BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරාන හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ

T

The Leader Desk

February 24, 2026 • 10:12 AM

ඉරාන හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන යුද හමුදා හෙලිකොප්ටරයක් අද (24) එරට ඉස්ෆහාන් පළාතේ පළතුරු වෙළඳපොළකට කඩා වැටී අනතුරක් සිදු විය.
  •   ඉරානය සතුව ඇත්තේ ඉතා දුර්වල ගුවන් ආරක්ෂක ඉතිහාසයකැයි විශේෂඥයෝ පවසති.
  • එම බොහොමයක් අනතුරුවලට හේතුව 1979 ඉරාන විප්ලවයට පෙර මිලදී ගත් යානා තවමත් පරිහරණය කිරීමය.
  • පසු ගිය සතියේද ඉරාන ගුවන් හමුදාවට අයත්, එක්සත් ජනපදයේ නිෂ්පාදිත F-4 ප්‍රහාරක යානයක් ගුවන් පුහුණු පියාසැරියක් අතර එරට හමදාන් පළාතේදී කඩා වැටිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


අනතුරින් එහි නියමුවා, සහායක නියමුවා සහ වෙළඳුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

එම පළාතේ ඩර්චේ නගරයේ දී එම අනතුර සිදු විය. අනතුරින් හටගත් ගින්න හදිසි සේවා මැදිහත්ව නිවා දැමීමට කටයුතු කෙරිණි.

 

ඉරානය සතුව ඇත්තේ ඉතා දුර්වල ගුවන් ආරක්ෂක ඉතිහාසයකැයි විශේෂඥයෝ පවසති. එහි නිරන්තර ගුවන් අනතුරු වාර්තා වන්නේය. එම බොහොමයක් අනතුරුවලට හේතුව 1979 ඉරාන විප්ලවයට පෙර මිලදී ගත් යානා තවමත් පරිහරණය කිරීමය. ඒවා නඩත්තුවට අවැසි නියම අමතර කොටස් මේ වන විට නිෂ්පාදනයෙන් බැහැරව පවතී.

පසු ගිය සතියේද ඉරාන ගුවන් හමුදාවට අයත්, එක්සත් ජනපදයේ නිෂ්පාදිත F-4 ප්‍රහාරක යානයක් ගුවන් පුහුණු පියාසැරියක් අතර එරට හමදාන් පළාතේදී කඩා වැටිණි. ඉන්, එහි ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත් විය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Iranian military helicopter crashes into fruit market, four dead

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...