BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

කිම් ජොං උන් යළිත් උතුරු කොරියා පාලක කම්කරු පක්ෂ මහ ලේකම් ධුරයට

T

The Leader Desk

February 23, 2026 • 7:53 AM

කිම් ජොං උන් යළිත් උතුරු කොරියා පාලක කම්කරු පක්ෂ මහ ලේකම් ධුරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂ සම්මේලනයේදී, ජනපති, කිම් ජොං උන් යළි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තෝරා පත්කර ගැනේ.
  • කිම් ජොං උන්ගේ නායකත්වය යටතේ රටේ සම්භාවනීයත්වය වර්ධනය වූ  බවත්, එරට හමුදාව ශක්තිමත් සහ විශේෂ බලකායක් බවට පත් කළ බවත් KCNA රාජ්‍ය පුවත් සේවය අද (23) පැවසීය.
  • තව ද, ඔහුගේ නායකත්වය යටතේ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික යුද ශක්‍යතා වර්ධනය වූ බවද එහි සඳහන් ය.
  •  ඇතැම් පක්ෂ නීති සංශෝධනද අනුමත කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම  තීරණයත් සමග උතුරු කොරියානු නායකයා සතු පූර්ණ බලය තවදුරටත් තහවුරු කෙරේ. එය පාලක පක්ෂය මත, රටේ අභ්‍යන්තර ස්ථාවරත්වය පිළිබඳ දැඩි  විශ්වාසය පල කිරීමකැයි, දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

කිම් ජොං උන්ගේ නායකත්වය යටතේ රටේ සම්භාවනීයත්වය වර්ධනය වූ  බවත්, එරට හමුදාව ශක්තිමත් සහ විශේෂ බලකායක් බවට පත් කළ බවත් KCNA රාජ්‍ය පුවත් සේවය අද (23) පැවසීය. තව ද, ඔහුගේ නායකත්වය යටතේ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික යුද ශක්‍යතා වර්ධනය වූ බවද එහි සඳහන් ය.

north
උතුරු කොරියානු නායකයා, පක්ෂ මහ ලේකම් ධුරයේ යළි තේරී පත්වීම, ඔහු  'අර්බුධ කළමනාකරණ’ අවධිය අවසන් කර, දිගුකාලීන ස්ථාවර පාලනයකට පිවිසීමකැයි, එරට දේශපාලන අධ්‍යයන වෘත්තිකයෝ පවසති.

මෙම සම්මේලනයේදී පක්ෂ මධ්‍යම කමිටුවට නව සාමාජිකයින් ද තේරී පත් විය.  ඇතැම් පක්ෂ නීති සංශෝධනද අනුමත කෙරිණි. සවිස්තර සංශෝධන මෙතෙක් අනාවරණය කර නැත. පැරණි නායක මණ්ඩලයට අයත් ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කමිටුවෙන් ඉවත් කිරීමට ද පියවර ගැනිණි.

 

north 2
කිම් ජොං උන්ගේ තරුණ  දියණිය, 'ජු ඒ' මෙම සම්මේලනයට සහභාගී වී දැයි තතු අනාවරණය නොවේ. ඇය අනාගත නායකත්වය සඳහා සූදානම් කෙරෙමින් ඇතැයි විශ්වාස කෙරේ.  

සෑම වසර පහකට වරක් පැවැත්වෙන මෙම සම්මේලනයට මෙවර, පක්ෂය නියෝජනය කරමින් නියෝජිතයෝ 5,000 ක් සහභාගී වූහ. නව අභ්‍යන්තර හෝ විදේශ ප්‍රතිපත්ති ප්‍රකාශයන් එළි දැක්වීම සම්බන්ධයෙන්, එම  සම්මේලනය, දකුණු කොරියාවේ දැඩි නිරීක්ෂණයට බඳුන් විය.

මෙතෙක් එවන් විශේෂිත නව ප්‍රතිපත්ති කිසිත් ප්‍රකාශ ව නොමැති අතර, උතුරු කොරියාව ආර්ථික අර්බුදය ජය ගත් බවට සහ රට සැම විටම පක්ෂ නායකත්වය යටතේ ඉදිරියට ගමන් කළ බව පමණක් සම්මේලනය මගින් අවධාරණය කර තිබේ.

 



(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

North Korea's ruling party re-elects Kim Jong Un general secretary

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...