BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ක්වේටය එක්සත් ජනපද ප්‍රහාරක යානා තුනක් බිම හෙලයි

T

The Leader Desk

March 2, 2026 • 2:56 PM

ක්වේටය එක්සත් ජනපද ප්‍රහාරක යානා තුනක් බිම හෙලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්වේටය අද (2) එක්සත් ජනපද ප්‍රහාරක යානා තුනක් වෙඩි තබා බිම හෙලීය. එය අත්වැරදීමක් බව රජය පසුව ප්‍රකාශ කළේය.
  • ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වාර්තා විය.
  • ඉරාන විප්ලවීය හමුදා ප්‍රහාරයන්ට ලක්ව එක්සත් ජනපද ප්‍රහාරක යානයක් ක්වේටයට ඉහළ අහසේ අනතුරට පත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය මීට පෙර ප්‍රකාශ කළහ.
  • ක්වේටය අඛණ්ඩ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයන්ට ලක් වෙමින් පවතින බවට එරට එක්සත් ජනපද තානාපති කාර්යාලය එහි වෙසෙන එක්සත් ජනපද වාසීන්ට අනතුරු ඇඟවීය.
අකුරු ප්‍රමාණය (Font Size):


එය ඉරාන යුද්ධ අතර සිදු වූ අත්වැරැද්දක් බව එක්සත් ජනපද මධ්‍යම අණ මධ්‍යස්ථානය ද දැනුම් දුන්නේය.

ගුවන් යානා තුනෙහි සිටි නියමුවන් සහ කාර්ය මණ්ඩලයට අයත් සය දෙනා පැරෂුට් අධාරයෙන් ඉන් පිටත පැන දිවි බේරා ගත්හ. ක්වේට් භූමිය මත ලඟා වීමෙන් අනතුරුව වැඩිදුර පරික්ෂා හා ප්‍රතිකාර පිණිස ඔවුන් රෝහල් ගත කෙරිණි. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වාර්තා විය.

ඉරාන ගුවන්, බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මධ්‍යයේ, ක්වේට් ගුවන් ආරක්ෂක මෙහෙයුම් මගින් වරදවා වටහා ගැනීමෙන් එම අනතුර සිදු විය. සිද්ධිය පිලිබඳ විමර්ශන ක්‍රියාත්මක ය.

සමාජ මාධ්‍යයේ නිකුත් කළ දර්ශන පෙළක් මගින් ක්වේටයට ඉහළ අහසේ අද උදෑසන  ගුවන් යානයක් ගුවනේ කැරකෙමින් කඩා වැටෙනයුරු දක්නට ලැබිණි. එක්  අයකු පැරෂුටයක ආධාරයෙන් භූමිය වෙත ළඟාවනු ද එහි විය. එරට අල් ජහ්රා වෙතින් එම සිදුවීම වාර්තා විය.

ndfhdfg
මේ අතර ක්වේට් හි එක්සත් ජනපද කාර්යාල පරිශ්‍රයෙන් නිකුත් වූ  දුමක් හේතුවෙන් ඒ වෙත ගිලන් රථ සහ ගිනි නිවීමේ රථ පිටත් කර හැරිණි. ඒ පිලිබඳ පැහැදිලි තතු කිසිත් මෙතෙක් වාර්තා වී නොමැත.

අද උදෑසන ක්වේට් ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් සතුරු ඩ්‍රෝන යානා රැසක් සාර්ථකව වෙඩි තබා බිම හෙලීය. යාබද ගල්ෆ් රාජ්‍යයේ රටවල් ඉලක්ක කර අද ඉරාන ප්‍රති ප්‍රහාර එල්ල වන්නේ යුද්ධයේ තෙවන දිනටය.

ඉරාන විප්ලවීය හමුදා ප්‍රහාරයන්ට ලක්ව එක්සත් ජනපද ප්‍රහාරක යානයක් ක්වේටයට ඉහළ අහසේ අනතුරට පත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය මීට පෙර ප්‍රකාශ කළහ. ගුවන් යානා සුන් බුන් පතිත වීමෙන් ක්වේට් හි මීනා අලහමදී පිරිපහදුවේ සේවයේ යෙදී සිටි සේවකයින් තිදෙනෙක් සුළු තුවාල ලදහ.

ක්වේටය අඛණ්ඩ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයන්ට ලක් වෙමින් පවතින බවට එරට එක්සත් ජනපද තානාපති කාර්යාලය එහි වෙසෙන එක්සත් ජනපද වාසීන්ට අනතුරු ඇඟවීය. තානාපති කාර්යාලය කරා නොපැමිණෙන ලෙසද එමගින් දන්වා තිබේ. සිටිනා ස්ථානවලම රැඳී සිටින ලෙසත්, හැකි තාක් කවුළු පියන් රහිත බිම් මහල් වෙත ගොස් ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් දන්වා  තිබේ.

එරට ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් රුමයිතියා සහ සල්වා ප්‍රදේශයන්හි සතුරු ඩ්‍රෝන යානා රැසක් විනාශ කෙරිණි.

අද උදෑසන ඩුබායි සහ කටාර් අගනුවර දෝහා වෙතින් ද පිපිරීම් රැසක් වාර්තා විය. ක්වේට් වෙතින් ද පිපිරුම් සහ සයිරන් හඬ ඇසිණි යි, රොයිටර්ස් පුවත් සේවය කියයි.

කලාපයේ ස්ථාපිත එක්සත් ජනපද හමුදා මර්මස්ථාන සිය ඉලක්ක බව ටෙහෙරානය විසින් නිවේදනය කර තිබේ.

ගල්ෆ් නගර සිසාරා සිවිල් ඉලක්ක රැසක් ද එම ප්‍රහාරවලට ලක් විය. කලාපයේ තීරණාත්මක ගුවන් සහ වෙළඳ කේන්ද්‍රස්ථාන කිහිපයකට ඉන් දැඩි අලාභහානි සිදු විය.

ඉකුත් සෙනසුරාදා (28) ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දීම ආරම්භ කෙරිණි. එක්සත් ජනපද ගුවන් සහ නාවුක හමුදා ද ඊට එක් වූහ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
3/2/2026
(harshaprs@yahoo.com)


මුලාශ්‍රය :

Kuwait shoots down US jets in friendly-fire incident, US CENTCOM says


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...