BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

අදත් ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා වටයක්

T

The Leader Desk

February 26, 2026 • 8:58 AM

අදත් ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා වටයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය සහ එක්සත් ජනපදය අතර නවතම සාකච්ඡා අද (26) ජිනීවා හිදී පැවැත්වේ.
  • ඉරානය න්‍යෂ්ටික අවියක් තැනීමට සූදානම් වන බව එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඊට සහාය දෙන බටහිර සන්ධානය චෝදනා කරයි.
  • ඉරානය නියෝජනය කරන්නේ විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි ය.
  • සිය අභිප්‍රාය, ගැටලුව ප්‍රජාතාන්ත්‍රිකව විසඳීම වුවත්, ඉරානය ඊට සවන් යොමු නොකරන්නේ නම්, පහර දෙන බව ජනපති ට්‍රම්ප් ඊයේ (25) සිය වාර්ෂික රාජ්‍ය දේශනයේදී අනතුරු ඇඟවීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉරාන න්‍යෂ්ටික ගැටලුව සාකච්ඡා හි මුඛ්‍ය තේමාවයි. එක්සත් ජනපදය මැද පෙරදිග කලාපයේ ගුවන්, නාවුක හමුදා බලය තර කරමින් සිටී.

ඉරානය න්‍යෂ්ටික අවියක් තැනීමට සූදානම් වන බව එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඊට සහාය දෙන බටහිර සන්ධානය චෝදනා කරයි. ටෙහෙරානය එම චෝදනා ප්‍රතික්ෂේප කර සිටී.

Iran US talks serious1

 

අද සාකච්ඡා පිණිස එක්සත් ජනපද පාර්ශවයෙන් ජනපති ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජනපති බෑණා වන ජෙරාඩ් කුෂ්නර් සහභාගී වෙති. ඉරානය නියෝජනය කරන්නේ විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි ය. ඕමාන විදේශ අමාත්‍ය, බදර් අල්බුසයිදි මැදහත් පාර්ශවකරුවාය.

සිය අභිප්‍රාය, ගැටලුව ප්‍රජාතාන්ත්‍රිකව විසඳීම වුවත්, ඉරානය ඊට සවන් යොමු නොකරන්නේ නම්, පහර දෙන බව ජනපති ට්‍රම්ප් ඊයේ (25) සිය වාර්ෂික රාජ්‍ය දේශනයේදී අනතුරු ඇඟවීය.

"ගනුදෙනුවේ විසඳුම අත ළඟ පැවතියද ඊට එකඟවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකින් ආමන්ත්‍රණය කරන්නේ නම්, පමණකැයි ඉරාන විදේශ අමත්‍යවරයා පවසයි.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US-Iran nuclear talks to resume in Geneva against backdrop of military threat

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...