනයක් බව ආර්ථික නිරීක්ෂකයෝ පවසති.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/20/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Rising UK youth unemployment tests government over wage pledge

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...