BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මැද පෙරදිග සංචාරයෙන් වළකින ලෙසට රතු නිවේදන

T

The Leader Desk

March 3, 2026 • 5:16 AM

මැද පෙරදිග සංචාරයෙන් වළකින ලෙසට රතු නිවේදන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැද පෙරදිග රටවල් 12කින් පමණ වහා ඉවත් වන ලෙස එක්සත් ජනපදය ඊයේ එම රටවල වෙසෙන එක්සත් ජනපදවාසීන් වෙත දැනුම් දුන්නේය.
  • ඒ සමග, මැද පෙරදිග රචවල සංචාරයෙන් හැකි තාක් වැළකී සිටින ලෙස එක්සත් ජනපද සංචාරක රතු නිවේදන යාවත්කාලීන කර ඇත.
  •   බහ්රේන්, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, බටහිර ඉවුර හා ගාසා තීරය, ජෝර්දානය, ක්වේටය, ලෙබනනය, ඕමානය, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය එම නිවේදනයේ නම් කර ඇති රටවල් වේ.
  • පවතින යුද ගැටුම් ඉදිරි මාස හතරක, පහක කාලයක් හෝ ඊට අධික කාලයක් අඛණ්ඩව පැවතිය හැකි බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (2) අනතුරු ඇඟවීය.
අකුරු ප්‍රමාණය (Font Size):


 ආරක්ෂක අවදානම සැලකිල්ලට ගෙන, ඒ සඳහා දැනට පවතින සාමාන්‍ය ප්‍රවාහන සේවා භාවිතා කරන ලෙසද දැනුම්වත් කර තිබේ.

ඒ සමග, මැද පෙරදිග රචවල සංචාරයෙන් හැකි තාක් වැළකී සිටින ලෙස එක්සත් ජනපද සංචාරක රතු නිවේදන යාවත්කාලීන කර ඇත.  

බහ්රේන්, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, බටහිර ඉවුර හා ගාසා තීරය, ජෝර්දානය, ක්වේටය, ලෙබනනය, ඕමානය, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය එම නිවේදනයේ නම් කර ඇති රටවල් වේ.

23trav advisory explainer3 jhlp articleLarge

තර්ජන හේතුවෙන් ජෝර්දානයේ, අම්මාන් හි පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල වහා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

තත්ත්වය කළමණාකරණය පිණිස එක්සත් ජනපද රාජ්‍ය  දෙපාර්තමේන්තුව විසින් අන්තර්-ආයතන හදිසි කාර්ය සාධක බලකායක් ද ස්ථාපිත කර තිබේ. ගැටුමේදී එක්සත් ජනපද ප්‍රතිචාර සම්බන්ධීකරණය ද එමගින් සිදු කෙරේ.

පවතින යුද ගැටුම් ඉදිරි මාස හතරක, පහක කාලයක් හෝ ඊට අධික කාලයක් අඛණ්ඩව පැවතිය හැකි බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (2) අනතුරු ඇඟවීය.

 



දැනටමත් ඉරානය ඇතුළු රටවල් රැසකින් යුද්ධයෙන් පුද්ගල ජීවිත හානි වාර්තා වෙමින් පවතී.

ජාත්‍යන්තර සංචාරක සහ වාණිජ මධ්‍යස්ථාන ඇතුළු දේපළ රැසක් ද හානියට පත්ව තිබේ. ගෝලීය ඉන්දන මිල තවදුරටත් ඉහළ යමින් ඇත. බලශක්ති අර්බුදයක් පිළිබඳවද සැක පල වී තිබේ.

( සටහන Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස් )
3/3/2026


මුලාශ්‍රය :

US urges citizens to immediately depart over a dozen Middle Eastern countries


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...