BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරානයට ඊශ්‍රායලයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාරයක්: හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

T

The Leader Desk

February 28, 2026 • 8:07 AM

ඉරානයට ඊශ්‍රායලයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාරයක්: හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පූර්ව-ආරක්ෂිත පියවරක් ලෙස ඉරානයට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළේ ය.
  • ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා ගණනාවක් යොදා ගනිමින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිහිටි නටාන්ස් (Natanz) සහ ෆෝඩෝ (Fordow) ප්‍රදේශ වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇත.
  • ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉස්‍රායෙල් කැට්ස් අද (28) නිවේදනය කළේ සිය රටේ ආරක්ෂාවට එල්ල වී තිබූ තර්ජන මැඩපැවැත්වීම සඳහා ඉරානය තුළ පිහිටි ඉලක්ක වෙත (pre-emptive) ප්‍රහාරයක් දියත් කළ බවයි.
  • ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ටෙහෙරානයේ නොසිටි බවත් ඔහු ආරක්ෂිත ස්ථානයකට යොමු කර ඇති බවත් සමීප මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


"Operation Rising Lion" ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම හරහා ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා ගණනාවක් යොදා ගනිමින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිහිටි නටාන්ස් (Natanz) සහ ෆෝඩෝ (Fordow) ප්‍රදේශ වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇත.

28iran carousel fqvz threeByTwoMediumAt2X

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉස්‍රායෙල් කැට්ස් අද (28) නිවේදනය කළේ සිය රටේ ආරක්ෂාවට එල්ල වී තිබූ තර්ජන මැඩපැවැත්වීම සඳහා ඉරානය තුළ පිහිටි ඉලක්ක වෙත (pre-emptive) ප්‍රහාරයක් දියත් කළ බවයි.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ටෙහෙරානයේ නොසිටි බවත් ඔහු ආරක්ෂිත ස්ථානයකට යොමු කර ඇති බවත් සමීප මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබිණි.

මැද පෙරදිග කලාපය අලුත් ගැටුමකට මුලපුරයි ...

මෙම ප්‍රහාරයත් සමඟ බටහිර ආසියානු කලාපය හෙවත් මැද පෙරදිග කලාපය අලුත් ගැටුමකට තල්ලු වනු ඇතැයි බිය පළ වී තිබෙන අතර ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සහ ඉරානය අතර න්‍යෂ්ටික ආරවුලට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබාගැනීමට ඇති බලාපොරොත්තු සුන්වනු ඇත.

මේ අතර ඉදිරි පැය කිහිපයේදී ඇමෙරිකා එක්සත් ජනපදය ද, ඉරානයට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකානු නිලධාරියකු උපුටා දක්වමින් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි.

ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රතිප්‍රහාර (retaliatory strikes) සැලකිල්ලට ගනිමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා විසින් සමස්ත ඊශ්‍රායලය පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව ද වාර්තාවේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) විසින් සිවිල් වැසියන්ට බෝම්බ ආරක්ෂිත කුටි (bomb shelters) අසල රැඳී සිටින ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත් උපදෙස් දී තිබෙන අතර පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන තාවකාලිකව වසා දමා තිබේ.

 

මුලාශ්‍ර :

Live Updates: U.S. and Israel Conduct Strikes on Iran

US, Israel launch Operation Shield of Judah against Iran; explosions rock Tehran

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...