BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරානයට පහර දුන්නාට සහාය දෙන්නේ ඇමෙරිකාවේ හතරෙන් එකක් පමණයි !

T

The Leader Desk

March 3, 2026 • 5:45 AM

ඉරානයට පහර දුන්නාට සහාය දෙන්නේ ඇමෙරිකාවේ හතරෙන් එකක් පමණයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පූර්ව-ආරක්ෂිත පියවරක් ලෙස ඉකුත් සෙනසුරාදා (පෙබරවාරි 28) ඊශ්‍රායලය ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ අතර, ඇමෙරිකාවද ඉන් පසුව ඉරානයට ප්‍රහාර එල්ල කළේ ය.
  •   ඇමෙරිකාව ගත් මෙම පියවරට සහාය ලබාදෙන්නේ එරට වැසියන්ගෙන් හතරදෙනකුගෙන් එක් අයකු පමණක් යැයි ඉකුත් ඉරිදා (මාර්තු 1) අවසන් වූ මත විමසුමකින් අනාවරණය වී තිබේ.
  • ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම යුද්ධයේදී හමුදා බලය භාවිත කිරීමට දැඩි කැමැත්තකින් (ඕනෑවටත් වඩා කැමැත්තකින්) පසුවන බව, රිපබ්ලිකන්වරුන් හතරදෙනකුගෙන් එක් අයකු, සහ මත විමසුමට සම්බන්ධ වූ අයගෙන් අඩක් විශ්වාස කරන බව ද මෙම මත විමසුමෙන් අනාවරණය වී තිබේ.
  • මත විමසුමට ප්‍රතිචාර දැක්වූ අයගෙන් සියයට 27ක් පමණ මෙම ප්‍රහාර අනුමත කර තිබූ අතර, සියයට 42ක අධික පිරිසක් මෙම ප්‍රහාර අනුමත නොකරති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇමෙරිකා එක්සත් ජනපදයේ අභිලාෂ සුරක්ෂිත කරගැනීම සඳහා මෙම ප්‍රහාර එල්ල කළේ යැයි පැවැසුණු අතර මෙම ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලී හමෙනෙයි ඇතුළු ප්‍රධාන පෙළේ නායකයෝ විශාල පිරිසක් මරණයට පත්වූහ.

 

irannc8oy

ඇමෙරිකාව ගත් මෙම පියවරට සහාය ලබාදෙන්නේ එරට වැසියන්ගෙන් හතරදෙනකුගෙන් එක් අයකු පමණක් යැයි ඉකුත් ඉරිදා (මාර්තු 1) අවසන් වූ මත විමසුමකින් අනාවරණය වී තිබේ.

රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය සහ වෙළෙඳපොළ පර්යේෂණ ආයතනයක් වන ඉප්සොස් (Ipsos) ආයතනය එක්ව මෙම මත විමසුම පවත්වා තිබිණි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම යුද්ධයේදී හමුදා බලය භාවිත කිරීමට දැඩි කැමැත්තකින් (ඕනෑවටත් වඩා කැමැත්තකින්) පසුවන බව, රිපබ්ලිකන්වරුන් හතරදෙනකුගෙන් එක් අයකු, සහ මත විමසුමට සම්බන්ධ වූ අයගෙන් අඩක් විශ්වාස කරන බව ද මෙම මත විමසුමෙන් අනාවරණය වී තිබේ.

644682183 926450979751490 8229626989523408401 n

මත විමසුමට ප්‍රතිචාර දැක්වූ අයගෙන් සියයට 27ක් පමණ මෙම ප්‍රහාර අනුමත කර තිබූ අතර, සියයට 42ක අධික පිරිසක් මෙම ප්‍රහාර අනුමත නොකරති. සියයට 29කට අධික පිරිසකට තවමත් නිශ්චිත අදහසක් නොමැති බව ද මත විමසුමෙන් අනාවරණය වී තිබිණි.

සෙනසුරාදා (පෙබරවාරි 28) වැනිදා සිදු වූ මෙම ප්‍රහාර සම්බන්ධයෙන් දන්නේ ඉතාම ස්වල්ප තොරතුරු ප්‍රමාණයක් බව මත විමසුමට සම්බන්ධ වූ දසදෙනකුගෙන් නවදෙනකු පවසා ඇත.  

ගෙවුණු මාසවලදී වෙනිසියුලාව, සිරියාව, සහ නයිජීරියාව වෙත ප්‍රහාර එල්ල කළ බැවින් ඇමෙරිකා එක්සත් ජනපද අභිලාෂ සහ අවශ්‍යතා සුරක්ෂිත කරගැනීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුදා බලය භාවිත කිරීමට දැඩි හැකියාවක් තිබෙන බව ( ඕනෑවටත් වඩා කැමැත්තකින් පසුවන බව)  ඇමෙරිකා වැසියන්ගෙන් සියයට 56 දෙනකු විශ්වාස කරන බව ද මෙම මත විමසුමේදී අනාවරණය වී තිබේ.

r67ghj

 

ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් සියයට 87ක් හෙවත් අති බහුතරයක් මෙම මතය දරන අතර, රිපබ්ලිකයන් පාක්ෂිකයන්ගෙන් සියයට 23ක් මෙම අදහස විශ්වාස කරති. සියයට 60 අධික, ඉහත දේශපාලන පක්ෂ දෙකට සම්බන්ධ නැති පිරිසක් ද ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුදා බලය භාවිත කරනු ඇතැයි විශ්වාස කරති.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානයට ප්‍රහාර එල්ල කරන අතරවාරයේ දී මෙම මත විමසුම පවත්වා තිබූ අතර, මෙහෙයුම්වලින් ඇමෙරිකානුවන් මියගිය බව නිවේදනය කිරීමට ප්‍රථම මත විමසුම අවසන් කර තිබිණි.

මෙම ප්‍රහාර හේතුවෙන්, මැද පෙරදිග කලාපය කිසිදු ලෙසකින් පුරෝථකනය කළ නොහැකි ඉතාම අනපේක්ෂිත යුද්ධයකට මැදිව තිබෙන අතර සෙනසුරාදා සහ ඉරිදා ගැටුම්වලින්, ඇමෙරිකානු හමුදා සාමාජිකයන් තිදෙනකු මියගොස් පස්දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා විය.

මුලාශ්‍රය :

Just one in four Americans say they back US strikes on Iran, Reuters/Ipsos poll finds


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...