BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මැද-පෙරදිග යුද්ධයෙන් ගෝලීය තෙල් මිල අද තවදුරටත් ඉහළට

T

The Leader Desk

March 3, 2026 • 6:17 AM

මැද-පෙරදිග යුද්ධයෙන් ගෝලීය තෙල් මිල අද තවදුරටත් ඉහළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (3) තෙවන දිනටත් ලෝක තෙල් මිල අඛණ්ඩව ඉහළ ගියේය.
  • ඒ වෙතින් යාත්‍රා කෙරෙන නෞකාවන්ට වෙඩි තබන බවට තර්ජනය කර තිබේ.
  • බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකයේ ඇමෙරිකානු ඩොලර් 78.83ක්ව පැවති බොර තෙල් බැරලය ඩොලර් 1.10කින් පමණ එනම්,  1.4%කින් ඉහළ ගියේය.
  • ඊයේ, බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 82.37ක් ව පැවතියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඊයේ (2), ඉරානය, හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීය. ඒ වෙතින් යාත්‍රා කෙරෙන නෞකාවන්ට වෙඩි තබන බවට තර්ජනය කර තිබේ. ඒ සමග මැද පෙරදිග ප්‍රධාන තෙල් නිෂ්පාදකයින් හා සිදු කෙරෙන  සැපයුම් දාමය අඩාල වෙමින් පවතී.

oil7858

බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකයේ ඇමෙරිකානු ඩොලර් 78.83ක්ව පැවති බොර තෙල් බැරලය ඩොලර් 1.10කින් පමණ එනම්,  1.4%කින් ඉහළ ගියේය. ඊයේ, බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 82.37ක් ව පැවතියේය. එය 2025 වසරේ මුල් මස සිට දිසි වැඩිම අගය ය.

එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් අතරමැදි (WTI) මිල ශත 74කින්, එනම් 1%කින් ඉහළ ගියේය. ඒ අනුව බැරලයක මිල ඩොලර් 71.97ක් ලෙස සටහන් විය.

යුද්ධය හීන වන බවක් නොපෙනේ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ඉරානය කලාපීය බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සැරසෙන බව දක්නට ලැබේ. ගැටුම් අඛණ්ඩව  පවතින තාක් බලශක්ති අර්බුදය සීග්‍රයෙන්  ව ර් ධ න ය වේ.

ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල යුද්ධය ඊයේ, තව දුරටත් උත්සන්න විය. ඊශ්‍රායල හමුදා ලෙබනනයට ද ප්‍රහාර එල්ල කළහ. ප්‍රතිචාර වශයෙන්, ඉරානය ගල්ෆ් රටවල බලශක්ති මර්මස්ථාන සොයා පහර දුන්නේය.  හෝර්මුස් සන්ධියේ ඉන්දන නෞකා ද එම ප්‍රහාර වල ඉලක්ක විය.

 

AFP 20260216 97QE8T3 v1 JPEGStandard TheStraitOfHormuzACrucialPassageForOilAndG

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සාමාන්‍ය දිනෙක ඉන්දන ප්‍රවාහනය, දෛනික ගෝලීය ඉල්ලුමෙන්  පහෙක් එකකි. විශේෂයෙන්ම, ආසියාවේ,  චීනය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන විදෙස් වෙළඳපොල වෙත ඩීසල්, ගැසොලින් සහ තවත් ඉන්දන නිෂ්පාදන රැසක් ඒ ඔස්සේ ප්‍රවාහනය කෙරේ. ගෝලීය ගෑස් ඉන්දන (Liquefied Natural Gas) ප්‍රවාහනයේ 20%ක් ද එම සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරේ.

v6un67

 

ඒ ඔස්සේ යාත්‍රා කෙරෙන නෞකා සඳහා නිකුත් කර තිබූ රක්ෂණාවරණ අදාළ සමාගම් විසින්  ඉවත් කර ගැනීමත් සමග,  නෞකා, හෝර්මුස් සමුද්‍ර සන්ධිය තව දුරටත් මග හැර යාත්‍රා කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටී. ඒ ඔස්සේ යාත්‍රා කෙරෙන  ඕනෑම නෞකාවකට වෙඩි තබන බව, ඉරාන විප්ලවීය හමුදා ඊයේ පැවසූහ. හොන්ඩුරාස් ධජය යටතේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට පැමිණි නෞකාවක් වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය. එය, එහි ගිනි ගෙන දැවෙමින් ඇතැයි ඉරාන විප්ලවීය හමුදා පැවසූහ.

ඉදිරි දිනයන්හි ලෝක ඉන්දන මිල තව දුරටත් ඉහළ යනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. ගෝලීය වෙළඳපොල මුළුමනින්ම මැද පෙරදිග යුද්ධයේ අහිතකර බලපෑමට නතුව පවතී.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
3/3/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Oil rises as expanding US-Israeli conflict with Iran elevates supply risks

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...