BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරානයට අන්තර්වාර රජයක්

T

The Leader Desk

March 1, 2026 • 8:17 AM

ඉරානයට අන්තර්වාර රජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, ජනාධිපති ලෙස කටයුතු කරන මධ්‍යස්ථමතධාරී මෙසූඩ් පෙසෙෂ්කියන් එරට නීතිපති සහ නීතිවේදීන් කීප දෙනකු සමඟ එක් වී අන්තර්වාර රජයක් පිහිටුවනු ඇතැයි පැවැසෙයි.
  • පූජකවරුන් 88 දෙනෙකුගෙන් මෙම පාලක මණ්ඩලය සැදුම්ලත්ය.
  • එසේ වුවත්, ඊට තරග කල හැකි වන්නේ ඉරාන ඉස්ලාමීය ජනරජයට පක්ෂපාතී අයට පමණයි.
  • එබැවින් බොහෝ සාමාජිකයින් අයතුල්ලා අලි කමේනි මෙන් ඉතා දැඩි මතධාරීන් බව පැවැසෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරාන රජයේ බලවත්ම තැනැත්තා ලෙස සැලකෙන්නේ උත්තරීතර නායකයාය. ජනාධිපතිවරයා සිටින්නේ ඊට පහළිනි.

අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, ඉරානයේ ඉස්ලාමීය පාලක මණ්ඩලය උත්සාහ ගනිමින් සිටින්නේ තවත් උත්තරීතර නායකයකු පත් කර ගැනීමට යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉරානයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, කමේනිගේ අනුප්‍රාප්තිකයා තෝරා ගත යුත්තේ පුජකයන්ගෙන් සැදුම්ලත් මෙම පාලක මණ්ඩලයයි.

පූජකවරුන් 88 දෙනෙකුගෙන් මෙම පාලක මණ්ඩලය සැදුම්ලත්ය. මෙම පාලක මණ්ඩලයට පූජකයන් තෝරා ගැනීම සිදුවන්නේ ජනතා ඡන්දයෙනි.

එසේ වුවත්, ඊට තරග කල හැකි වන්නේ ඉරාන ඉස්ලාමීය ජනරජයට පක්ෂපාතී අයට පමණයි. එබැවින් බොහෝ සාමාජිකයින් අයතුල්ලා අලි කමේනි මෙන් ඉතා දැඩි මතධාරීන් බව පැවැසෙයි.

ඔවුන් ඉක්මනින් නව උත්තරීතර නායකයෙකු තෝරා ගත යුතුයි. කෙසේ නමුත් ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් එල්ල වන ප්‍රහාර හමුවේ ආරක්ෂිතව ඔවුන්ට රැස්වීම දුෂ්කර වී ඇතැයි ද පැවැසෙයි.

(මුලාශ්‍රය : lankadeepa)

වැඩිදුරටත් විස්තර සඳහා

ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි යනු කවුද? ඔහුගේ පවුල කෙතරම් බලගතු ද?

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...