BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරානය හොර්මුස් සමුද්‍ර සන්ධිය වසයි

T

The Leader Desk

March 3, 2026 • 3:48 AM

ඉරානය හොර්මුස් සමුද්‍ර  සන්ධිය වසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ට අමතරව එරට තවත් හමුදා ප්‍රධානීන් රැසක් සිය ප්‍රහාර හමුවේ ඝාතනය වූ බව, ඊශ්‍රායලය සඳහන් කරයි.
  • හෝර්මුස් සමුද්‍ර සන්ධිය සියළු නෞකා ප්‍රවාහනයට වසා දැමූ බව ඉරානය ඊයේ (2) නිවේදනය කළේය.
  • ඒ ඔස්සේ යාත්‍රා කරන එරටට අයත් නොවන කිනම් නෞකාවකට හෝ පහර දෙන බව ද දැන්විණි.
  • එහි පටු කොටස සැතපුම් 21ක (කි.මී.31) ක පළලින් යුක්ත වන අතර නෞකා ප්‍රවේශ මාර්ගය සැතපුම් 2  (කි.මී.3) ක පළලින් යුක්තය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරානයේ තාවකාලික පාලනය ජනපති මසූද් පෙසෙෂ්කියන් ඇතුළු කවුන්සිලයක් විසින් සිදු කෙරේ. අධිකරණ ප්‍රධානී සහ ප්‍රබල භාරකාර කවුන්සිල සාමාජිකයකුද ඊට අයත් වෙති. උත්තරීතර නායකයා විසින් ඉටු කළ කාර්යය භාරය තාවකාලිකව, නව කවුන්සිලය වෙත පැවරේ.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය සියළු නෞකා ප්‍රවාහනයට වසා දැමූ බව ඉරානය ඊයේ (2) නිවේදනය කළේය. ඒ ඔස්සේ යාත්‍රා කරන එරටට අයත් නොවන කිනම් නෞකාවකට හෝ පහර දෙන බව ද දැන්විණි.

ලෝක තෙල් පරිභෝජනයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන්නේ හෝර්මුස් සමුද්‍ර  සන්ධිය ඔස්සේය. එය ඕමානය සහ ඉරානය අතර පිහිටා තිබේ. එය එහි උතුරින් දකුණු ඕමාන ගල්ෆ් කලාපයට සහ අනතුරුව අරාබි මුහුදට සම්බන්ධ වේ.

එහි පටු කොටස සැතපුම් 21ක (කි.මී.31) ක පළලින් යුක්ත වන අතර නෞකා ප්‍රවේශ මාර්ගය සැතපුම් 2  (කි.මී.3) ක පළලින් යුක්තය.

ඉකුත් වසරේ දෛනිකව ඒ ඔස්සේ බොර තෙල් බැරල මිලියන 20ක් සහ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවාහනය විය.

 

GettyImages 2263649181

ඔපෙක් සාමාජිකයින් වන සෞදි අරාබිය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ක්වේටය සහ ඉරාකය ප්‍රධාන වශෙයෙන් ආසියාව වෙත සිය බොර තෙල් සහ ආශ්‍රිත  නිෂ්පාදන  ප්‍රවාහනය කරන්නේ ඒ ඔස්සේ ය.

සෞදි අගනුවර රියාද් හි පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ද ඉරාන ඩ්රෝන ප්‍රහාරවලට ලක්ව තිබේ. පිපිරීම්වලට පසු එහි ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

පාසල් සිසුවියන් 160ක් ඝාතනය කරමින් එක්සත් ජනපද හමුදා ඉරාන පාසලකට පහර දුන් බවට චෝදනා රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රතික්ෂේප කරයි. එක්සත් ජනපද හමුදා සිතා මතා එවැනි ක්‍රියාවක් සිදු නොකළ බව ඔහු කියා සිටී. යුනෙස්කෝ සංවිධානය විසින් ද එම ප්‍රහාරය තරයේ හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

 



(සටහන Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස් )
3/3/2026

මුලාශ්‍රය :

Iran war live: Iran says Strait of Hormuz closed and warns it will attack ships trying to pass


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...