BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

තායිවානයේ සහාය ජාත්‍යන්තර මෙහෙයුමට

T

The Leader Desk

March 3, 2026 • 4:32 PM

 තායිවානයේ සහාය ජාත්‍යන්තර මෙහෙයුමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන ජනතාව ට නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම පිණිස ජාත්‍යන්තරය දියත් කළ මෙහෙයුමට සහාය දක්වන බව
  • එරට ජනපති, ලායි චින් තේ ඇතුළු ඉහළ පෙළ නායකයෝ, ඊශ්‍රායලය සේම තයිවානය ද ආරක්ෂක තර්ජනයකට ලක්ව ඇතැයි පවසති.
  • ඊශ්‍රායලය සමීප ප්‍රජාතාන්ත්‍රික පාර්ශ්වකරුවකු බව තායිවානයේ පිළිගැනීමයි.
  • 2023 ඔක්තෝබර මස ඊශ්‍රායලයට හමාස් ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව තායිවානය, ඊශ්‍රායලය වෙත ශක්තියේ දෑත දිගු කර සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

තායිවානය අද (3) පැවසීය. ඉතා ඉක්මනින් ඉරාන ජනතාවට සිය අභිප්‍රායයන් සාක්ෂාත් කර ගැනීමට හැකිවේ යැයි, අපේක්ෂා කරන බව, තායිවාන විදේශ අමාත්‍යංශය කියා සිටියේය. ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල ඒකාබද්ධ සන්නද්ධ ක්‍රියාන්විතයට තායිවානයේ සහාය පල වී තිබේ.

එරට ජනපති, ලායි චින් තේ ඇතුළු ඉහළ පෙළ නායකයෝ, ඊශ්‍රායලය සේම තයිවානය ද ආරක්ෂක තර්ජනයකට ලක්ව ඇතැයි පවසති. චීනය ඊට අයිතිවාසිකම් කියමින් හමුදා බලපෑම් දැඩි කර තිබීම ඊට හේතුවයි.

ඊශ්‍රායලය සමීප ප්‍රජාතාන්ත්‍රික පාර්ශ්වකරුවකු බව තායිවානයේ පිළිගැනීමයි. 2023 ඔක්තෝබර මස ඊශ්‍රායලයට හමාස් ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව තායිවානය, ඊශ්‍රායලය වෙත ශක්තියේ දෑත දිගු කර සිටියේය. මේ වන විට දෙරට අතර ද් වී පා ර් ශ් වී ය සබඳතා වර්ධනය වෙමින් පවතී.

ඉරානය වෙත එක්සත් ජනපද - ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර එල්ල කිරීම තායිවානය අනුමත කරන්නේ දැයි නැගූ පැනයකට පිළිතුරු දුන් එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයකු, තායිවානය ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයකු බව පැවසීය. ඉරාන ජනතාවට කඩිනමින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් අත්විඳීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව, ඔහු කියා සිටියේය.

කටාරය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සහ අනෙකුත් ගල්ෆ් රටවල් වෙත ඉරානය එල්ල කරන ප්‍රහාර තායිවානය දැඩි ලෙස හෙලා දකී.

අද, එරට පාර්ලිමේන්තුව අමතා කතා කළ තායිවාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය, ෆ්‍රැන්කොයිස් වූ, ඊශ්‍රායලයට අවශ්‍යව ඇත්තේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම බව සඳහන් කළේය.

"ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය තායිවානයේ මිතුරන්," යැයි ඔහු කියා සිටියේය.

තායිවානයට එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමග විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොපවතී. එහෙත්, වොෂින්ටනය එහි දිගුකාලීන පිටු බලය සහ අවි සැපයුම්කරු වේ.

ටෙහෙරානය, 1971 වසරේ මහජන චීන සමූහාණ්ඩුව නිල වශයෙන් පිළිගත් තැන් සිට, තායිවානය ඉරානය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොපවත්වයි.

(සටහන |Reuters ඇසුරින්; හ ර් ෂ උදයකාන්ත පීරිස්)
3/3/2026
(harshaprs@yahoo.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තායිවානයේ සහාය ජාත්‍යන්තර මෙහෙයුමට | The Leader