BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉන්දීය අගමැති ඊශ්‍රායලයේ සංචාරයක

T

The Leader Desk

February 26, 2026 • 6:17 AM

ඉන්දීය අගමැති ඊශ්‍රායලයේ සංචාරයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (25) ඊශ්‍රායලයේ දෙදින නිල සංචාරයක් ඇරඹීය.
  • එහිදී, 2023 ඔක්තෝබර හමාස් ප්‍රහාරය පිලිබඳ ඊශ්‍රායලය වෙත සිය කණගාටුව ප්‍රකාශ කළ අගමැතිවරයා, ඉන්දියාව සෑම අවස්ථාවෙක ඊශ්‍රායලය සමග බව පැවසීය.
  • දෙරටම ත්‍රස්තවාදයේ කුරිරු හස්තයට හසුව ඇති බව, ඔහු ප්‍රකාශ කළේය.
  • රැඩිකල් ඉස්ලාම්වාදයෙන් ඊශ්‍රායලය මෙන්ම ඉන්දියාවද තර්ජනයට ලක්ව ඇතැයි ඔහු කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරාන - එක්සත් ජනපද යුද්ධයක් පිලිබඳ අන්තරායය මධ්‍යයේ ඉන්දීය නායකයාගේ මෙම සංචාරය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. දෙරට අතර ද්වී පාර්ශ්වීය සබඳතා තර කිරීම සහ කලාපීය ප්‍රවණතා සාකච්ඡා කිරීම සංචාරයේ අරමුණයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතීය. එහිදී, 2023 ඔක්තෝබර හමාස් ප්‍රහාරය පිලිබඳ ඊශ්‍රායලය වෙත සිය කණගාටුව ප්‍රකාශ කළ අගමැතිවරයා, ඉන්දියාව සෑම අවස්ථාවෙක ඊශ්‍රායලය සමග බව පැවසීය.

modi is 1

 

"ඔබ සේම අප ද ත්‍රස්තවාදය කිසිසේත් අනුමත කරන්නේ සහ දරා සිටින්නේ නැහැ. දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ ද නැහැ," අගමැති මෝදි කීය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ද ඊයේ පාර්ලිමේන්තුව අමතා කතා කළේය. දෙරටම ත්‍රස්තවාදයේ කුරිරු හස්තයට හසුව ඇති බව, ඔහු ප්‍රකාශ කළේය. රැඩිකල් ඉස්ලාම්වාදයෙන් ඊශ්‍රායලය මෙන්ම ඉන්දියාවද තර්ජනයට ලක්ව ඇතැයි ඔහු කියා සිටියේය.

 

ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රධානීට ආරාධනා නොකිරීම මත ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරු එම විශේෂ පාර්ලිමේන්තු සැසිය අවස්ථාවේ සභා ගර්භයෙන් පිටව ගියමුත් අගමැති මෝදි සභාව අමතන අවස්ථාවේ යළි පැමිණියහ. පාර්ලිමේන්තු කතානායකවරයා අගමැති නෙතන්යාහුගේ දක්ෂිණාංශික රජයේ පක්ෂ සාමාජිකයෙකි. ඔහු සහ ශ්‍රේෂ්ඨාධිකරණය අතර විරසකයක් පවතී.  

modi is 2

 

හින්දු ජාතිකවාදී මෝදි 2017 වසරේ ප්‍රථම වරට ඊශ්‍රායල සංචාරයක නිරත විය. එය ඉන්දීය ඉතිහාසයේ එරට අග්‍රාමාත්‍ය වරයකු විසින් සිදු කළ පළමු ඊශ්‍රායල නිල සංචාරය විය.

මෙවර ඔහු එහි සංචාරය කරන්නේ එක්සත් ජනපදය ඉරානයට පහරදීම පිණිස මැද පෙරදිග කලාපයේ යුද ශක්තිය තර කරන අතර වාරයේය. පෙන්ටගනය ඊශ්‍රායලයේ සහාය පිණිස එරට ආසන්නයේ මධ්‍යධරණී කලාපය වෙත ප්‍රහාරක යානා වාහක  දෙවන යුද නෞකාවක් ද පිටත් කර තිබේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/26/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

India's Modi visits Israel as US-Iran tensions mount

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...