BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පාකිස්ථාන විරෝධතාකරුවන්ට වෙඩි තැබුවේ එක්සත් ජනපද මැරයින් භටයන් දැයි විමර්ශන

T

The Leader Desk

March 3, 2026 • 8:10 AM

පාකිස්ථාන විරෝධතාකරුවන්ට වෙඩි තැබුවේ එක්සත් ජනපද මැරයින් භටයන් දැයි විමර්ශන  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද මැරයින් භටයෝ සති අන්තයේ පාකිස්ථානයේ කරච්චි නුවර එක්සත් ජනපද කොන්සියුලර් කාර්යාලය වැටලූ විරෝධතාකරුවන්ට වෙඩි තැබූහ.
  • සෙනසුරාදා (28) සිදු වූ ඉරාන උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ගේ ඝාතනයෙන් කැළඹීමට පත් පාකිස්ථාන විරෝධතාකරුවෝ එරට එක්සත් ජනපද කොන්සියුලර් කාර්යාලය වටලා උද්ඝෝෂණයේ නිරත වූහ.
  •   කරච්චි නුවර, ඉරිදා (1) වෙඩි තැබීම් හේතුවෙන් විරෝධතා කරුවන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.
  •     එහි සිටි ආරක්ෂක අංශ තමන් කවුදැයි හැඳින්වීමකින් තොරව වෙඩි තැබූ බව, ප්‍රාන්ත රජයේ ප්‍රකාශකයකු වන සුඛ්දෙව් අසර්දාස් හෙම්නානි පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


එය විදෙස් රටක රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයක් වෙතින් වාර්තා වූ  දුර්ලභ සිදුවීමකි.

සෙනසුරාදා (28) සිදු වූ ඉරාන උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ගේ ඝාතනයෙන් කැළඹීමට පත් පාකිස්ථාන විරෝධතාකරුවෝ එරට එක්සත් ජනපද කොන්සියුලර් කාර්යාලය වටලා උද්ඝෝෂණයේ නිරත වූහ.  

maw54g645

කරච්චි නුවර, ඉරිදා (1) වෙඩි තැබීම් හේතුවෙන් විරෝධතා කරුවන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය. එම පුද්ගල මරණ, මැරයින් භටයින්ගේ වෙඩි තැබීම් හේතුවෙන් සිදුවී ද නොඑසේව, එම පරිශ්‍රය ආරක්ෂාවේ යෙදී සිටි පුද්ගලික ආරක්ෂක අංශ සහ පාකිස්ථාන පොලිසිය සිදු කළ වෙඩි තැබීම් හේතුවෙන් සිදු වී දැයි  විමර්ශනය  කෙරෙන බව, එක්සත් ජනපද කොන්සියුලර් කාර්යාල නිලධාරීහු පැවසූහ.  

4690253 329619311

 

එහි සිටි ආරක්ෂක අංශ තමන් කවුදැයි හැඳින්වීමකින් තොරව වෙඩි තැබූ බව, ප්‍රාන්ත රජයේ ප්‍රකාශකයකු වන සුඛ්දෙව් අසර්දාස් හෙම්නානි පැවසීය.

එක්සත් ජපද කොන්සියුලර් පරිශ්‍රයන්හි දෛනික ආරක්ෂක කටයුතු පුද්ගලික කොන්ත්‍රාත් ආරක්ෂක අංශ සහ දේශීය රාජ්‍ය ආරක්ෂක අංශ  විසින් සිදු කෙරේ. වෙඩි තැබීමට අදාළ සිදුවීමට එක්සත් ජනපද මැරයින් භට පිරිස් සම්බන්ධවීම, එක්සත් ජනපදය, එම තත්ත්වය අතිශය බරපතල කරුණක් සේ අවධාරණය කිරීමකි.

ඉරානයට පසු, ලොව වැඩිම ෂියා මුස්ලිම් ජනගහනය වෙසෙන්නේ පාකිස්ථානයේ ය.

සෙනසුරාදා (28) ඉරානයට එරෙහි ප්‍රහාර දියත් වීමත් සමග, පාකිස්ථානයේ විරෝධතා මතු විය. අනවශ්‍ය ඒකරාශි වීම් වළකාලීමේ අරමුණින් රජය වහා තහනම් නිවේදන නිකුත් කළේය. විරෝධතා හේතුවෙන් රට පුරා පුද්ගල මරණ 26ක් වාර්තා විය.

 

39c3d17ac84beaf7a95baf3ee77c0fb89bdfa204

එරට එක්සත් ජනපද කොන්සියුලර් කාර්යාලය අවට රැස් වූ විරෝධතාකරුවෝ "ඇමෙරිකාවට මරණය," "ඊශ්‍රායලයට මරණය" යනුවෙන්  හඬ නැගූහ. ආරක්ෂක අංශ ඒ වෙත වෙඩි තැබූ අතර අවට වීදි වෙත කඳුළු ගෑස්  ප්‍රහාර ද එල්ල කළහ.

එක් විරෝධතාකරුවකු කොන්සියුලර් කාර්යාලය දෙසට වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය විය. අනතුරුව වෙඩි වැදීමෙන් තුවාළ ලත් විරෝධතාකරුවන් පලා යන අයුරු ද එහි දිස් විය.

විරෝධතාකරුවන් වෙත වෙඩි තැබීම් සිදු කරන ලද්දේ කොන්සියුලර් කාර්යාල පරිශ්‍රය අභ්‍යන්තරයේ සිට බව කරච්චි පොලිසිය සඳහන් කළේය.

 

2026 03 01T081324Z 1 LYNXMPEM200VB RTROPTP 4 IRAN PAKISTAN PROTESTS
මහජන ඒකරාශි වීම් වලට එරෙහි රජයේ නිවේදන නොතකා ලාහෝර් සහ කරච්චි නගර වෙත හැකි තාක්  ජනතාව කැඳවන ලෙස ෂියා මුස්ලිම් නායකයෝ ඉල්ලා සිටිති.

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර, එක්සත් ජනපද තානාපති කාර්යාලය පිහිටා තිබේ. ඊට අමතරව පෙෂාවෝර් සහ ලාහෝරයේ තවත් කොන්සියුලර් කාර්යාල දෙකක් පිහිටා ඇත.

කරච්චි හි එක්සත් ජනපද කොන්සියුලර් කාර්යාලයට පිවිසෙන මාර්ගයේ දැඩි පොලිස් මුරකාවල් යොදා රැකවල්ලා තිබේ. ලාහෝරයේ සහ ඉස්ලාමාබාද් අගනුවර එක්සත් ජනපද තානාපති පරිශ්‍රයන් වෙත ද ඒ හා සමාන දැඩි ආරක්ෂාවක් සපයා ඇත.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
3/3/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Exclusive: U.S. Marines fired on protesters storming consulate in Karachi, officials say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...