BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

ජනපති ට්‍රම්ප් ඉරානයට ගහන්න කුර්දි සටන් කරුවන්ටත් දිරි දෙයි

T

The Leader Desk

March 6, 2026 • 4:55 AM

ජනපති ට්‍රම්ප් ඉරානයට ගහන්න කුර්දි සටන් කරුවන්ටත් දිරි දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැද පෙරදිග යුද ගැටුම් ඊයේ (5) තව දුරටත් උත්සන්න විය.
  • ඉරාන හමුදා හා ගැටෙන ලෙස ඔහු කුර්දි සටන්කරුවන් දිරිමත් කළේය.
  • අනෙක් රටවල් හතරේ කුර්දි කලාප ඇතත්, ඒවා ස්වාධීන රාජ්‍ය නොවෙත්.
  • එහෙත්, ඉරානයට එරෙහි කුර්දි ප්‍රහාරයකදී එම සටන් කරුවන් වෙත ගුවන් ආරක්ෂාව සලසන්නේ දැයි, ඔහු විසින් ප්‍රකාශ කර නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අතර, ඉරානයේ මීළඟ නායකයා තෝරා පත් කර ගැනීමේ අයිතියක් තමන්ට ද ඇතැයි, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේය.

සමස්ත ඉරානයේ නගර, ගම් දනව් සිසාරා ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කෙරිණි. ඊශ්‍රායල හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා ඊට එක් විය. ඉරාන ප්‍රති ප්‍රහාර හේතුවෙන් ගල්ෆ් කලාපයේ නගර රැසකින් පිපිරීම් වාර්තා විය.

ට්‍රම්ප්ගේ අයිතිය

trump iranc9w8

ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ගේ පුත් මොජ්තබා ඛමෙනි ඉරානයේ මීළඟ තේරීම නොවිය යුතු යැයි, දුරකථනයෙන් රොයිටර්ස් පුවත් සේවය ඇමතූ  ජනපති ට්‍රම්ප් පවසා සිටියේය. "අනාගත ඉරාන නායකයා කවුරුන්දැයි තීරණය කිරීමේ ක්‍රියාවලියට අපද දායක විය යුතුයි," ඔහු කීය.

ඉරාන හමුදා හා ගැටෙන ලෙස ඔහු කුර්දි සටන්කරුවන් දිරිමත් කළේය.

 

kurd1
කුර්දිස්ථානය ස්වාධීන රාජ්‍යයක් නොවේ. භූගොලීයව, එය මැද පෙරදිග රටවල් හතරක භූමි පෙදෙස් ඔස්සේ පිහිටියේය. තුර්කිය, ඉරාකය, ඉරානය සහ සිරියාව එම රටවල් හතර වේ. කුර්දි ජනයා එහි සාම්ප්‍රදායිකව වෙසෙති. කුර්දි ස්වයං පාලන කලාපයක් පවත්නේ උතුරු ඉරාකයේ පමණි. එහි ඔවුන්ගේම රජයක් සහ පාර්ලිමේන්තුවක් ද පවතී. අනෙක් රටවල් හතරේ කුර්දි කලාප ඇතත්, ඒවා ස්වාධීන රාජ්‍ය නොවෙත්. උතුරු ඉරාකයේ, කුර්දි කලාපයේ අගනුවර අර්බිල් (Erbil) ය.

එක්සත් ජනපද - ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර ඇරඹි දා සිට ට්‍රම්ප් පරිපාලනය, කුර්දි සටන් කරුවන් සමග සබඳා පවත්වයි. "මම ඕනෙ සපෝර්ට් එකක් දෙන්නම්," ජනපති  ට්‍රම්ප් විසන්  ඔවුන්ට කියා තිබේ. එහෙත්, ඉරානයට එරෙහි කුර්දි ප්‍රහාරයකදී එම සටන් කරුවන් වෙත ගුවන් ආරක්ෂාව සලසන්නේ දැයි, ඔහු විසින් ප්‍රකාශ කර නැත.

ඉරාන ප්‍රති ප්‍රහාර 

qatar iran strike doha march 2026 mahmud hams afp.jpg
ඊයේ, යුද්ධය සය වන දිනට එළඹෙත්ම, ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය වෙත නවතම ඉරාන ප්‍රති-ප්‍රහාර මාලාවක් දියත් විය. එම මිසයිල ප්‍රහාරයකට හසු වීමෙන් බහ්රෙනයේ තෙල් පිරිපහදුවක හටගත් ගින්නක් මැඩ පැවැත්වීමට ගිනි භටයෝ ඉමහත් පරිශ්‍රමයක් දැරූහ.

ඉරාකයේ කුර්දි කඳවුරක් සහ ඇමෙරිකානු සමාගමක් විසින් පාලිත ඉන්දන ක්ෂේත්‍රයක් ඉලක්ක කර, ඉරාන ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල විය.  

සිවිල් ජනයා අසරණය  

tehrzan1
නැගෙනහිර ටෙහෙරානය ඇතුළු ප්‍රදේශ රැසකින් වහා ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදා ඉරාන වැසියන්ට අනතුරු ඇඟවූහ. අගනුවරින් පිපිරීම් රැසක් වාර්තා විය. ගුවන් ප්‍රහාරයකින්, වයඹදිග ටෙහෙරානයේ පිහිටි ලැගුම් හලක සිටි 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

"ඊයේට වඩා අද දරුණු හැඩයි. ඔවුන් උතුරු ටෙහෙරානයට පහර දෙනවා. අපට වෙන යන්න කියල කිසිම තැනක් නෑ.. මේක එකම යුද කලාපයක් වෙලා. දෙයියනේ අපව බේර ගන්න," 36 හැවිරිදි මොහම්මද්‍රේසා ටෙහෙරානයේ සිට දුරකථනයෙන් කියා සිටියාය. ඇගේ හඬ වෙවුලුම් ස්වරයක් ගත්තේය. ටෙහෙරානයෙන් බිහිසුණු පිපුරුම් හඬ ඇසිණි.  රජයේ ඉලක්ක වෙත සිය නවතම ප්‍රහාර ආරම්භ වූ බව, ඊශ්‍රායල හමුදා දන්වා සිටියහ.

නිසැක ගිනි බලය  

දින නියමයෙන් තොරව 'ඇති පදම්' කලක් ඉරානයට පහර දීම පිණිස අවශ්‍ය පූර්ණ ගිනි බලය එක්සත් ජනපදය සතු බව, එරට ආරක්ෂක අමාත්‍ය පීට් හෙග්සෙත් සහ මැද පෙරදිග එක්සත් ජනපද හමුදාවන්ට අණ  දෙන අද්මිරාල් බ්‍රැඩ් කූපර් පැවසූහ.

 



"ඉරානය කියන්නෙ, අපට මේක දරා ගන්න බැහැ කියල. ඒක අතිශයින්ම වැරදි වැටහීමක්," ෆ්ලොරීඩාවේ සිට මාධ්‍ය ඇමතූ හෙග්සෙත් පැවසීය.

මේ වන විට, සභාග ප්‍රහාරයන් ගෙන් ඉරාන නෞකා 30ක් වත් විනාශව ඇතැයි, කූපර් පැවසීය. දෙවන ලෝක යුද සමයේ තිබි  ගුවන් යානා වාහක නෞකාවක් තරම් වූ, ඉරානයට අයත් ඩ්‍රෝන යානා ප්‍රවාහන නෞකාවක් ද ඒ අතර වූ බව ඔහු කියා සිටියේය.

එක්සත් ජනපද හමුදාවන්ට අයත් බී - 2 ප්‍රහාරක යානා මගින් ඉරාන භූමිය අභ්‍යන්තරයේ සඟවා ඇති මිසයිල දියත්කරන සොයා භේදක බෝම්බ (penetrator bombs )  2000කට අධික සංඛ්‍යාවක් හෙළූ බව ද ඔහු කියා සිටියේය. ඉරාන මිසයිල නිෂ්පාදනාගාර ද එහි ඉලක්ක වූ බව ඔහු පැවසීය.

යුද්ධයේ මුල් දින සිට මේ වන විට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාර 90%කින් හීන ව තිබේ. එම කාලයේ සිට මෙතෙක්, ඉරාන ඩ්‍රෝන ප්‍රහාර ද 83%කින් අඩු වී ඇත.

යුද්ධයේ උණුසුම

azar1
ඊයේ, අසර්බයිජානය යුද්ධයට ඈඳුනු නවතම රට බවට පත් විය. සිය ස්වෛරී කලාපය වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව රජය, ඉරානයට චෝදනා එල්ල කළේය. එරට දකුණු ගුවන් අවකාශය පැය 12ක ට වසා දැමිණි.

අසර්බයිජාන සුළුතරයක් ඉරානයේ ද වෙසේ. සිය අසල්වැසියා ඉලක්ක නොකළ බව, ඉරානය පවසයි. එහෙත් යුද්ධය මේ වන විට 'අනවරතයේ' සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින  බවට එම සිදුවීම ද නිදසුන් සපයයි.  

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන වලට අත පොවන දුරින් පිහිටි සයිප්‍රසය සහ තුර්කිය ද ඊයේ එම ප්‍රහාරයන්ගේ ඉලක්ක බවට පත් විය.  යුරෝපීය රටවල්  කිහිපයක් සිය යාත්‍රා මධ්‍යධරණී කලාපය වෙත යොමු කළ අතර,   ශ්‍රී ලංකාවට ඔබ්බෙන් පිහිටි සාගර කලාපය තෙක් ද යුද  උණුසුම පැතිරිණි.

අඟහරුවාදා (3), එක්සත් ජනපද සබ්මැරීනයකින් නිකුත් කළ ටොර්පිඩෝවක් ඉන්දි සයුරේ  ඉරාන යුද නැවක් ගිල්වා කාර්ය මණ්ඩල සාමාජිකයින් 87 දෙනෙකු ජීවිතක්ෂයට පත් කළේය. ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් ඒ වන විටත් අනතුරට පත්ව සිටි අයිරිස් දෙනා (IRIS Dena)  නම්, එම නෞකාවේ කාර්ය මණ්ඩලයේ 32ක් මුදා වැඩි දුර ප්‍රතිකාර පිණිස ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළේය. සමස්ත කාර්ය මණ්ඩලයේ  180න් තවත් 60ක්  පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා විය. ඉන්දීය නාවුක සංදර්ශනයකට සහභාගී වී ආපසු යාත්‍රා කරමින් සිටියදී ඔවුහු එම ප්‍රහාරයට ලක් වූහ.  

IRIS Bushehr 829698

 

මේ අතර,  එම  සංදර්ශනයකට සහභාගී වී ආපසු යාත්‍රා කරමින් සිටි අයිරිස් බුෂෙර් (IRIS Bushehr) නම්, තවත් ඉරාන නෞකාවක් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ දී ආබාධයට ලක් වූ අතර අවසන, එහි කාර්යමණ්ඩලයේ 204  දෙනකු ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් මුදා කොළඹ වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. නෞකාව ත්‍රිකුණාමල වරාය වෙත රැගෙන යනු ඇත.

එක්සත් ජනපද හමුදා පැයෙන් පැයට ඉරාන ඩ්‍රෝන සහ මිසයිල පද්ධතීන්ට ප්‍රහාර එල්ල කරමින් ඇතැයි,  ජනපති ට්‍රම්ප්, ධවල මන්දිරයේදී පැවසීය. යුධයේ මීළඟ අදියර කරා සාර්ථකව එළඹෙන බව ඊශ්‍රායල හමුදා ප්‍රධානී කීය.
 
ජනපති ට්‍රම්පට අසීමිත  බලයක්

මේ අතර, එක්සත් ජනපද සෙනෙටය, ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ගෙනා, ජනපති ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාවක් පරාජය කළේය.  ඒ සම්බන්ධයෙන් පැවති  මත විමසුමකදී ට්‍රම්ප්ගේ යුද තීරණයට එරෙහි යෝජනාව, ඊට පක්ෂව හිමි වූ ඡන්ද 47ට 53ක් වශයෙන් පරාජය විය.  ඒ අනුව, කොන්ග්‍රසයේ අනුමැතියකින් තොරව තව දුරටත්  ඉරානයට ප්‍රහාර එල්ල කිරීමේ ජනපති ට්‍රම්ප්ගේ බලය තහවුරු කෙරිණි

එක්සත් ජනපද සෙනෙට් සභාවේදී සම්මත  එම තීරණය  ප්‍රකාරව ඉරානයට එරෙහි වැඩි දුර ප්‍රහාර පිණිස ජනපතිවරයා කොන්ග්‍රසයේ අනුමැතිය ලද  යුතු බවට වූ යෝජනාව තව දුරටත් වලංගු නොවේ.  

ජනපති ට්‍රම්ප්ගේ අලුත්ම නිවේදනය



ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ  සාමාජිකයින්ට සහ එරට පොලිසියට සියලු අවි බිම තබා වහා යටත් වන ලෙස ජනපති ට්‍රම්ප් නවතම නිවේදනයකින් දන්වා සිටී. ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික සමාව හිමි වන බවත්, නොඑසේව, නිසැක මරණය සහතික බවත් ඔහු අනතුරු අඟවයි.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


මුලාශ්‍රය :

Trump wants say on Iran's next leader as war intensifies

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...