BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජපන් මාධ්‍යවේදියෙක් ඉරාන අත්අඩංගුවේ

T

The Leader Desk

February 25, 2026 • 5:35 AM

ජපන් මාධ්‍යවේදියෙක් ඉරාන අත්අඩංගුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන අත්අඩංගුවේ පසුවන ජපන් ජාතිකයකු වහා නිදහස් කරන ලෙස ජපන් රජය අද (25) දන්වා සිටියේය.
  • මසනාවෝ ඕසකී මේ අතර, එම සිදුවීම පිලිබඳ වාර්තා කළ රේඩියෝ ෆ්‍රී යුරෝප් (Radio Free Europe ) ගුවන් විදුලි සේවය, ඉරාන අත්අඩංගුවට පත්ව ඇත්තේ, ජපානයේ එන්.එච්.කේ.
  • (NHK) රූපවාහිනියේ ටෙහෙරාන් කාර්යාංශ ප්‍රධානී ෂිනොසුකේ කවෂිමා (Shinnosuke Kawashima) බව අනාවරණය කළේය.
  • ඉරාන රජයේ අත්අඩංගුවට පත් කවෂිමා, පසුව ටෙහෙරාන් බන්ධනාගාරයක් වෙත මාරු කර ඇතැයි එහිදී හෙළි විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ පිලිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජපාන නියෝජ්‍ය ප්‍රධාන කැබිනට් ලේකම්, මසනාවෝ ඕසකී, පසුගිය ජනවාරි 20 දා එම ජපන් ජාතිකයා ඉරාන රජය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසීය. ඒ පිලිබඳ වැඩි දුර තොරතුරු අනාවරණය ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

thumb 800xauto 104440 fileමසනාවෝ ඕසකී

මේ අතර, එම සිදුවීම පිලිබඳ වාර්තා කළ රේඩියෝ ෆ්‍රී යුරෝප් (Radio Free Europe ) ගුවන් විදුලි සේවය, ඉරාන අත්අඩංගුවට පත්ව ඇත්තේ, ජපානයේ එන්.එච්.කේ. (NHK) රූපවාහිනියේ ටෙහෙරාන් කාර්යාංශ ප්‍රධානී ෂිනොසුකේ කවෂිමා (Shinnosuke Kawashima) බව අනාවරණය කළේය. ඉරාන රජයේ අත්අඩංගුවට පත් කවෂිමා, පසුව ටෙහෙරාන් බන්ධනාගාරයක් වෙත මාරු කර ඇතැයි එහිදී හෙළි විය.

සිය කාර්ය මණ්ඩල සාමාජිකයකු ඉරාන රැඳවුම් භාරයේ පසු වන බව තහවුරු කිරීම එන්.එච්.කේ. රූපවාහිනිය ප්‍රතික්ෂේප කළේය. සිය සාමාජිකයින් පිලිබඳ ආරක්ෂාව ප්‍රමුඛස්ථානයේ ලා කටයුතු කරන බැවින් මේ අවස්ථාවේ ඒ පිලිබඳ කිසිත් ප්‍රකාශ කළ නොහැකි බව එමගින් වැඩි දුරටත් දන්වා තිබේ.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Japan demands swift release of national detained in Iran

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...