BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

චීන හා ජර්මන් සබඳතා අලුත් කරමින් දෙරට නායකයන් අතර තීරණාත්මක හමුවක්

T

The Leader Desk

February 26, 2026 • 8:09 AM

චීන හා ජර්මන් සබඳතා අලුත් කරමින් දෙරට නායකයන් අතර තීරණාත්මක හමුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන ජනාධිපති ෂී ජින් පිං ජර්මන් චාන්සලර් Friedrich Merz හමු වී තිබෙනවා. ඒ ඊයේ(25) සවස බෙයිජිං හිදී.
  •   චීන ජනතාවට සුබ නව වසරක් පතමින් ජර්මන් චාන්සලර්වරයා එහිදී කියාසිටියේ චීන ජනතාව සාම්ප්‍රදායික නව වසර සමරමින් සිටින කාලයේ චීනයට පැමිණීමට ලැබීම පිළිබඳ තමන් සතුටු වන බවයි.
  • චීනය සමග පවතින සම්බන්ධතා ජර්මනිය ඉතා වැදගත් කොට සලකන බවත්, චීනය සමග එක්ව දෙර‍‍ට මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට කැමති බවත්, Friedrich Merz පවසා තිබෙනවා.
  • නිදහස් වෙළඳාම ආරක්ෂා කිරීම සහ ආරක්ෂණවාදය පිටුදැකීම වෙනුවෙන්  චීනය සමග සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද එහිදී ජර්මන් චාන්සලර්වරයා සඳහන් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය හා ලොව තුන්වන විශාලතම ආර්ථිකය හිමි ජර්මනිය අතර සම්බන්ධතා දෙරට යහපතට පමණක් නොව යුරෝපයට හා සමස්ත ලෝකයටම වැදගත් බව චීන ජනාධිපතිවරයා එහිදී කියාසිටියා. ද්විපාර්ශ්වික සබඳතා වඩාත් වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ චීන ජනාධිපතිවරයා  එහිදී යෝජනා තුනක් ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනා අනුව චීනය හා ජර්මනිය අන්‍යෝන්‍ය සහාය ලබාදෙන විශ්වසනීය හවුල්කරුවන් මෙන්ම අන්‍යෝන්‍ය විවෘතභාවය හා ප්‍රතිලාභ මත පදනම් වන නවෝත්පාදන හවුල්කරුවන් විය යුතුයි. එසේම, චීනය හා ජර්මනිය සංස්කෘතික වශයෙන් මනා අවබෝධයක් හා සමීපතාවක් තිබෙන හවුල්කරුවන් විය යුතුයි. ජාත්‍යන්තර කටයුතුවලදී බහුපාර්ශ්වවාදයේ ආරක්ෂාව, ජාත්‍යන්තර නීතියේ පාලනය, නිදහස් වෙළඳාම මෙන්ම ආරක්ෂාව සහ සහයෝගිතාව සඳහා ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බවත්, දෙරට එක්සත් ජාතීන් කේන්ද්‍ර කර ගෙන කටයුතු කළ යුතු බවත්, ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

WhatsApp Image 2026 02 26 at 9.18.38 AM 1

 

චීන ජනතාවට සුබ නව වසරක් පතමින් ජර්මන් චාන්සලර්වරයා එහිදී කියාසිටියේ චීන ජනතාව සාම්ප්‍රදායික නව වසර සමරමින් සිටින කාලයේ චීනයට පැමිණීමට ලැබීම පිළිබඳ තමන් සතුටු වන බවයි. චීනය සමග පවතින සම්බන්ධතා ජර්මනිය ඉතා වැදගත් කොට සලකන බවත්, චීනය සමග එක්ව දෙර‍‍ට මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට කැමති බවත්, Friedrich Merz පවසා තිබෙනවා.

ජාත්‍යන්තර තත්ත්වය බැරෑරුම් වෙනසකට භාජනය වෙමින් පවතින වත්මන් කාලයේ ජර්මනිය හා චීනය ‍ගෝලීය අභියෝගවලට මුහුණදීමේ පොදු වගකීමක් දරමින් සිටිනවා. නිදහස් වෙළඳාම ආරක්ෂා කිරීම සහ ආරක්ෂණවාදය පිටුදැකීම වෙනුවෙන්  චීනය සමග සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද එහිදී ජර්මන් චාන්සලර්වරයා සඳහන් කළා.

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද එහිදී නායක දෙපළ අදහස් හුවමාරු කර ගෙන ඇති අතර එම හමුවීමෙන් පසු දෙපාර්ශ්වය ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනයක් ද නිකුත් කළා.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චීන හා ජර්මන් සබඳතා අලුත් කරමින් දෙරට නායකයන් අතර තීරණාත්මක හමුවක් | The Leader