BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

මැද පෙරදිග - ආසියාව - යුරෝපය යා කළ මර්ස්ක් බහළු නැව් සේවා දෙකක් නවතී

T

The Leader Desk

March 6, 2026 • 12:24 PM

මැද පෙරදිග - ආසියාව - යුරෝපය යා කළ මර්ස්ක් බහළු නැව් සේවා දෙකක්  නවතී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනයේ බීරුත් නුවරවෙතින් ඊයේ (5) සන්ධ්‍යාවේ සිට අද (6) අළුයමද දැඩි පිපිරීම් වාර්තා විය.
  • අද අළුයම තෙක් ඒ වෙ ගුවන් ප්‍රහාර මාලා  26ක්එල්ල කළ බව එම හමුදා පැවසූහ.
  • අද උදෑසන ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයේ හදවත වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ  බව ටෙහෙරානය පැවසීය.
  • එය ' සත්‍ය  පොරොන්දුව 4' (Operation True Promise 4) යටතේ එල්ල කළ ප්‍රහාර මාලාවේ 21 වන ප්‍රහාරය බව ටෙහෙරානය කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

හිස්බුල්ලාපාලනය පවතින දකුණු බීරුත් වෙත ඊශ්‍රායල හමුදා දරුණු ප්‍රහාර එල්ල කළහ. අද අළුයම තෙක් ඒ වෙ ගුවන් ප්‍රහාර මාලා  26ක්එල්ල කළ බව එම හමුදා පැවසූහ.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් රැසක් වෙත ද එම ප්‍රහාර  එල්ල  විය.

අද උදෑසන ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයේ හදවත වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ  බව ටෙහෙරානය පැවසීය. ඊට 'ඛේබා' මිසයිල භාවිත කෙරිණි. එය ' සත්‍ය  පොරොන්දුව 4' (Operation True Promise 4) යටතේ එල්ල කළ ප්‍රහාර මාලාවේ 21 වන ප්‍රහාරය බව ටෙහෙරානය කීය. ඉරාන මිසයිල සහ ඩ්රෝන ප්‍රහාර එකමුතුවකින් ටෙල් අවිව් හි මර්මස්ථාන වෙත පහරදීම ආරම්භ කෙරිණි.

ඉරානය අද අළුයම, මැද පෙරදිග විශාලතම එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුර වන කටාරයේ අල් උඩයිඩ් කඳවුරට ද දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. ජීවිත හානි පිළිබඳ වාර්තා නොවේ.

මේ අතර ජාත්‍යන්තරයේ දැවැන්තතම බහළු නෞකා ජාලයක් වන මර්ස්ක් සමාගම මැද පෙරදිග සිට ආසියාව සහ යුරුපය යා කළ සිය සේවා දෙකක් තාවකාලිකව අත්හිටවූ බව, අද නිවේදනය කළේය. ඒ අනුව, ඈත පෙරදිග සහ  මැද පෙරදිග යා කළ සිය FM1 බහළු නෞකා සේවාව සහ මැද පෙරදිග සහ යුරෝපය යා කරමින් ක්‍රියාත්මක ME11 සේවාව තාවකාලිකව නවතා දැමූ බව  එම සමාගම දැනුම් දුන්නේය.

නෞකා සහ කාර්ය මණ්ඩල ආරක්ෂාව පිණිස එම පියවර ගෙන තිබේ. යුද ව්‍යාප්තිය හේතුවෙන් ගෝලීය සැපයුම් දාමය අන්තරායකර අර්බුදයකට මැදිව පවතී.

යුද්ධය ඇරඹි දා සිට මේ තාක්, ඉරානයේ අවම වශයෙන් පුද්ගල මරණ 1230ක් වාර්තා වේ. ලෙබනනයේ 123 දෙනකු ජීවිතක්ෂයට පත්ව 683 දෙනකු තුවාළ ලබා තිබේ. ඉරාන ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ 10 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වේ.

(සටහන, Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස් )

6/3/2026

Israel pounds Beirut in expansion of war; Trump demands say over new Iranian leader

 

Maersk suspends two shipping services due to Middle East crisis

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...