BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ලොවම මවිතයට පත්කරමින් සිදුවු ආශ්චර්යමත් දරු උපතක්

T

The Leader Desk

February 25, 2026 • 4:39 AM

ලොවම මවිතයට පත්කරමින් සිදුවු ආශ්චර්යමත් දරු උපතක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මියගිය දායකයෙකුගෙන් බද්ධ කරන ලද ගර්භාෂයක් තුළ බ්‍රිතාන්‍යයේ පළමු දරුවා මෙලොව එළිය දැක තිබේ.
  • උපතේදී දරුවාගේ බර කිලෝග්‍රෑම් 3.1ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
  • දරුවාගේ මව වන 30 හැවිරිදි ග්‍රේස් බෙල්, උපතින්ම ගර්භාෂය පිහිටා නොතිබෙන Mayer-Rokitansky-Kuster-Hauser නමැති දුර්ලභ රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙකි.
  • යොවුන් වියේදීම තමන්ට කිසිදා මවක් විය නොහැකි බව ඇය දැනගත් බවත් එදින රෝහල් වැසිකිළියක් තුළට වී හඬා වැටුණු බවත් ඇය ඉතා සංවේදී පවසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

හියුගෝ පවෙල් (Hugo Powell) නම් මෙම පිරිමි දරුවා පසුගිය දෙසැම්බර් මාසයේදී ලන්ඩනයේ 'ක්වීන් චාලට් සහ චෙල්සි' රෝහලේදී සිසේරියන් සැත්කමක් මඟින් මෙලස උපත ලැබීය. උපතේදී දරුවාගේ බර කිලෝග්‍රෑම් 3.1ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

දරුවාගේ මව වන 30 හැවිරිදි ග්‍රේස් බෙල්, උපතින්ම ගර්භාෂය පිහිටා නොතිබෙන Mayer-Rokitansky-Kuster-Hauser නමැති දුර්ලභ රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙකි.

hugo 1
යොවුන් වියේදීම තමන්ට කිසිදා මවක් විය නොහැකි බව ඇය දැනගත් බවත් එදින රෝහල් වැසිකිළියක් තුළට වී හඬා වැටුණු බවත් ඇය ඉතා සංවේදී පවසා ඇත.

මෙම අසීරු ගමන පිළිබඳව අදහස් දක්වමින් ඇය මෙසේ පැවසුවාය:

"මේක ආශ්චර්යක්. මම කවදාවත් හිතුවේ නැහැ මෙය කළ හැකි වෙයි කියලා. මගේ ජීවිතයේ සතුටුම දවස අදයි."

hugo 2

මෙම දරු උපත සඳහා ගර්භාෂය ලබා දී ඇත්තේ මියගිය තරුණියක විසිනි. ඇයගේ ගර්භාෂයට අමතරව තවත් අවයව 5ක් පුද්ගලයන් සිව්දෙනෙකුට බද්ධ කර ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට දායක වී ඇති බව සඳහන් වේ.

තමන්ට මව් පදවිය ලබාදීමට මූලික වූ එම නාඳුනන දායකයා සහ ඇයගේ පවුලේ අය පිළිබඳව ග්‍රේස් බෙල් මහත් ගෞරවයෙන් සිහිපත් කර තිබේ.

 "ඇයගේ මව්පියන් තම දියණිය අහිමි වීමේ වේදනාවෙන් සිටියත්, ඇය කළ මෙම උදාර පරිත්‍යාගය නිසා මට මගේ ජීවිත කාලය පුරා තිබූ සිහිනය සැබෑ කරගන්න ලැබුණා," යැයි ඇය විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

hugo 3
යුරෝපයේ මියගිය දායකයෙකුගෙන් ලබාගත් ගර්භාෂයකින් දරුවෙකු බිහි වූ තෙවන අවස්ථාව මෙය බව සඳහන් වේ.

බ්‍රිතාන්‍යයේ මීට පෙර ජීවතුන් අතර සිටින දායකයෙකුගෙන් (සහෝදරියකගෙන්) ලබාගත් ගර්භාෂයකින් දරුවෙකු බිහි වී තිබුණද, මියගිය අයෙකුගෙන් ලබාගත් ගර්භාෂයකින් දරුවෙකු බිහි වූ පළමු අවස්ථාව මෙය බව පැවසේ.

මුලින් දරුවෙකු ලබා ගැනීම සඳහා 'කුලියට දරු ගැබක්' (Surrogacy) ලබා ගැනීමේ අදහසින් සිටි ග්‍රේස් බෙල්, පසුව බ්‍රිතාන්‍යයේ ගර්භාෂ බද්ධ කිරීමේ වැඩසටහනට සම්බන්ධ වී උතුම් මව් පදවිය ලැබීමට වාසනාවන්ත විය.



| adaderana

මුලාශ්‍ර :

Meet Hugo, the first baby born in the UK after womb transplant from dead donor

'Simply A Miracle': Baby Boy Born To UK Mother After Womb Transplant From Dead Donor

Historic birth at Queen Charlotte’s and Chelsea Hospital

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...