BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මැද පෙරදිග යුද සූදානම

T

The Leader Desk

February 25, 2026 • 12:28 PM

මැද පෙරදිග යුද සූදානම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද ගුවන් යානා වාහක යූ එස් එස් ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් (USS Gerald R. Ford) නෞකාව ඊයේ (24) ග්‍රීසියේ ක්‍රීට් දිවයිනේ වරායක් වෙත පැමිණි අවස්ථාව. මැද පෙරදිග බලා යාත්‍රා කෙරෙන අතර, නෞකාවේ සනීපාරක්ෂක පහසුකම් අලුත්වැඩියාවක් පිණිස එය එහි පැමිණි බැව් සමාජ මාධ්‍යයේ සටහන් විය.
  • 2003 වසරේ ඉරාක යුද්ධය පිණිස මැද පෙරදිග, එක්සත් ජනපද හමුදා බලමුළු ශක්තිමත් කිරීමෙන් අනතුරුව එහි එම හමුදා අන් කවරදා හෝ නොවූ විරූ අයුරින් තර කෙරෙන ප්‍රථම අවස්ථාව මෙයයි.
  • පෘතුගාල පාලනය යටතේ පවතින ඇසෝරස් දිවයින් සමූහයේ ලසෙස්  ගුවන් කඳවුරේ පසුගිය 23 දා දිසි ගුවනේදී ප්‍රහාරක යානා වෙත ඉන්දන සපයන එක්සත් ජනපද බල ඇණියට අයත් තෙල් ප්‍රවාහන යානා පෙළක්.
  • එම ගුවන් කඳවුරේ එක්සත් ජනපද මෙහෙයුම් පිණිස එක්සත් ජනපදය විසින් අවසර ලබා ගැනීම අවශ්‍ය නැතැයි පෘතුගාල රජය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඉරානයට පහර දීමට සූදානම් වන එක්සත් ජනපද හමුදා බල සේනාහි නවතම සේයා රූ එකතුවක් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.  


මැදපෙරදිග කලාපයේ එක්සත් ජනපද හමුදා සිය නාවුක සහ ගුවන් අණසක තර කරමින් සිටිනාකාරය එහි දැක්වේ.

2003 වසරේ ඉරාක යුද්ධය පිණිස මැද පෙරදිග, එක්සත් ජනපද හමුදා බලමුළු ශක්තිමත් කිරීමෙන් අනතුරුව එහි එම හමුදා අන් කවරදා හෝ නොවූ විරූ අයුරින් තර කෙරෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

ME 1යූ එස් එස් ජෙරල්ඩ් ආර්. ෆෝ ර් ඩ් නෞකාව ජිබ්රෝල්ටා සමුද්‍ර සන්ධිය පසුකරමින් ග්‍රීසියේ ක්‍රීට් දිවයින බලා යාත්‍රා කරමින්.

ME 3පෘතුගාල පාලනය යටතේ පවතින ඇසෝරස් දිවයින් සමූහයේ ලසෙස්  ගුවන් කඳවුරේ පසුගිය 23 දා දිසි ගුවනේදී ප්‍රහාරක යානා වෙත ඉන්දන සපයන එක්සත් ජනපද බල ඇණියට අයත් තෙල් ප්‍රවාහන යානා පෙළක්. එහි පෙර බිමෙහි ගව රැළක් නිදහසේ තණ බුදිනු දක්නට ලැබේ.ME 4ලසෙස්  ගුවන් කඳවුරේ ධාවනය පථය මත එන එක්සත් ජනපදයට අයත්, එම හමුදා සහ පෘතුගාල හමුදා භාවිත කරන ගුවන් යානයක්. එම ගුවන් කඳවුරේ එක්සත් ජනපද මෙහෙයුම් පිණිස එක්සත් ජනපදය විසින් අවසර ලබා ගැනීම අවශ්‍ය නැතැයි පෘතුගාල රජය පවසයි.
ME 5පසුගිය 20 දා, බ්‍රිතාන්‍ය  රාජකීය ගුවන් හමුදාවට අයත් මිල්ඩෙන්හෝල් ගුවන් කඳවුර වෙත ලඟා වන එක්සත් ජනපද හමුදා ජෙට් යානයක්
ME 6පසුගිය 19 දා, බල්ගේරියාවේ සොෆියා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දිසි එක්සත් ජනපද හමුදා යානා පෙළක්.
ME 7අරාබි මුහුදේ යාත්‍රා කෙරෙන, එක්සත් ජනපද ප්‍රහාරක නෞකාවක සිට පසු ගිය 18 දා ලබා ගත් සේයාරුවෙක, එරට නාවුක හමුදාවට  අයත් ඉන්දන සැපයුම් යුද නෞකාවකි.  
ME 8රුසියාව සහ ඉරානය අතර නොබෝ දා පැවති ඒකාබද්ධ යුධ අභ්‍යාස පිලිබඳ ඡායාරූප ද මාධ්‍යට මුදා හැර තිබේ. දකුණු ඉරාන වෙරළ තීරයට ඔබෙන් ගමන් කළ එම යාත්‍රාවක සිට මිසයිලයක් මුදා හරිනයුර පසුගිය 17 දා ලබා ගත්  මෙම සේයා රුවෙහි දැක්වේ. 

(සටහන |RadioFreeEurope ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

A Military On The Move: US Hardware Spotted Amid Iran Tensions

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...