BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරාන - චීන මිසයිල ගනුදෙනුවක් ගැන තතු එලියට

T

The Leader Desk

February 25, 2026 • 6:41 AM

ඉරාන - චීන මිසයිල ගනුදෙනුවක් ගැන තතු එලියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන - චීන මිසයිල ගනුදෙනුවක් පිලිබඳ තතු අනාවරණය කෙරේ.
  • ඉරානය විසින් චීනයේ නිෂ්පාදිත CM‑302 වර්ගයේ මිසයිල මිලදී ගැනීමේ ගනුදෙනුව දැනටමත් අවසන් බව විදෙස් මාධ්‍ය පවසයි.
  • ශබ්ධයේ වේගය පරයා ගමන් කරන මෙම සුපර්සොනික් මිසයිල වලට කි.මී.290ක පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත  පහසුවෙන් ලඟා වීමේ හැකියාව පවතී.
  • එය කලාපයේ රඳවා ඇති එක්සත් ජනපද නාවුක බලමුළු වෙත ප්‍රබල තර්ජනයක් බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, චීනයේ නිෂ්පාදිත යුද නෞකා නාශක කෲස් මිසයිල මිලදී ගැනීම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා පැවති බවට තොරතුරු අනාවරණය වේ.  

මේ  වන විට, ඉරානය ආසන්නයේ එක්සත් ජනපද නාවුක බල මුළු තව දුරටත් තර කෙරෙමින් පවතී. ඔවුහු ඉස්ලාමීය රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමින් පසුවෙති.

cm 302

ඉරානය විසින් චීනයේ නිෂ්පාදිත CM‑302 වර්ගයේ මිසයිල මිලදී ගැනීමේ ගනුදෙනුව දැනටමත් අවසන් බව විදෙස් මාධ්‍ය පවසයි. එම සැපයුම් සිදු කරන දින වකවානු පිලිබඳ මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැත. ශබ්ධයේ වේගය පරයා ගමන් කරන මෙම සුපර්සොනික් මිසයිල වලට කි.මී.290ක පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත  පහසුවෙන් ලඟා වීමේ හැකියාව පවතී. නෞකා රේඩාර් හෝ අන් ආරක්ෂක පද්ධතීන්ට හසු නොවන සේ ඉතා වේගයෙන් පහළින් ඇදී යාමේ හැකියාව ඒ සතු ය. එම මිසයිල මගින් ඉරානයේ ප්‍රතිප්‍රහාර ශක්‍යතා ප්‍රවර්ධනය කෙරේ. එය කලාපයේ රඳවා ඇති එක්සත් ජනපද නාවුක බලමුළු වෙත ප්‍රබල තර්ජනයක් බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

cm 457

චීනයෙන් එම මිසයිල පද්ධති මිලදී ගැනීම පිලිබඳ දෙරට සාකච්ඡා ඇරඹියේ මීට දෙවසරකට පෙර පමණ බව ද වාර්තා වේ. ඉකුත් ජුනි මස දින 12ක් පුරා පැවති  ඊශ්‍රායල - ඉරාන යුද්ධයෙන් අනතුරුව ඒ පිලිබඳ පියවර කඩිනම් කෙරිණි. ඉකුත් ගිම්හානයේ එම සාකච්ඡා අවසන් අදියරට පැමිණියේය. ඒ වෙනුවෙන්  ඉරානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් චීනය බලා පිටත්ව ගියහ. එරට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, මසූද් ඔරේ ද ඒ අතර විය.  

සතුරු නෞකා වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සුපර්සොනික් මිසයිල මිලදී ගතහොත් යුද පිටිය උඩු යටිකුරු වෙතැයි ඊශ්‍රායල බුද්ධි විශ්ලේෂකයකු පැවසී යයි රොයිටර්ස් පුවත් සේවය පවසයි. එම මිසයිල නිෂ්ක්‍රීය කිරීම හෝ ඉලක්ක වෙත ලඟා වීම නවතාලීම එතරම් අපහසුය.

කෙසේ වෙතත්, මැද පෙරදිග උද්ගතව පවතින දැඩි නොසන්සුකාරී වාතාවරණය හේතුවෙන්, චීනය එම ගනුදෙනුව කඩිනමින් අවසන් කරනු ඇතැයි යන්න ද සැක සහිත ය.

157686392
"අපට අපගේ ජාත්‍යන්තර මිත්‍ර සන්ධානය සමග හමුදා සහ ආරක්ෂක ගිවිසුම් පවතිනවා. ඉන් ප්‍රයෝජන ගැනීමට මේ, හොඳම අවස්ථාවයි," ඉරාන විදෙස් අමාත්‍යංශ නිලධාරියකු උපුටා දක්වන රොයිටර්ස් පවසයි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Exclusive: Iran nears deal to buy supersonic anti-ship missiles from China

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...