BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ ප්‍රහාර දැඩි කරති

T

The Leader Desk

March 5, 2026 • 4:57 AM

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ ප්‍රහාර දැඩි කරති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය ඊයේ (4) සන්ධ්‍යාවේ ලෙබනනය වෙත තවත් ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
  •   ප්‍රහාරයට පෙර, ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදා ප්‍රදේශවාසීන් වෙත දැනුම් දීම් නිකුත් කළහ.
  • දකුණු ලෙබනන කලාප වෙතින් ඉවත්ව, උතුරේ ලිටානි ගංගා කලාපය වෙත වහා ඉවත් වන ලෙස එමගින් දැනුම්වත් කෙරිණි.
  • ඒ අනුව, 60,000කට අධික පිරිසක් ප්‍රදේශයෙන් පලා ගියහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව සය දෙනෙක් තුවාළ ලදහ.

 

w65u56

ප්‍රහාරයට පෙර, ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදා ප්‍රදේශවාසීන් වෙත දැනුම් දීම් නිකුත් කළහ. දකුණු ලෙබනන කලාප වෙතින් ඉවත්ව, උතුරේ ලිටානි ගංගා කලාපය වෙත වහා ඉවත් වන ලෙස එමගින් දැනුම්වත් කෙරිණි.

ඒ අනුව, 60,000කට අධික පිරිසක් ප්‍රදේශයෙන් පලා ගියහ. 2024 වසරේ ඊශ්‍රායල - හිස්බුල්ලා ගැටුමින් දස දහස් සංඛ්‍යාත ලෙබනන වැසියන්  පිරිසක් තවදුරටත්  අවතැන්ව සිටිති. දකුණේ තවත් ප්‍රදේශ රැසකින් වහා  ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදා විසින් ලෙබනන වාසීන් වෙත දැනුම් දී තිබේ.

 

ඊශ්‍රායල හමුදා මේ වන විටත් දකුණු ලෙබනනයේ සහ ආශ්‍රිත දේශ සීමා කලාප රැසක් ආක්‍රමණය කර සිටිති.

බලපත්‍ර රහිතව ගිනි අවි සන්තකයේ තබා සිටි ලෙබනන ජාතිකයින් 26 දෙනෙක් ඊශ්‍රායල හමුදා අත්අඩංගුවට පත්වූහ. ඔවුන් හිස්බුල්ලා සාමාජිකයින්දයි මෙතෙක් තහවුරු කර නැත.

ලෙබනනයේ හිස්බුල්ලා ක්‍රියාකාරකම් තහනම් කිරීමේ යෝජනාවක් සඳුදා (2) එරට  කැබිනෙට්ටුව හමුවේ සම්මත විය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US sinks Iranian warship; NATO downs Iran missile headed into Turkey's airspace - as it happened

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...