BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පාකිස්ථානයෙන් කාබුල් අගනුවරට ගුවන් ප්‍රහාර

T

The Leader Desk

March 1, 2026 • 11:30 AM

පාකිස්ථානයෙන් කාබුල් අගනුවරට ගුවන් ප්‍රහාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාබුල් නුවරට ඉහළ අහසේ දිසි පාකිස්ථාන ප්‍රහාරක යානා වෙත ඇෆ්ඝන් හමුදා අද ප්‍රහාර එල්ල කළහ. ඇෆ්ඝන් අගනුවර වෙඩි සහ පිපිරුම් හඬින් ගිගුම් දුන්නේය.
  • එරට, පාකිස්ථාන විරෝධී සන්නද්ධ කණ්ඩායම් වෙත රැකවරණය සලසන බවට පාකිස්ථානය චෝදනා කරයි.
  • මේවන විට, දෙරට අතර කි.මී.2600ක දේශසීමාව ඔස්සේ දිගු කලකට පසු දරුණු සටන් හටගෙන තිබේ.
  • වහා සටන් විරාමයකට එන ලෙස කටාරය සහ සෞදි අරාබිය දෙරටින් ම ඉල්ලා සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉකුත් සතිය පුරා ඇෆ්ඝනිස්ථානයට පාකිස්ථානයෙන් දැඩි ප්‍රහාර  එල්ල විය. එරට, පාකිස්ථාන විරෝධී සන්නද්ධ කණ්ඩායම් වෙත රැකවරණය සලසන බවට පාකිස්ථානය චෝදනා කරයි. ඇෆ්ඝන් රජය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප  කරයි.

මේවන විට, දෙරට අතර කි.මී.2600ක දේශසීමාව ඔස්සේ දිගු කලකට පසු දරුණු සටන් හටගෙන තිබේ. වහා සටන් විරාමයකට එන ලෙස කටාරය සහ සෞදි අරාබිය දෙරටින් ම ඉල්ලා සිටිති. ඒ සඳහා තව දුරටත් මැදහත් පාර්ශ්ව ලෙස කටයුතු කිරීමට සූදානම් බව ද ඔවුහු පවසති.

අද අළුයමට පෙර, කාබුල් අගනුවරින් පිපිරීම් හඬ රැසක් වාර්තා විය. අනතුරුව වෙඩි හඬ නිකුත් විය. ජීවිත හානි පිලිබඳ මෙතක් වාර්තා නොවේ.

 

afghanistan bomb damage 030126 2026 03 01 11 56 38
ඇෆ්ඝන් ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක  බවත්, අනවශ්‍ය  කලබලයකින් තොරව කටයුතු කරන ලෙසත් එරට ජනතාව වෙත දැනුම් දී තිබේ.

දෙරටට යාව ඉරාන දේශ සීමාව ද පිහිටා තිබේ.

ඇෆ්ඝනිස්ථානයට එරෙහි නවතම පාකිස්ථාන සන්නද්ධ මෙහෙයුම, "සත්‍යය උදෙසා කෝපය" (Ghazab Lil Haq) ලෙස නම් කර තිබේ.  පාකිස්ථාන හමුදා සතුරු පාර්ශ්වයේ මුරපොල සහ කඳවුරු රැසක් විනාශ කළ බව පැවසූහ.

දෙපසටම දැඩි අලාභහානි සිදුව ඇතැයි වාර්තා වේ.

පාකිස්ථානය විසින් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව යුද ප්‍රකාශ කර ඇතැයි, පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය, ඛවාජා සිරජුදින් මුහම්මද් අසීෆ් පවසයි.

යුද්ධය මිල අධික බවත්, දැනට සටනට යොමු කර ඇත්තේ පෙරමුණ හමුදා පමණක් බවත් කාබුල් රජය කියයි. අවශ්‍යතාව අනුව තවත් හමුදා, යුද්ධය පිණිස පිටත් කර හැරීමට සූදානමින් පසුවන බව ද එම රජය පවසයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස් )
1/3/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Afghanistan fires at Pakistani jets over Kabul as conflict intensifies

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...