BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

ටෙහෙරානය හොල්මන් නගරයක් වෙයි - ජනයා පලා යති

T

The Leader Desk

March 4, 2026 • 5:17 AM

ටෙහෙරානය හොල්මන් නගරයක් වෙයි - ජනයා පලා යති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා ඊයේ (3)ත් ඉරාන ඉලක්ක සොයා දැඩි ප්‍රහාර එල්ල කළහ.
  • ඉරානය සතු ගුවන් සහ නාවුක ඉලක්ක රැසක් වෙත සාර්ථක ප්‍රහාර එල්ල කළ බව, යුද්ධයේ සිව් දිනක් ගත වූ තැන එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.
  • එහි සේවය කළ අත්‍යවශ්‍ය නොවන සියලු කාර්ය මණ්ඩල සිය පවුල් සාමාජිකයින් හා වහා මැද පෙරදිග කලාපයෙන් ඉවත් වන ලෙස පූර්ව නිවේදන ද නිකුත් කළේය.
  • තවත් සති දෙකක කාලය පුරාවට යුද සැලසුම් පවතින බවත් සැලසුම්ගත  කාලයට පෙර කඩිනමින් සිය හමුදා නියමිත ඉලක්ක වෙත ලඟා වෙමින් ඇති බවත් ඊශ්‍රායලය ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ගල්ෆ් කලාපයේ රටවල් රැසක් වෙත ඉරාන ප්‍රතිප්‍රහාර එල්ල විය. මේ  වන විට ලෙබනනය ද යුද්ධයට ඈඳී සිටී. ගෝලීය වෙළඳාම අංශ රැසකින් කම්පනයට  පත්ව තිබේ.  බොර තෙල් මිල තව දුරටත්  සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.

ඉරානය සතු ගුවන් සහ නාවුක ඉලක්ක රැසක් වෙත සාර්ථක ප්‍රහාර එල්ල කළ බව, යුද්ධයේ සිව් දිනක් ගත වූ තැන එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.  "හැම දේම කුඩු පට්ටම් කළා," ඔහු කීය. එපමණකින් නොනැවතුණු ඔහු, ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම සර්ව සාධාරණිකරණය කළේය. "න්‍යෂ්ටික සාකච්ඡා බේරුමක් කර ගන්න බැරි වුණොත් ඉරානය අනිවාර්යයෙන් මුලින් පහර දෙන්නයි හිටියේ," ඔහු එසේ කියා සිටියේය.

2026 03 02T141805Z 586158097 RC2DWJAQFFMK RTRMADP 3 IRAN CRISIS ISRAEL LEBANON 1024x683
සභාග ප්‍රහාර කෙරෙහි ප්‍රතිචාර වශයෙන් ඉරානය සෞදි අරාබියේ පිහිටි එකසත් ජනපද තානාපති කාර්යාලයට  ද ප්‍රහාර එල්ල කළේය.  ඊට පෙර ක්වේට් හි එම පරිශ්‍රය ද ඉරාන ප්‍රහාරයන්ට ලක් විය. වොෂින්ටනය  එම තානාපති කාර්යාල දෙක සහ ලෙබනනයේ සිය තානාපති කාර්යාලය වසා දැමීය. එහි සේවය කළ අත්‍යවශ්‍ය නොවන සියලු කාර්ය මණ්ඩල සිය පවුල් සාමාජිකයින් හා වහා මැද පෙරදිග කලාපයෙන් ඉවත් වන ලෙස පූර්ව නිවේදන ද නිකුත් කළේය.

ඊයේ ඩුබායි හි එක්සත් ජනපද කොන්සියුලර් කාර්යාලය ද ඉරාන ප්‍රහාරයන්ට ලක් විය. තවත් සති දෙකක කාලය පුරාවට යුද සැලසුම් පවතින බවත් සැලසුම්ගත  කාලයට පෙර කඩිනමින් සිය හමුදා නියමිත ඉලක්ක වෙත ලඟා වෙමින් ඇති බවත් ඊශ්‍රායලය ප්‍රකාශ කළේය.

ඉරානයේ මීළඟ නායකයා කවුරුන් විය හැකි දැයි මාධ්‍ය ඊයේ ජනපති ට්‍රම්ප් ගෙන් විමසා සිටියේය. " අපි හිතන් හිටිය ගොඩක් උන් දැන් ඉවරයි," ඔහු එසේ පිළිතුරු දුන්නේය.

ඊයේ දිනය පුරාවට ඉරානයේ ටෙහෙරාන් අගනුවරට අඛණ්ඩ ගුවන් ප්‍රහාර එල්ල විය. පිපිරුම් හඬින් නගරය ගිගුම් දුන්නේය. එරට  IRIB රාජ්‍ය ගුවන් විදුලිය ඊශ්‍රායල සහ එක්සත් ජනපද ප්‍රහාරයන්ගෙන් විනාශ විය. එහි මෙහ්රබාද් ගුවන් තොට ආසන්නයේ ද එම ප්‍රහාර පතිත විය.

 

AP26059256811672

ඛෝම් හි පිහිටි ඉරානයේ මීළඟ නායකයා තෝරා පත් කර ගැනීම පිණිස  ප්‍රවීනයින් රැස්වන ශාලා ගොඩනැගිල්ල ද එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සුන්නද්ධූලිව ගියේය. මිය ගිය පිරිස කවුරුන්දැයි මෙතෙක් අනාවරණයව, නැතත්, එම ජ්‍යෙෂ්ඨ නායකන් රැසක් ඊයේ ජීවිතයෙන් වන්දි ගෙවූ බව ජනපති ට්‍රම්ප් කියා සිටියේය.  

ඉරාන ජනයා නගර අතහැර පලා ගියහ. ටෙහෙරානය 'හොල්මන්' නගරයක් ව දිස්වේ. 

ලෝක කොටස් වෙළඳ පොළ රූරා වැටෙමින් පවතී. මැද පෙරදිග බලශක්ති සැපයුම් වෙත ඉමහත් බාධා එල්ල වීමෙන්, ගෝලීය උද්ධමනය ඉහළ යාම දැනටමත් ඇරඹී ඇත.  බොර තෙල් මිල 5%කින් ඉහළ ගොස් තිබේ. යුරෝපයේ තොග වෙළඳපොළ ගෑස් (LNG) මිළ 40%කින් ඉහළ ගියේය.

ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කරන බව දැන, ඊට එක් වූ බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්ක් රුබියෝ පවසයි. ඉරාන රජය පලවා හැරිය යුතු බව, ඊශ්‍රායලය කියයි. ඉරාන දේශ සීමාවෙන් පිටත ප්‍රහාර එල්ල කිරීමේ ඔවුන් සතු හැකියාව මුලිනුපුටා දැමීම  සිය මෙහෙයුමේ අපේක්ෂාව බව, එක්සත් ජනපදය  අවධාරණය කර සිටී.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Middle East conflict widens as Israeli, US strikes again hit Iran; oil soars, shares slide

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...