BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

දකුණු කොරියාවේ රුසියානු යුද බැනරයක් නිසා අවුලක්

T

The Leader Desk

February 23, 2026 • 10:14 AM

 දකුණු කොරියාවේ රුසියානු යුද බැනරයක් නිසා අවුලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ජයග්‍රහණය අප සතුවේ" යනුවෙන් සියොල් අගනුවර රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රදර්ශනය කර ඇති විශාල ප්‍රමාණයේ බැනරයක් වහා ඉවත් කර ගන්නා ලෙස දකුණු කොරියා රජය ඊයේ (22) එම තානාපති කාර්යාලයට දැන්වීය.
  • යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය අනීතික බව දකුණු කොරියා විදේශ අමාත්‍යංශය අවධාරණය කරයි.
  •   රුසියාව සහ උතුරු කොරියාව අතර හමුදා සහයෝගිතාව වහා අවසන් කළ යුතු බවද දකුණු කොරියා විදේශ අමාත්‍යංශය කියා සිටී.
  • එම සහයෝගිතාව දකුණු කොරියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව අවධාරණය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම සතියේ රුසියානු - යුක්‍රේන යුද්ධයේ සිව් වන සැමරුම යෙදී ඇත.

රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රදර්ශිත බැනරයේ දිග මීටර 15ක් පමණ වේ. එය එම කාර්යාලයේ පිටත බිත්තියේ ඉහළ සිට පහතට කඩා හැලෙන සේ ප්‍රදර්ශනය කර තිබේ.

zY4NN8uo
යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය අනීතික බව දකුණු කොරියා විදේශ අමාත්‍යංශය අවධාරණය කරයි.  

රුසියාව සහ උතුරු කොරියාව අතර හමුදා සහයෝගිතාව වහා අවසන් කළ යුතු බවද දකුණු කොරියා විදේශ අමාත්‍යංශය කියා සිටී. එම සහයෝගිතාව දකුණු කොරියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව අවධාරණය කර තිබේ. රුසියානු ආක්‍රමණය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ එම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නකැයි විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

රුසියානු කර්ස්ක් කලාපයේ එම හමුදාවන්ට සහාය පල කෙරෙන උතුරු කොරියානු හමුදා සභාගිත්වය පිලිබඳ මෙම මස මුල, දකුණු කොරියාවේ රුසියානු තානාපති ජෝර්ජි සිනොවියෙව් සිය ප්‍රසාදය පල කළේය.

r346345567
2024 වසරේ රුසියාව සමග එළැඹි අන්‍යොන්‍ය ආරක්ෂක ගිවිසුමකට අනුව උතුරු කොරියාව, යුක්‍රේනයට එරෙහි රුසියාවේ සහාය පිණිස භටයින් 14,000ක් පිටත් කර හැරීය. ඉන් 6000ක් රණ බිමේදී ජීවිතක්ෂයට පත් වූහ.

සියොල් නුවර රුසියානු තානාපති කාර්යාලයෙන් බැනරය ඉවත් කර ගැනීම පිලිබඳ අද දිනය (23) වන විටත් ප්‍රතිචාර නැතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි. ඒ පිලිබඳ එම පුවත් සේවය කළ දුරකථන විමසීමකදී, අද ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බැවින් තානාපති කාර්යාලය වසා ඇති බවට ස්වයංක්‍රීය පිළිතුරක් ලද බව ද එම පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කරයි.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

South Korea urges Russian embassy to remove 'victory' banner as Ukraine war anniversary nears

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...