අළුයම, ඔවුන්ගේ ටෙලිග්‍රැම් චැනලය ඔස්සේ හීබෲ බසින් එම නිවේදනය නිකුත් කර තිබේ.
හිස්බුල්ලා නිවේදනය නිකුත් වන්නේ, දහියේ ඇතුළු දකුණු ලෙබනන කලාප වෙතින් වහා ඉවත්වන ලෙසට එහි පදිංචි කරුවන්ට ඊශ්‍රායල හමුදා දැනුම් දී දිනක් ගත වන්නටත් පෙර ය.

ලෙබනනය මැද පෙරදිග යුද්ධයට ඈඳුනේ ඉකුත් සඳුදා (2) ය. එදින, ඊශ්‍රායල ඉලක්ක වෙත හිස්බුල්ලා ප්‍රහාර එල්ල වීමත් සමග ඊශ්‍රායල හමුදා දකුණු බීරුත්, දකුණු සහ නැගෙනහිර ලෙබනන කලාප වෙත පහර දුන්හ.
ලෙබනනයේ ස්වෛරී භාවය සහ පුරවැසි නිදහස ට එරෙහි ඊශ්‍රායල සන්නද්ධ ප්‍රහාර කිසිසේත් නොතකා නොහරින බව, හිස්බුල්ලා සංවිධානය කියයි.
ලෙබනන දේශ සීමාවේ පිහිටි සිය නගර ඉවත් කර නොගන්නා බව, ඊශ්‍රායල රජය පවසයි. ලෙබනනය වෙත අමතර ඊශ්‍රායල හමුදා පිටත් කර තිබේ.
(සටහන, Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස් )
6/3/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :




