BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරාන සාකච්ඡා ගැන ජනපති ට්‍රම්ප් නොසතුටින්

T

The Leader Desk

February 28, 2026 • 5:25 AM

ඉරාන සාකච්ඡා ගැන ජනපති ට්‍රම්ප් නොසතුටින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා පිලිබඳ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (27) සිය අප්‍රසාදය පල කළේය.
  • මැද පෙරදිග එක්සත් ජනපද හමුදා තර කර ඇති අතර ඔවුහු  ඕනෑම මොහොතක ඉරානයට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමේ පසුවෙති.
  • වොෂින්ටනය තර්ජනයක් සේ අවධාරණය කරන ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ වහා නවතා දමන ලෙස ඔහු ටෙහෙරානයට බල කරයි.
  •   දෙරට අතර බ්‍රහස්පතින්දා (26) ජිනීවාහිදී පැවති සාකච්ඡා තීරණයකින් තොරව අවසන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


 ඇතැම්විට, ඉරානයට පහර දීමට සිදු වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය. මැද පෙරදිග එක්සත් ජනපද හමුදා තර කර ඇති අතර ඔවුහු  ඕනෑම මොහොතක ඉරානයට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමේ පසුවෙති.

ජනපති ට්‍රම්ප් විසින් ඉරානය වෙත රාජ්‍ය තාන්ත්‍රික සහ හමුදා බලපෑම දැඩි කර තිබේ.

ඉරාන ජන අරගලයේදී සිදු කළ සමූල ඝාතන පිලිබඳ ඔහු දිගින් දිගටම එම රජයට චෝදනා එල්ල කර සිටී. වොෂින්ටනය තර්ජනයක් සේ අවධාරණය කරන ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ වහා නවතා දමන ලෙස ඔහු ටෙහෙරානයට බල කරයි.

 



දෙරට අතර බ්‍රහස්පතින්දා (26) ජිනීවාහිදී පැවති සාකච්ඡා තීරණයකින් තොරව අවසන් විය. එය ජනපති ට්‍රම්ප්ගේ ඉවසීමේ සීමාව තව දුරටත් හීන කරන්නකි. ඉරානයට ප්‍රහාර එල්ල කිරීම පිලිබඳ ඔහු තවමත් අවසන් තීරණයකට එළඹ නැත.

"තාමත් ඒ අය අත්‍යවශ්‍යම දේ කියන්නෙ නා. 'අපි න්‍යෂ්ටික අවියක් තනන්නෙ නෑ'... ඔය ටික පැහැදිලිව කිව්ව නම් ඉවරයි. ඒ හින්දා,   මගෙ  නම් ඔය සාකච්ඡා ගැන කිසිම පැහැදීමක් නෑ," ජනපතිවරයා ඊයේ පැවසීය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉරානය අනීතික පුද්ගල රැඳවුම් අනුග්‍රාහක රාජ්‍යයක් ලෙස නම් කර  ඇතැයි, එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද ඊයේ දැනුම් දුන්නේය.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Trump says of Iran: 'Sometimes you have to use force'


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...