BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

හෝමුර්ස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැවක් යයි

T

The Leader Desk

March 4, 2026 • 9:00 AM

හෝමුර්ස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැවක් යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෝමුර්ස් සමුද්‍ර සන්ධිය ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වරායක් වෙත ඊයේ (3) තෙල් නැවක් යාත්‍රා කළේය.
  • මැද පෙරදිග සියලු සමුද්‍ර මාර්ග  අවහිරව ඇති මොහොතක සහ විශේෂයෙන් ඉරානය විසින් හෝමුර්ස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අවස්ථාවෙක සිදු කළ එම ගමන් වාරය සුවිශේෂී විය.
  • එම සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කෙරෙන නෞකාවන්ට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය විසින් තර්ජනය කර තිබේ.
  •   සුවස්මැක්ස් වර්ගයට අයත් 'පෝලා' නම් එම  නෞකාව පසු ගිය 2 දා සිය ස්වයංක්‍රීය හැඳිනීම් සෙවුම් පද්ධතිය (AIS ) නිෂ්ක්‍රීය කර එම සමුද්‍ර සන්ධියට පිවිසි අතර යළි ඊට පසු දින අබු ඩාබි වෙතින් 'නිරුප්‍රදිත' බව සන් කර  සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


බොර තෙල් පැටවීම පිණිස එම නෞකා ගමන් වාරය සිදු කෙරිණි.

මැද පෙරදිග සියලු සමුද්‍ර මාර්ග  අවහිරව ඇති මොහොතක සහ විශේෂයෙන් ඉරානය විසින් හෝමුර්ස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අවස්ථාවෙක සිදු කළ එම ගමන් වාරය සුවිශේෂී විය. එම සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කෙරෙන නෞකාවන්ට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය විසින් තර්ජනය කර තිබේ.

hor457

 

සුවස්මැක්ස් වර්ගයට අයත් 'පෝලා' නම් එම  නෞකාව පසු ගිය 2 දා සිය ස්වයංක්‍රීය හැඳිනීම් සෙවුම් පද්ධතිය (AIS ) නිෂ්ක්‍රීය කර එම සමුද්‍ර සන්ධියට පිවිසි අතර යළි ඊට පසු දින අබු ඩාබි වෙතින් 'නිරුප්‍රදිත' බව සන් කර  සිටියේය. එය ජෙබල් ධානා වරාය වෙත යාත්‍රා කරමින් පැවතිණ.  

නෞකාව එහි සිට තායිලන්තය වෙත බොර තෙල් ප්‍රවාහනය කිරීමට නියමිතය.

ඉරානය වෙත එක්සත් ජනපද - ඊශ්‍රායල හවුල් ප්‍රහාර  සහ ඉරාන ප්‍රති ප්‍රහාර හමුවේ මැද පෙරදිග බලශක්ති අපනයන දැඩි අර්බුදයට ලක්ව පවතී. ඉරානය දිගින් දිගටම බලශක්ති උත්පාදන සහ නිෂ්පාදන මර්මස්ථාන මෙන්ම ඉන්දන ප්‍රවාහන නෞකා ඉලක්ක  කර ප්‍රහාර එල්ල කරමින් සිටී. ආශ්‍රිත සියලු නිෂ්පාදන අතරමග ඇණහිට ඇත.

මාර්තු 1 දා හෝමුර්ස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ නෞකා සංඛ්‍යාව හතර තෙක් පහත වැටිණි. ජනවාරි සිට යුද්ධය ඇරඹි දින තෙක් ඒ ඔස්සේ දෛනිකව ඉන්දන නෞකා 20ක් පමණ යාත්‍රා කළේය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Tanker heads to UAE port via Strait of Hormuz to load oil, sources say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...