BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මෙක්සිකෝවේ දැවැන්ත මත්ද්‍රව්‍ය මෙහෙයුමක්; කුප්‍රකට නායකයෙක් මරුට

T

The Leader Desk

February 23, 2026 • 4:14 AM

මෙක්සිකෝවේ දැවැන්ත මත්ද්‍රව්‍ය මෙහෙයුමක්; කුප්‍රකට නායකයෙක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙක්සිකෝවේ කුප්‍රකට මත්ද්‍රව්‍ය දැවැන්තයකු වන නෙමෙසියෝ ඔසෙගුවේරා නොහොත් එල් මෙන්චෝ ඊයේ (22) එරට හමුදා වැටලීමකින් ජීවිතක්ෂයට පත් විය. ඒ සමග රට පුරා භීෂණ රැල්ලක් ද හටගෙන තිබේ.
  • 60 හැවිරිදි ඔසෙගුවේරා CJNG නම් නව පරපුරේ අපරාධ රැල්ලක මහ මොළකරු විය.
  • එරට පැසිෆික් වෙරළ තීරයේ ජැල්සිකෝ ප්‍රාන්තයේ ටැපල්පා නගරයේ, මෙක්සිකෝ විශේෂ බලකාය විසින් සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීමකදී තුවාල ලත් ඔහු අත්අඩංගුවේදී ජීවිතක්ෂයට පත් වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.
  • සමස්ත ප්‍රදේශය යුද පිටියක් සේ දිස්වන්නේ යැයි, ඔවුහු සමාජ මාධ්‍යයේ සටහන් තැබූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


එරට මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ නීති විරෝධී ප්‍රවාහනයේ යෙදෙන  ජාවාරම්කරුවන් දැඩි ලෙස මර්ධනය කරන ලෙස ජනපතිනි ක්ලෝඩියා ෂේන්බාම් වෙත එක්සත් ජනපදයෙන් ද දැවැන්ත බලපෑමක් එල්ල වී  තිබේ. කෘත්‍රිම  ඔපියොයිඩ් ෆෙන්ටැනිල් එසේ නීති විරෝධීව සහ වැඩි වශයෙන්ම මෙක්සිකෝවෙන් එක්සත් ජනපදයට ප්‍රවාහනය කෙරෙන මත්ද්‍රව්‍යය වේ.

60 හැවිරිදි ඔසෙගුවේරා CJNG නම් නව පරපුරේ අපරාධ රැල්ලක මහ මොළකරු විය. එරට පැසිෆික් වෙරළ තීරයේ ජැල්සිකෝ ප්‍රාන්තයේ ටැපල්පා නගරයේ, මෙක්සිකෝ විශේෂ බලකාය විසින් සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීමකදී තුවාල ලත් ඔහු අත්අඩංගුවේදී ජීවිතක්ෂයට පත් වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. ඔහුගේ මළ සිරුර ඊයේ මධ්‍යාහ්නයේ දැඩි රැකවල් මධ්‍යයේ මෙක්සිකෝ නගරය වෙත රැගෙන එනු ලැබිණි.

mexci
එක්සත් ජනපද බුද්ධි තොරතුරු මත මෙක්සිකෝ හමුදා විසින් එම මෙහෙයුම සිදු කෙරිණි. ඊට එක්සත් ජනපද විශේෂ බලකා සහාය ද  හිමි විය.  මත් ජාවරම්කරුගේ මරණය සැලවීමත් සමග ඔහුගේ ආධාරකරුවෝ රට පුරා දැවැන්ත භීෂණයක් දියත් කළහ. ඔවුහු ප්‍රධාන මාර්ග අවහිර කර මෝටර් රථ සහ ව්‍යාපාරික ස්ථාන ද ගිනි තැබූහ. ඒ හේතුවෙන් රට පුරා දෛනික කටයුතු රැසක් අඩපණ විය. භීෂණයෙන් සාමාන්‍ය පුද්ගල මරණ කිසිවක් වාර්තා වී නැත.

ජැල්සිකෝ වෙරළ තීරයේ ජනප්‍රිය විදෙස් සංචාරක ගමනාන්තයක් වන පුවර්ටෝවලාර්ටා නිකේතනයේ වූ සංචාරක පිරිස් ද භීෂණ රැල්ලෙන් මහත් භීතියට පත් වූහ. සමස්ත ප්‍රදේශය යුද පිටියක් සේ දිස්වන්නේ යැයි, ඔවුහු සමාජ මාධ්‍යයේ සටහන් තැබූහ. මත් ජාවාරම්කරුගේ අධාරකරුවන් විසින් සිදු කළ ගිනි තැබීම් හේතුවෙන්, ප්‍රදේශය ඉහළ අහස කළු දුම් වලාවන්ගෙන් වැසී ගියේය. එයාර් කැනඩා, යුනයිටඩ් එයාර් ලයින්ස්, එරෝමේක්සිකෝ සහ ඇමරිකානු ගුවන් සේවය, එම ප්‍රදේශයේ මෙහෙයුම් තාවකාලිකව අවලංගු කළහ.

හමුදා මෙහෙයුමෙන් ජීවිතක්ෂයට පත් ඔසෙගුවේරා එරට හිටපු පොලිස් නිලධාරියෙකි. ඔහුගේ නායකත්වයෙන් නැගී සිටි අපරාධ ජාලයට බලහත්කාරයෙන් පුද්ගලයින් බඳවා ගැනීමට සහ ශ්‍රම අපයෝජනයට කටයුතු කෙරිණි. එම ජාලය සීග්‍රයෙන් මෙක්සිකෝවේ දරුණු අපරාධ 'සමාගමක්' බවට පත් විය. නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම, ජාත්‍යන්තර ඉන්දන සොරකම්, පුද්ගල ඝාතන, සංකීර්ණ මූල්‍ය වංචා සහ මිනිස් වෙළඳාම වැනි අපරාධ රැසක් ඔහුගේ අනුදැනුම යටතේ ක්‍රියාත්මක විය. එම අපරාධ පිණිස, ඩ්‍රෝන තාක්ෂණය පවා යොදා ගැනිණි. බටහිර මෙක්සිකෝවේ සිවිල් පුද්ගලයන් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කෙරිණි.

5117
ඊයේ සිදු කළ වැටලීම මෙක්සිකෝවේ සිට එක්සත් ජනපදය වෙත ඩොලර් බිලියන ගණනක මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දියත් කළ දැවැන්ත මෙහෙයුමකි. ඊට සම්බන්ධ තවත් අපරාධ කල්ලි දෙකක ද නායකයෝ ද එහිදී අත්අඩංගුවට පත් වූහ. මේ වන විට, ඔවුහු එක්සත් ජනපද බන්ධනාගාර භාරයේ පසුවෙති.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/23/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Mexican military kills cartel boss 'El Mencho' in US-backed raid

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මෙක්සිකෝවේ දැවැන්ත මත්ද්‍රව්‍ය මෙහෙයුමක්; කුප්‍රකට නායකයෙක් මරුට | The Leader