BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජනපති ට්‍රම්ප්ගේ දිගම කතාවේ ඉරාන අන්තර්ගතය

T

The Leader Desk

February 25, 2026 • 3:56 PM

ජනපති ට්‍රම්ප්ගේ දිගම කතාවේ ඉරාන අන්තර්ගතය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25), එරට තත්ත්වය පිලිබඳ ඉතිහාසයේ දීර්ඝතම දේශනය පැවැත්වීය.
  • ඔහු පැයකුත් මිනිත්තු 50ක ට ආසන්න කාලයක් කතා කළේය.
  • සිය පාලන සමය එක්සත් ජනපදයේ 'රන් යුගයක්' බව ඔහු සඳහන් කළේය.
  • ඉරානය යනු සෘජු සහ තත්‍ය තර්ජනයක් බව ඔහු කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අසාර්ථක වේ නම්, ඉරානයට පහර දෙන බව ඔහු එහිදී යළි අවධාරණය කළේය.

ඔහු පැයකුත් මිනිත්තු 50ක ට ආසන්න කාලයක් කතා කළේය. සිය පාලන සමය එක්සත් ජනපදයේ 'රන් යුගයක්' බව ඔහු සඳහන් කළේය.

ඔහුගේ දේශනය, නොවැම්බරයේ එන මධ්‍ය වාර මැතිවරණයට පෙර, දේශීය ප්‍රතිපත්ති පිලිබඳ  සිදු කළ මනා විග්‍රහයකි. විදෙස් කටයුතු, එම ප්‍රතිපප්ත්ති මෙන්ම ගෝලීය ආරක්ෂාව පිළිබඳව කරුණු ද එහි අඩංගු විය.

 ජනපතිවරයා, ඉරානය පිලිබඳ කතාවට මිනිත්තු කිහිපයක්ම වෙන් කළේය. ඉරානය යනු සෘජු සහ තත්‍ය තර්ජනයක් බව ඔහු කියා සිටියේය. ඉකුත් ජුනි මස ඒ වෙත පහර දුන් බව ඔහු සිහි කැඳවීය.

"ඒ මෙහෙයුම, එනම්, "මැදියම්-රැයේ යකුළු පහරින්" පස්සෙ, යළි කෙදිනකවත් ඔවුන්ගේ අවි වැඩසටහන ප්‍රවර්ධනය නොකරන ලෙස අප ඔවුන්ට තරයේ කියා සිටියා. විශේෂයෙන්ම, න්‍යෂ්ටික වැඩසටහන. කෝ, ඇහුවේ නෑ.. ඔවුන් දැන් ඒක ආපහු පටන් අරන්.

මට ඕනෙ මේක ප්‍රජාතන්ත්‍රවාදීව විසඳන්න. හැබැයි එකක් ඉස්තිරයි. මේ ලෝකේ ඉන්න අංක එකේ ත්‍රස්ත අනුග්‍රාහකයාට න්‍යෂ්ටික අවියක් තනන්න නම්, මම ඉඩ තියන්නෙ නෑ... ඒකට කොහෙත්ම  ඉඩ දෙන්න බෑ," ඔහු කියා සිටියේය.

මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපද හමුදා ශක්තිය අඛණ්ඩව තර කෙරෙමින් පවතී. හෙට (26) තවත්, ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතව තිබේ. මූලිකව මෙම  සියළු සාකච්ඡා ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ අරමුණු කර පැවැත්වේ. සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ විදුලි ජනනය වැනි සාමකාමී සංවර්ධන කටයුතු උදෙසා පමණකැයි ඉරානය කියයි.

"එක්සත් ජනපදයේ දශක ගණනක ප්‍රතිපත්තිය, ඉරානයට න්‍යෂ්ටික අවියක් හිමි වීමේ කිසිදු ඉඩක් නොතැබීමයි. දශක ගණනක ප්‍රතිපත්තිය එයයි,  එමමයි," ජනපති ට්‍රම්ප් පැවසීය.

1979 ඉරාන විප්ලවයෙන් පසු බිහි වූ එරට මූලධර්මවාදී පාලන තන්ත්‍රය පිළිබඳව ද ජනපතිවරයා අදහස් පළ කළේය. "මීට වුරුදු 47කට පෙර ඔවුන් එම අභිමානවත් දේශයේ බලය අල්ලා ගැනීමෙන් අනතුරුව, ඒ රෙජීමය සහ එහි මිනීමරු කල්ලි, ත්‍රස්තවාදය, මරණය සහ වෛරය හැර ව්‍යාප්ත කළ අන් කිසිත්  නෑ....," ඔහු කීය.

නොබෝදා හටගත් ජන අරගලයේදී ඉරාන රජය 32,000කට ආසන්න සිය වැසියන්  ජන්ම භූමිය මත ඝාතනය කර ඇතැයි ජනපතිවරයා  චෝදනා කළේය.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවසන්නේ එම සංඛ්‍යාව 7000කට අධික බවය. එහෙත් ජන අරගලයේ සත්‍ය මරණ සංඛ්‍යාව ඊට වැඩි විය හැකි බවට සැක පල කෙරේ.

අද දේශනයේදී ජනපති ට්‍රම්ප් ඉරානය පිලිබඳ සිය අදහස් දැක්වීම අනතුරු ඇඟවීමකින් අවසන් කළේය. "ලොව කිසිදු රටක් එක්සත් ජනපදය පිලිබඳ කිසිදා කිසිදු සැකයක පසු නොවිය යුතු ය. මන්ද, මේ මිහිතලය මත ශක්තිමත්ම හමුදාව ඇත්තේ අප සතුව බැවිණි."

ජනපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරානය ද පෙරලා ප්‍රතිචාර දැක්වීය. "ඔය කියන්නෙ පට්ටපල් බොරු," ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක එස්මයිල් බඝී සමාජ  මාධ්‍යයේ සටහන් තැබීය.

"ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, ඉරානයේ බැලස්ටික් මිසයිල සහ අරගලයේ පුද්ගල මරණ සංඛ්‍යාව ගැන එක්සත් ජනපදය පුන පුනා කියන සියල්ල මුසාවක්," ඔහු සඳහන් කළේය.

(සටහන |RadioFreeEurope ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Trump Vows In Address To 'Never Allow' Iran To Have Nuclear Weapons.


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...