BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරාන හිටපු ජනපති මහමුද් අහමදිනෙජාඩ් අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

T

The Leader Desk

March 2, 2026 • 4:38 AM

ඉරාන හිටපු ජනපති මහමුද් අහමදිනෙජාඩ් අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2005 වසරේ සිට 2013 වසර දක්වා ඉරානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad), අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.
  • මෙම ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු මියගිය බව ඉරාන මාධ්‍ය ආයතන තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
  • මහමුද් අහමදිනෙජාඩ් ජනාධිපති ධුරයට පත්වීමට පෙර අර්ඩබිල් පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසත්, ටෙහෙරාන් නුවර නගරාධිපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ.
  • ජනාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු, ඔහුව උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් 'උපායමාර්ගික උපදේශක මණ්ඩලයේ' (Expediency Discernment Council) සාමාජිකයෙකු ලෙස පත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඊසානදිග ටෙහෙරානයේ 'නර්නැක්' (Narnak) ප්‍රදේශයේ පිහිටි අහමදිනෙජාඩ් මහතාගේ නිල නිවස ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇත.


මෙම ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු මියගිය බව ඉරාන මාධ්‍ය ආයතන තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ahmadi2349

මහමුද් අහමදිනෙජාඩ් ජනාධිපති ධුරයට පත්වීමට පෙර අර්ඩබිල් පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසත්, ටෙහෙරාන් නුවර නගරාධිපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ. ජනාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු, ඔහුව උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් 'උපායමාර්ගික උපදේශක මණ්ඩලයේ' (Expediency Discernment Council) සාමාජිකයෙකු ලෙස පත් කර ඇත.

උත්තරීතර නායකයාගේ මරණයෙන් පසු, ඉරාන දේශපාලනයේ තවත් ප්‍රබල චරිතයක් වූ අහමදිනෙජාඩ් මෙලෙස මියයාම එරට පාලන තන්ත්‍රයට එල්ල වූ තවත් ප්‍රබල පහරක් ලෙස සැලකේ.

සියලු අරමුණු ඉටු කරගන්නා තෙක් ඉරානයට ප්‍රහාර එල්ල කරනවා - ට්‍රම්ප්

 

526228
සියලු අරමුණු ඉටු කරගන්නා තෙක් ඉරානයට ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඉදිරි කාලසීමාව තුළ අමෙරිකානු සන්නද්ධ බලකායන්ට තවදුරටත් ජීවිත හානි සිදු විය හැකි බවද මෙහිදී ඔහු සඳහන් කර සිටී.

කෙසේ වෙතත් ඉරානයේ නව නායකයින් සමග සාකච්ඡා කිරීමට අමෙරිකානු ජානාධිපතිවරයා එකඟතාවය පළකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම සාකච්ඡා ඉතා කඩනමින් පැවැත්විය යුතු බව ද එහිදී ඔහු අවධාරණය කර තිබේ.

මේ අතර ඊයේ දිනයේදී ඉරානයේ ටෙහෙරාන් නුවර වෙත ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ සිදු කළ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන නාවික හමුදාවට අයත් නැව් 9ක් විනාශ වී ඇති අතර ඉරානය විසින් බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු තෙල් නැව් කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි.

ඉරානයේ අන්තර්ජාල සබඳතා බිඳ වැටෙයි

Internet ICHRI National Network 1024x576 1024x576
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරාන භූමියට එල්ල කළ දැවැන්ත ප්‍රහාරවලින් සහ ඉන් අනතුරුව ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් පැය කිහිපයකට පසු, එරට අන්තර්ජාල පහසුකම් දැඩි ලෙස සීමා කර ඇති බව වාර්තා වේ.

ගෝලීය අන්තර්ජාල ක්‍රියකාරීත්වය නිරීක්ෂණය කරන Kentik ආයතනයේ දත්තවලට අනුව, සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරවලින් පසු ඉරානයේ සබඳතාවල සීඝ්‍ර පහත වැටීමක් දක්නට ලැබෙන බව සඳහන් වේ.

එම ආයතනය ගණනය කර ඇත්තේ ඉරානයේ ගෝලීය අන්තර්ජාල ප්‍රවේශයෙන් 99%ක් පමණ මේ වන විට විසන්ධි වී ඇති බවය.

සමාජ මාධ්‍ය ජාලයන්හි සක්‍රීයව පවතින්නේ ඉරාන රජයේ නිලධාරීන්ට හෝ රජයේ විශ්වාසය දිනූ පුද්ගලයන්ට අයත් ගිණුම් සීමිත සංඛ්‍යාවක් පමණක් බව සඳහන් වේ.

ජාත්‍යන්තර අන්තර්ජාල සබඳතා මෙසේ අත්හිටුවා තිබුණද, ඉරානය තුළ ක්‍රියාත්මක වන දේශීය වෙබ් අඩවි සහ පණිවුඩ හුවමාරු පද්ධති (Internal messaging platforms) තවමත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මීට පෙර 2026 ජනවාරි මාසයේ පැවති නොසන්සුන්කාරී වාතාවරණයකදී ද ඉරානය මෙලෙස රට පුරා අන්තර්ජාලය විසන්ධි කිරීමට පියවර ගෙන තිබුණි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...