BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික මැන්ඩල්සන් සාමිවරයාට ඇප

T

The Leader Desk

February 24, 2026 • 11:12 AM

අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික මැන්ඩල්සන් සාමිවරයාට ඇප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍යයේ හිටපු අමාත්‍යවරයෙකු සහ ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ලෙස සේවය කළ මැන්ඩල්සන් සාමිවරයා රාජ්‍ය රහස් අනාවරණය පිලිබඳ සැකපිට ඊයේ (23) අත්අඩංගුවට පත් විය.
  •   එම චෝදනා සම්බන්ධයෙන් මැන්ඩල්සන් සාමිවරයා  පසුගිය සති කිහිපයේ ප්‍රසිද්ධියේ කිසිත් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
  • තමා නීතිවිරෝධී කිසිදු ක්‍රියාවක් සිදු නොකළ බවත් කිසිවිටෙක මූල්‍ය ප්‍රතිලාභ අපේක්ෂාවෙන් කටයුතු නොකළ බවත් ඔහුගේ ස්ථාවරය විය.
  • 2003දී එප්ස්ටීන්ගේ 50 වන උපන්දිනයට ප්‍රකාශයට පත් ග්‍රන්ථයෙක, "ඔහු මගේ හොඳම  මිතුරා" ලෙස සඳහන් කරමින් මැන්ඩල්සන් සාමිවරයා විසින් ලියන ලද ලිපියක්ද ඇතුළත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත්, ඊට පැය කිහිපයට පසු  වැඩිදුර විමර්ශන අවසන් වන තෙක් ඔහු ඇප මත නිදහස් කෙරිණි.

මැන්ඩල්සන් සාමිවරයා අත්අඩංගුවට පත් වූයේ 2019 වසරේ ජීවිතක්ෂයට පත් මුල්‍ය ව්‍යාපාරිකයෙකු සහ ලිංගික අපරාධකරුවකු වූ ජෙෆ්‍රි එප්ස්ටීන්ට, මූල්‍ය වෙළඳපොළ සම්බන්ධ සංවේදී රාජ්‍ය තොරතුරු ලබාදුන් බවට චෝදනා මත ය.

mand984

 

එම චෝදනා සම්බන්ධයෙන් මැන්ඩල්සන් සාමිවරයා  පසුගිය සති කිහිපයේ ප්‍රසිද්ධියේ කිසිත් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. තමා නීතිවිරෝධී කිසිදු ක්‍රියාවක් සිදු නොකළ බවත් කිසිවිටෙක මූල්‍ය ප්‍රතිලාභ අපේක්ෂාවෙන් කටයුතු නොකළ බවත් ඔහුගේ ස්ථාවරය විය.

ඔහු ටෝනි බ්ලෙයාර් සහ ගෝඩන් බ්‍රවුන් යන හිටපු බ්‍රිතන්‍ය අගමැතිවරුන්ගේ රජයන් යටතේ විවිධ අමාත්‍ය ධුර දැරීය.

ඔහු සහ ජෙෆ්‍රි එප්ස්ටීන් අතර තිබූ සබඳතාවය එකල ද ප්‍රසිද්ධ රහසකි. 2003දී එප්ස්ටීන්ගේ 50 වන උපන්දිනයට ප්‍රකාශයට පත් ග්‍රන්ථයෙක, "ඔහු මගේ හොඳම  මිතුරා" ලෙස සඳහන් කරමින් මැන්ඩල්සන් සාමිවරයා විසින් ලියන ලද ලිපියක්ද ඇතුළත් විය. පසුව, 2008දී එප්ස්ටීන් ලිංගික අපරාධ චෝදනාවන්ට මුහුණ දෙන සමයේ, මැන්ඩල්සන් සාමිවරයා ඔහුට සහය දක්වමින් ඊමේල් පණිවුඩ යවා ඇති බව ද හෙළිවිය.

2003–2004 සමයේ එප්ස්ටීන් විසින් මැන්ඩල්සන් සාමිවරයාට අයත් ගිණුම් වෙත ඩොලර් 75,000ක මුදලක් ගිණුම් ගත කර ඇතැයි ද පසුව අනාවරණය විය. ඒ පිලිබඳ හෙළිව ඇති දෑ සත්‍යදැයි නොදන්නා බවත්, සහ එවැනි මුදලක් ලැබුණු බවට මතකයේ නැති බවත් ඔහු පවසයි.

 

Britain Epstein Mandelson
 2009 වසරේ  මැන්ඩල්සන් සාමිවරයාගේ සහකරුට අධ්‍යාපන ගාස්තු සඳහා එප්ස්ටීන් විසින් පවුම් 10,000ක මුදලක් යවා ඇති බවට ද ඊමේල් තොරතුරු අනාවරණය විය. එම චෝදනා සහ සබඳතා හේතුවෙන්, මැන්ඩල්සන් සාමිවරයා කම්කරු පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය.

එක්සත් ජනපද අනාවරණ අනුව, මැන්ඩල්සන් සාමිවරයා 2009 වසරේ බ්‍රිතාන්‍ය ව්‍යාපාර කටයුතු අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ සමයේ ඔහු එප්ස්ටීන්ට මූල්‍ය වෙළඳපොළ සංවේදී  රාජ්‍ය රහස් සම්පාදනය කළ බවට සැක පවතී. යුරෝ මුදල් ඒකකය බේරා ගැනීම සඳහා සූදානම් කළ යුරෝ බිලියන 500ක ආධාර පැකේජය සහ බැංකු කරුවන්ගේ ප්‍රසාද දීමනා මත විශේෂ බද්දක් පැනවීමේ සැලසුම් පිලිබඳ පුර්ව තොරතුරු අනාවරණය ඒ අතර වේ.

mamn8ryy

 

මෙම චෝදනා සම්බන්ධයෙන් ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීසිය අපරාධ පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඔහු ඇප මත මුදාහළ ද විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

එම විමර්ශනයන් හි රහස්‍ය භාවය සුරකිණු පිණිස තවමත් ඒ පිලිබඳ  වැඩිදුර තොරතුරු අනාවරණය  කළ නොහැකි බවද පොලිසිය කියයි.

 



(සටහන |BBC ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Lord Mandelson arrest - how did we get here?

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...