BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

යුද්ධය වලක්වා ගැනීමට ඉරානය දැඩි ප්‍රයත්නයක

T

The Leader Desk

February 23, 2026 • 5:52 AM

යුද්ධය වලක්වා ගැනීමට ඉරානය දැඩි ප්‍රයත්නයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුරේනියම් පෝෂණයට සිය අයිතිය තහවුරු කෙරේ නම් සහ සම්බාධක ඉවත් කරන්නේ නම්, සහන සැලසීමට සූදානම් බව ඉරානය කියයි. ඉරානයේ අපේක්ෂාව එක්සත් ජනපද ප්‍රහාරයක් මගහැරීම ය.
  • කෙසේවුව, දැනට දක්නට ඇත්තේ ද්වී පාර්ශ්වීය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය දියාරුව, සන්නද්ධ ගැටුමකට යන සෙයකි.
  • සිය අධි පෝෂණිත යුරේනියම් සංචිතයෙන් හරි අඩක් විදෙස් ගත කිරීම පිලිබඳ බරපතලව සලකා බලන බව, ටෙහෙරානය පැවසී යැයි, එම රාජ්‍ය නිලධාරියකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි.
  • එරටට එරෙහි එක්සත් ජනපද ආර්ථික සම්බාධක ඉවත්කළ යුතු බවද ඔවුහු කියා සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


දෙපස තියුණු ලෙස බෙදී  සිටී. මේ වන විටත් ඉරානය සහ එක්සත් ජනපදය අතර වක්‍ර සාකච්ඡා වට දෙකක් අවසන් ය.

ඉකුත් සතියේ සාකච්ඡා වටය අවසන් වීමන් අනතුරුව, ඉරානය සිය නව යෝජානවලිය ගෙනහැර පාමින්සිටී. කෙසේවුව, දැනට දක්නට ඇත්තේ ද්වී පාර්ශ්වීය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය දියාරුව, සන්නද්ධ ගැටුමකට යන සෙයකි. ටෙහෙරානයේ ප්‍රයත්නය කෙසේ හෝ එය වලක්වා ගැනීම ය.

සිය අධි පෝෂණිත යුරේනියම් සංචිතයෙන් හරි අඩක් විදෙස් ගත කිරීම පිලිබඳ බරපතලව සලකා බලන බව, ටෙහෙරානය පැවසී යැයි, එම රාජ්‍ය නිලධාරියකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි. එමෙන්ම, ඉරානය, කලාපීය යුරේනියම් පෝෂණ සන්ධානයක් හා අනුගතවීමට ද සූදානම් ය.

එහෙත්, ඒ සියල්ල, සාමකාමී යුරේනියම් පෝෂණයට ඉරානය සතු අයිතිය එක්සත් ජනපදය විසින් තහවුරු කෙරේ නම් පමණි. එරටට එරෙහි එක්සත් ජනපද ආර්ථික සම්බාධක ඉවත්කළ යුතු බවද ඔවුහු කියා සිටිති.

IRAN OIL

වැඩිදුර ප්‍රතිචාර වශයෙන් එරට සුවිසල් ඉන්දන සහ ගෑස් කර්මාන්තය එක්සත් ජනපද ව්‍යවසායක කොන්ත්‍රාත් සමාගම් වෙත විවෘත කිරීමට ද ඉරානය කැමැත්ත  පල කර සිටී. එමගින් එරට න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ දශක කිහිපයක අර්බුදය විසඳෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ඒ අනුව, සාකච්ඡාවට නියමිත ආර්ථික පැකේජය තුළ එක්සත් ජනපදයට ද ඉරාන ඉන්දන කර්මාන්තයේ සැලකිය යුතු ආයෝජන අවස්ථා හිමි වේ.

ධවල මදිරය මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාර දක්වා නැත.

ඉරාන යුරේනියම් පෝෂණය නිසැක න්‍යෂ්ටික අවියක් තැනීමේ අරමුණින් පමණක් බව, එක්සත් ජනපද මතය ය.  ඉරානය එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටින අතර යුරේනියම් පෝෂණයට ඇති අයිතිය තහවුරු කරන ලෙස බල කර සිටී.

AP26048573453587 e1771631438609

දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදු වන අතර වාරයේම එක්සත් ජනපදය, මැද පෙරදිග කලාපයේ හමුදා ශක්තිය තව දුරටත් ශක්තිමත් කිරීමට පියවර ගත්තේය. තම රටට එරෙහි ප්‍රහාරයක දී ප්‍රතිප්‍රහාර ලෙස කලාපයේ එක්සත් ජනපද හමුදා කඳවුරු විනාශ කරන බවට ඉරානය අනතුරු අඟවා සිටී.

කෙසේ වෙතත්, දෙරට අතර සාකච්ඡා තව දුරටත් ක්‍රියාත්මකය. එමගින් අන්තර්වාර එකඟතාවකට එළැඹිය හැකි බව ඉරානයේ විශ්වාසයයි.

ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි සහ එක්සත් ජනපද ජනපති විශේෂ නියෝජිත, ස්ටීව් විට්කොෆ් අතර තවත් හමුවක් බ්‍රහස්පතින්දා (26) ජිනීවා හිදී පැවැත්වීමට නියමිත ය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/23/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Tehran is ready for nuclear concessions if US meets demands, Iranian official says

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුද්ධය වලක්වා ගැනීමට ඉරානය දැඩි ප්‍රයත්නයක | The Leader