BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

හොර්මුස් සන්ධියෙන් යනෙන නැව් ආරක්ෂාවට එක්සත් ජනපද නාවුක හමුදා

T

The Leader Desk

March 5, 2026 • 4:39 AM

හොර්මුස් සන්ධියෙන් යනෙන නැව් ආරක්ෂාවට එක්සත් ජනපද නාවුක හමුදා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කටාර් රාජ්‍යයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයේ පදිංචි නේවාසිකයින් ඉන් ඉවත් කර ගැනීමට එම රජය ඊයේ (4) පියවර ගත්තේය. විකල්ප ස්ථානයන්හි ඔවුන් තාවකාලිකව පදිංචි කිරීමට ද පියවර ගෙන තිබේ.
  • හොර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරීමට අපේක්ෂා කරන ඉන්දන නෞකා සඳහා හැකි ඉක්මනින් ආරක්ෂාව ලබා දීමට අපේක්ෂා කරන බව එක්සත් ජනපද බලශක්ති අමාත්‍ය, ක්‍රිස් රයිට් ඊයේ (4) පැවසීය.
  •   මෙම  මොහොතේ, එක්සත් ජනපද නාවුක හමුදාව යුධ රාජකාරියේ නිරතව සිටින බවත්, කඩිනමින් ඔවුන් හොර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කෙරෙන ඉන්දන නෞකාවන්ට  අවශ්‍ය ආරක්ෂාව සැලසීමට පියවර ගනු  ඇති බවත් ඔහු කීය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අතර, මැද පෙරදිග අතරමං ව සිටින එක්සත් ජනපද පුරවැසියන් මුදා ගැනීමට කුලී ගුවන් යානා යෙදවීමට එම රජය විසින් කටයුතු කර තිබේ. කලාපයේ තවත් රටවල් කිහිපයක් වෙත ද අතිරේක ගුවන් යානා පිටත් කර හැරේ.

හොර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරීමට අපේක්ෂා කරන ඉන්දන නෞකා සඳහා හැකි ඉක්මනින් ආරක්ෂාව ලබා දීමට අපේක්ෂා කරන බව එක්සත් ජනපද බලශක්ති අමාත්‍ය, ක්‍රිස් රයිට් ඊයේ (4) පැවසීය.

 

මෙම  මොහොතේ, එක්සත් ජනපද නාවුක හමුදාව යුධ රාජකාරියේ නිරතව සිටින බවත්, කඩිනමින් ඔවුන් හොර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කෙරෙන ඉන්දන නෞකාවන්ට  අවශ්‍ය ආරක්ෂාව සැලසීමට පියවර ගනු  ඇති බවත් ඔහු කීය.

මේ අතර, මැද පෙරදිග යුද ගැටුම් මධ්‍යයේ සමුද්‍රීය වෙළඳාමේ යෙදෙන්නන් වෙත යළි රක්ෂණාවරණ සැපයීම පිලිබඳ සාකච්ඡා කිරීම පිණිස මාර්ෂ් මැක්ලෙනන් රක්ෂණ සමාගම එක්සත් ජනපද නිලධාරීන් හමු විය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US sinks Iranian warship; NATO downs Iran missile headed into Turkey's airspace - as it happened

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...