BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

මොජ්තබා ඛමෙනි නව ඉරාන නායකයා ලෙස නම් කෙරේ

T

The Leader Desk

March 9, 2026 • 5:59 AM

මොජ්තබා ඛමෙනි නව ඉරාන නායකයා ලෙස නම් කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඝාතනයට ලක් වූ ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනිගේ දැඩි මතධාරී පුත් මොජ්තබා ඛමෙනි (Mojtaba Khamenei ) එරට නව උත්තරීතර නායකයා ලෙස අද (9) නම් කෙරිණි.
  • ඉරානයේ මීළඟ නායකයා ඊශ්‍රායලයේ නිසැක ඉලක්කයක් බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු ඇඟවීය.
  • යුද්ධය හේතුවෙන් බොර තෙල් බැරලය ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ඉහළ  ගොස්  තිබේ.
  •     මොජ්තබා, ඉරාන හමුදා සමග ද සමීප සබඳතා පවත්වන ඉස්ලාමීය දැඩි මතධාරියකු ලෙස හැඳින්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තෝරා අවසන් බව එරට ඊයේ දැනුම් දුන්නේය.

ඉරානයේ මීළඟ නායකයා ඊශ්‍රායලයේ නිසැක ඉලක්කයක් බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු ඇඟවීය.

යුද්ධය හේතුවෙන් බොර තෙල් බැරලය ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ඉහළ  ගොස්  තිබේ.  

 

8oykki

මොජ්තබා, ඉරාන හමුදා සමග ද සමීප සබඳතා පවත්වන ඉස්ලාමීය දැඩි මතධාරියකු ලෙස හැඳින්වේ. ඝාතනයට ලක් ඔහුගේ පියා යටතේ වූ සුවිසල් ව්‍යාපාරික ජාලය ද දැන් ඔහු යටතේ පවතී. ආගමික නායකයින් 88 දෙනකුගෙන් සුසැදි ප්‍රවීනයින්ගේ කවුන්සිලයක ඡන්දයෙන් ඔහුව නව නායකත්වයට තෝරා පත් කෙරිණි.

ඔහුගේ සම්පූර්ණ නම, අයතොල්ලා සෙයියෙද් මොජ්තබා හොසෙයිනි ඛමෙනි වේ.

 



ඔහු එරට දැඩි ඉස්ලාමීය පාලන තන්ත්‍රය විසින් තෝරා පත් කර ගැනුණු තෙවන උත්තරීතර නායකයා ය. ඉස්ලාමීය ජනරජයේ ඕනෑම පියවරක සහ ක්‍රියාන්විතයක අවසන් තීරකයා ඔහු වේ.

ඉරානයේ මීළඟ නායකයා තෝරා ගැනීම එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් සිදු විය යුතු බව, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (8) පැවසීය.

 



"අපේ අවසරයෙන් තොරව ඔහු පත් කළහොත් ඔහු වැඩි කල් ඉන්න එකක් නෑ," ජනපති ට්‍රම්ප් අනතුරු ඇඟවීය.  

ඔහුගේ එම ප්‍රකාශයට පෙර, "කවුරු කොහොම පත් කෙරුණත්," එම නායකයා විනාශ කර දමන බව ඊශ්‍රායලය දැඩි ස්වරයෙන් කියා සිටියේය. ඉරානයේ නව නායකයා පත් කර ගැනීමෙන් අනතුරුව 'ටයිම්ස් ඔෆ් ඊශ්‍රායෙල්' සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ ජනපති ට්‍රම්ප්, "අපි බලමු මොකද වෙන්නේ කියලා," යි පැවසීය.

යුද්ධය අවසන් වන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු සමග අන්‍යොන්‍ය තීරණයකින් පමණක් බව ද හෙතෙම අවධාරණය කළේය.

 

ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

සෞදි තානාපති කාර්යාලයේ අත්‍යවශ්‍ය හදිසි සේවයේ නොවන එක්සත් ජනපද කාර්ය මණ්ඩල වෙත වහා එරටින් පිටවන ලෙස වොෂින්ටනය ඊයේ දැනුම් දුන්නේය.

 



ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියන්, අසල්වැසි මැද පෙරදිග රටවල් වෙත එල්ල කළ එරට ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීය.

"ඉරාන ක්‍රියාන්විත හේතුවෙන් අපහසුතාවයට පත් සියලු අසල්වැසි රාජ්‍යයන්ගෙන් මම පෞද්ගලිකවම සමාව අයැද සිටිනවා" යි,  ඔහු පැවසීය. ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාරයන්ට දායක නොවන ලෙස, ඔහු මැදපෙරදිගින් ඉල්ලා සිටියේය. එක්සත් ජනපද ජනපති බල කර සිටින කොන්දේසි විරහිත යටත් වීම, ඔහු දකින සිහිනයක් පමණකැයි ද ඉරාන ජනපති  පැවසීය.

මැද පෙරදිග රටවල සිට ඉරානය වෙත ප්‍රහාර එල්ල නොවනතාක් එම රටවලට පෙරලා ප්‍රහාර අත්හිටුවීමට නායකත්ව කවුන්සිලයේ අනුමැතිය ලද බව ඔහු දන්වා සිටියේය.

එහෙත්, එම  සමා අයැදීම නොතකා එරට හමුදා, ඊයේත් කලාපයේ රටවල ඉලක්ක වෙත  ප්‍රහාර එල්ල කළහ.  

මීට සතියකට ඉහත ඉරාන ප්‍රති ප්‍රහාරයන්ගෙන් තුවාළ ලත් සිය සත් වන  හමුදා සෙබලා ද ජීවිතක්ෂයට පත් වූ බව එක්සත් ජනපද හමුදාව දැනුම් දුන්නේය.

එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ වන විට ඉරාන සිවිල් වැසියන් 1,332ක ට  අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් දහස් සංඛ්‍යාත පිරිසක් තුවාළ ලබා සිටිති.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Iran names Khamenei's hardline son Mojtaba as new supreme leader, oil surges

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...