BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මැලේසියා රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් !

T

The Leader Desk

February 27, 2026 • 3:07 PM

මැලේසියා රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැලේසියා රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් පිලිබඳ පොලිස් විමර්ශන ඇරඹේ.
  • එරට බලවත් පුද්ගලයකු සහ ජාත්‍යන්තර මාධ්‍ය ඒජන්සියක් කුමන්ත්‍රණයේ ප්‍රමුඛ හවුල් කරුවන් බවට අනාවරණය කර තිබේ.
  • එය ඉතා බරපතල තත්ත්වයක් බව රජයේ ප්‍රවෘත්ති  සාකච්ඡාවකදී සන්නිවේදන අමාත්‍ය, ෆහ්මි ෆඩ්සිල් පැවසීය.
  • පූර්ණ විමර්ශන කටයුතු පොලිසිය භාරයේ ඇතැයි ඔහු කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


රජය පෙරලා ජාතික ඒකාග්‍රතාව බිඳ දැමීමේ අරමුණින් එම කුමන්ත්‍රණය දියත් කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

එරට බලවත් පුද්ගලයකු සහ ජාත්‍යන්තර මාධ්‍ය ඒජන්සියක් කුමන්ත්‍රණයේ ප්‍රමුඛ හවුල් කරුවන් බවට අනාවරණය කර තිබේ.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙලීමේ බරපතල චෝදනා යටතේ මෙම සිදුවීම විමර්ශනය කෙරේ.

අධිකරණයේ වරදකරුවන් වන අයට එමගින් විසි වසරක සිර දඬුවම් පැනවීමේ හැකියාව පවතී.

රජය පෙරලීමේ කුමන්ත්‍රණය පිලිබඳ වැඩිදුර තොරතුරු පොලිසිය විසින් මෙතෙක් අනාවරණය කර නැත. එය ඉතා බරපතල තත්ත්වයක් බව රජයේ ප්‍රවෘත්ති  සාකච්ඡාවකදී සන්නිවේදන අමාත්‍ය, ෆහ්මි ෆඩ්සිල් පැවසීය. පූර්ණ විමර්ශන කටයුතු පොලිසිය භාරයේ ඇතැයි ඔහු කියා සිටියේය.

මැලේසියා නීතිපති කාර්යාලය විසින් කිසිදු බාධාවකින් තොරව වෘත්තීය තලයේ විමර්ශනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව දන්වා තිබේ.  
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Malaysia police launch probe into alleged plot to topple government


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...