BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරාන නායකයා ඝාතනය කෙරේ

T

The Leader Desk

March 1, 2026 • 4:25 AM

ඉරාන නායකයා ඝාතනය කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ඇති ව ඉරානයට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයෙන්, ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලී කමේනි මරණයට පත්ව තිබේ.
  • එක්සත් ජනපදය සහ ඊශ්‍රයලය එක්ව ඊයේ (28) ඉරානයට ප්‍රහාර එල්ල කළහ.
  • ජනපති ට්‍රම්ප් එහි ජය සමරමින් ඉරාන නායකයා ඝාතනය කළ බව පැවසීය.
  • ප්‍රහාර අඛණ්ඩව සිදු කෙරෙන බව ද ඔහු කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ඝාතනය කළ බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

එක්සත් ජනපදය සහ ඊශ්‍රයලය එක්ව ඊයේ (28) ඉරානයට ප්‍රහාර එල්ල කළහ.

ජනපති ට්‍රම්ප් එහි ජය සමරමින් ඉරාන නායකයා ඝාතනය කළ බව පැවසීය. ප්‍රහාර අඛණ්ඩව සිදු කෙරෙන බව ද ඔහු කියා සිටියේය.

 



ඉරානය වෙත දෙරට ප්‍රහාර, ප්‍රධාන වශයෙන් එරට මිසයිල මධ්‍යස්ථාන සහ නාවුක බල ඇණි ඉලක්ක කර සිදු කෙරිණි.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර කරන ලෙස පුන පුනා කරන ලද දැන්වීම් නොතකා හැරීම හේතුවෙන් එම ප්‍රහාර දියත් කළ බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ෆ්ලොරීඩාවේ පිහිටි සිය මාර්-එ-ලාගෝ නිකේතනයේ සිට දෙරට හමුදා ඉරානයට පහර දෙනයුරු ජනපතිවරයා, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කළේය. අනතුරුව, ගුවන් ප්‍රහාර හමුවේ ඉරාන නායකයා ඝාතනය වූ බව හෙතෙම සමාජ මාධ්‍යයේ සඳහන්  කළේය.

ඛමෙනි ගේ මළ සිරුරු හමු වූ බවත්, අනතුරුව ජනපති ට්‍රම්ප් සිය ටෘත් සමාජ ගිණුමේ එය සනාථ කර ඇති බවත් ඉහළ පෙළ  ඊශ්‍රායල නිලධාරියකු විසින් පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

ඉරාන යුද්ධයෙන් එක්සත් ජනපද හමුදාවන්ටද අනතුරු සිදු විය හැකි බව, ජනපති ට්‍රම්ප් ඊයේ පවසා සිටියේය. යුද්ධය ආරම්භව පැය 12කින් අනතුරුවත් එතෙක්, එවැනි කිසිදු සිදුවීමක් වාර්තා නොවන බව, එක්සත් ජනපද මධ්‍යම අණ මූලය විසින් දැනුම් දී තිබේ.

 



අද සහ ඉදිරි දින කිහිපය තුළ ද ඉරානය වෙත ප්‍රහාර එල්ල කෙරෙන බව, එක්සත් ජනපදය පවසයි. ඉදිරි සතිය තුළ ඉරානයට අඛණ්ඩව දරුණු බෝම්බ ප්‍රහාර එල්ල කරන බව, ජනපති ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර ඇත. මැද පෙරදිග සහ ලොව පුරා සාමය උදාකරලීම පිණිස එය සිදු කරන බව ද ඔහු කියා සිටී.

ජනාධිපතිවරණය සමයේදී තමන් “සාමය උදෙසා කැපවූ ජනාධිපතිවරයකු” යැයි ප්‍රකාශ කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට මෙලෙස ප්‍රහාර එල්ල කිරීම හෙතෙම ධුරයට පත්වීමෙන් පසු ගන්නා ලද ඉතාම අවදානම් සහගතම විදෙස් ප්‍රතිපත්ති තීරණය යැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති. දශක ගණනාවක් මුළුල්ලේ ඉරානයෙන් පවතින තර්ජනය අවසන් කිරීම සඳහාත් ඉරාන න්‍යෂ්ටික අවියක් සංවර්ධනය කරගනිමින් එය අත්පත් කරගැනීම ඉඩ නොතැබීම සහතික කිරීම සඳහාත් මෙම ප්‍රහාර එල්ල කළ බව, සිය තීරණය සාධාරණීයකරණය කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසීය.

ආයුධ බිම තබන්නැයි ඉරාන ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා, මෙම ප්‍රහාරමාලාව අවසන් වූ පසුව ඉරාන රජය පෙරළා දමන්නැයි ඉරාන වැසියන්ට ආරාධනා කළේ ය.


trump6j6r76
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට අනුව, ඊශ්‍රායලය උත්තරීතර නායකයාගේ නිවාස සංකීර්ණයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඊශ්‍රායලයේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන්ට අනුව, ඉරාන උත්තරීතර නායකයාගේ සිරුර ද මේ වනවිට සොයාගෙන ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සෙනසුරාදා පෙරවරුවේ ඉරානයට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරය, ඔවුන් දශක ගණනාවකට පසුව කරන ලද වඩාත් අභිලාෂකාමී ප්‍රහාරය යැයි ද විදෙස් මාධ්‍ය හඳුන්වා දී තිබිණි.

පූර්ව-ආරක්ෂිත පියවරක් ලෙස ඉරානයට ප්‍රහාර එල්ල කළේ යැයි ඊශ්‍රායලය පෙබරවාරි 28 වැනිදා සෙනසුරාදා පෙරවරුවේ නිවේදනයේ කළේ ය. ඉන් ටික වේලාවකට පසුව, තමන්ද ඉරානයට පහර දෙන බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කළේ ය.

ඉරාන උත්තරීතර නායක අලි කමේනි “තවදුරටත් ජීවතුන් අතර නොමැති බවට” බොහෝ සංඥා හා සලකුණු ඇතැයි ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායාල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවැසීය. ඒ අනුව මෙම “වැඩය/කර්තව්‍යය” අවසන් කරන්නැයි ඔහුද ඉරාන වැසියන්ගෙන් ඉල්ලීය.

 ඉරාන උත්තරීතර නායක කමේනිගේ නිවාස සංකීර්ණය සහ එම පරිශ්‍රය විනාශ කර දමා ඇතැයි ද, ප්‍රහාරයෙන් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ ඉහළ පෙළේ අණදෙන නිලධාරීන් සහ න්‍යෂ්ටික කටයුතුවලට අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මියගොස් ඇතැයි ද ඊශ්‍රායාල අග්‍රාමාත්‍යවරයා කීය.

ඉරාන උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි යුද්ධයේ දී ඝාතනය වූ බව එරට මාධ්‍ය මීට ස්වල්ප වෙලාවකට පෙර තහවුරු කළේය.  

ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ප්‍රහාර, ප්‍රකෝපකාරී සහ නීති විරෝධී යැයි චෝදනා කළ ඉරානය, ප්‍රතිප්‍රහාර දක්වන බවත්, අදාළ අයුරින් ප්‍රතිචාර දක්වන බවත් අවධාරණය කළේ ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ කඳවුරු තිබෙන ගල්ෆ් රාජ්‍ය ඇතුළු අවම වශයෙන් රටවල් හතක ඉලක්ක වෙත ඉරානය සෙනසුරාදා රාත්‍රිය වනවිට ප්‍රහාර එල්ල කර තිබිණි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
3/1/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Iran's supreme leader Khamenei killed, Iranian state media confirm

Trump cheers death of Iranian leader, says strikes will continue

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...