BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පාකිස්ථානය ඇෆ්ඝනිස්ථානයට බෝම්බ හෙලයි

T

The Leader Desk

February 27, 2026 • 3:38 AM

පාකිස්ථානය ඇෆ්ඝනිස්ථානයට බෝම්බ හෙලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්ථානය අද අළුයම ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර සහ තවත් තදාසන්න පෙදෙස් දෙකක් වෙත ගුවනින් බෝම්බ හෙලීය.
  •  අගනුවරින් අවම වශයෙන් පිපිරීම් තුනක්වත් වාර්තා වන බව විදෙස් මාධ්‍ය  සඳහන් කරයි.
  • කාබුල්, කන්දහාර් සහ පක්ටිකා පෙදෙස් හි එම ප්‍රහාර  එල්ල විය.
  • පසුගිය ඉරිදා (22) පාකිස්ථාන හමුදා, දේශ සීමා ඔස්සේ සිදු කළ දැවැන්ත ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊයේ (26) එම හමුදා ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඇෆ්ඝනිස්ථානය කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


 ඇෆ්ඝනිස්ථාන හමුදා විසින් දේශ සීමාව හරහා පාකිස්ථාන හමුදා ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් පැය කිහිපයකට පසු එම දැවැන්ත ගුවන් ප්‍රහාරය එල්ල වී තිබේ.  

මේ අනුව, කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන පාකිස්ථාන - ඇෆ්ඝන් සටන් විරාම වැඩ පිළිවෙළ දැඩි අර්බුදයකට ලක්ව පවතී.

පාකිස්ථාන හමුදා ප්‍රහාර, කාබුල් නුවර හමුදා මර්මස්ථාන ඉලක්ක කර සිදු කර තිබේ.  අගනුවරින් අවම වශයෙන් පිපිරීම් තුනක්වත් වාර්තා වන බව විදෙස් මාධ්‍ය  සඳහන් කරයි. කාබුල්, කන්දහාර් සහ පක්ටිකා පෙදෙස් හි එම ප්‍රහාර  එල්ල විය.

 ප්‍රහාර හේතුවෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා නොවේ.

පසුගිය ඉරිදා (22) පාකිස්ථාන හමුදා, දේශ සීමා ඔස්සේ සිදු කළ දැවැන්ත ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊයේ (26) එම හමුදා ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඇෆ්ඝනිස්ථානය කියයි. එහිදී පාකිස්ථාන හමුදා මුරපොළ රැසක සිය බලය තහවුරු කළ බව ද ඇෆ්ඝන් හමුදා පවසති.

 




( සටහන: AP ඇසුරින්, හර්ෂ උදයකාන්ත පීරිස් )
27.02.2026


මුලාශ්‍රය :

Airstrikes hit Afghan capital of Kabul, hours after Afghanistan attacks Pakistan


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාකිස්ථානය ඇෆ්ඝනිස්ථානයට බෝම්බ හෙලයි | The Leader