BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායලයෙන් ඉරානයට තවත් ප්‍රහාරයක්

T

The Leader Desk

March 1, 2026 • 6:37 AM

ඊශ්‍රායලයෙන් ඉරානයට තවත් ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය වෙත අද (1) ඊශ්‍රායලය වෙතින් තවත් ප්‍රහාර මාලාවක් එල්ල කෙරිණි.
  • දැඩි ප්‍රති ප්‍රහාර අපේක්ෂාවෙන් සිටින ලෙස ඉරාන විප්ලවීය හමුදාව විසින් අනතුරු අඟවා තිබේ.
  • ජීවිතක්ෂයට පත් වන විට ඉරාන නායකයා 83 වන වියෙහි පසු විය දශක කිහිපයක තර්ජන මුලිනුපුටා දැමීම පිණිස එක්සත් ජනපදය ද ඉරානයට ප්‍රහාර එල්ල කළ බව ජනපති ට්‍රම්ප් පැවසීය.
  • ඉරානයේ බැලස්ටික් මිසයිල සහ ගුවන් ආරක්ෂක පද්ධති අද උදෑසන ප්‍රහාරවල ඉලක්කය වූ බව ඊශ්‍රායල හමුදා පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරාන නායකයාගේ ඝාතනයත් සමග මැද පෙරදිග වතාවරණය අස්ථාවර වෙමින් පවතී. දැඩි ප්‍රති ප්‍රහාර අපේක්ෂාවෙන් සිටින ලෙස ඉරාන විප්ලවීය හමුදාව විසින් අනතුරු අඟවා තිබේ. ජීවිතක්ෂයට පත් වන විට ඉරාන නායකයා 83 වන වියෙහි පසු විය

දශක කිහිපයක තර්ජන මුලිනුපුටා දැමීම පිණිස එක්සත් ජනපදය ද ඉරානයට ප්‍රහාර එල්ල කළ බව ජනපති ට්‍රම්ප් පැවසීය.

"මේ  සාධාරණය ඉරාන ජනයාට පමණක් නොවේ. එහි ජයග්‍රහණය නිර්භය ඇමරිකානුවන් සියල්ල සහ මුලුමහත් ලොවටමයි. මුලු ලොවම ලේ පිපාසිත ඛමෙනිගේ සහ ඔහුගේ සහචරයින්ගේ මරණයට සහ ග්‍රහණයට නතුව පැවතිණ,"  ඛමෙනිගේ මළ සිරුර හමුවීමෙන් පසු ජනපති ට්‍රම්ප් ටෘත් සමාජ ගිණුමේ සටහන් තැබීය.

644488427 1278047251101113 6770313145999802033 n

ඛමෙනිගේ සහ අන් ඉරාන නායකයින්ගේ ඝාතන එරට නූතන පාලන තන්ත්‍රය ලද දැඩි පරාජයකි.

ඉරානයේ බැලස්ටික් මිසයිල සහ ගුවන් ආරක්ෂක පද්ධති අද උදෑසන ප්‍රහාරවල ඉලක්කය වූ බව ඊශ්‍රායල හමුදා පැවසූහ.

වහා ඊට ප්‍රතිචාර දක්වන බවත්, මැද පෙරදිග එක්සත් ජනපද කඳවුරු සහ ඊශ්‍රායලය වෙත අතිශය දරුණු ප්‍රති ප්‍රහාර එල්ල කරන බවත් ඉරාන විප්ලවීය හමුදාව කියා සිටියේය.

 

v46ue56

අද පෙ.ව.6.00 පසුවත්ම ඊශ්‍රායලය පුරා ආරක්ෂක සයිරන් නාද විය. අනතුරුව ටෙල් අවිව් වෙතින් පිපරීම් ගණනාවක් වාර්තා විය. ඉරාන මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කරමින්, ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක විය. සිදුවූ ජීවිත සහ  දේපළ හානි පිලිබඳ කිසිවක් මෙතෙක් වාර්තා වී නැත.

ඩුබායි සහ දෝහා වෙතින් ද දරුණු පිපිරීම් හඬ වාර්තා වී තිබේ.

මැදපෙරදිග කලාපයේ සියලු සිවිල් ගුවන් සේවා තාවකාලිකව අත්හිටුවා ඇත.

( Reuters ඇසුරින් සටහන; හර්ෂ උදයකාන්ත පීරිස් )
1/3/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

More strikes aimed at Iran after US, Israeli assault kills supreme leader

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...