එය විදුලිය සහ ඉන්දන පිරිමැසීමට ගත් හදිසි පියවරක් බව රජය පැවසීය.
රට පුරා සියළු රාජ්‍ය සහ පුද්ගලික විද්‍යාල එම තීරණයට අනුගතය. නව තීරණයත් සමග ඉන්දන නාස්තියට මග සාදන මාර්ගස්ථ වාහන තදබදය ද අවම වනු ඇතැයි රජය පවසයි.

එරට විශ්ව විද්‍යාල නේවාසික ශාලා, පන්ති කාමර, විද්‍යාගාර සහ වායු සමීකරණ කටයුතු පිණිස විදුලිය විශාල වශයෙන් වැය වන බව රජය කියයි. එබැවින්, මැද පෙරදිග ගැටුම හේතුවෙන් වර්ධනය වන එරට බලශක්ති ගැටලුවට පිළියම් ලෙස උත්සව සමයේ නියමිත කාල වකවානුවට පෙර සියලු විශ්ව විද්‍යාල වසා දැමීමට පියවර ගත් බව බලධාරීහු පවසති.
ඉස්ලාමීය රාමදාන් සමය වෙනුවෙන් එරට පාසල් දැනටමත් වසා දමා තිබේ. අද සිට, එරට උසස් අධයාපනායතන ඊට එක්වෙති. විදෙස් විෂය මාලා යටතේ ක්‍රියාත්මක පාසල් සියල්ල ද උත්සව සමයේ වසා දමන ලෙස රජය දන්වා සිටියේය. අදාළ කාල සීමාව තුළ එම සියලු පුද්ගලික උපකාරක මධ්‍යස්ථානද වසා දැමීමට කටයුතු කෙරේ.

එරට බලශක්ති අවශ්‍යතාවෙන් 95%ක් ම ආනයන මත රඳා පවතී. ජනතාව හදිසි ඉන්දන මිලදී ගැනීම් සහ අනවශ්‍ය තොග රැස් කිරීමට පෙළඹීමත් සමග සිකුරාදා (6) සිට ඉන්දන සීමා පැනවීමට රජය පියවර ගත්තේය.
බංග්ලාදේශය මේ වන විටත් දරුණු ගෑස් හිඟයකට මුහුණ පා සිටී. ඒ හේතුවෙන් රාජ්‍ය අංශයට අයත් පොහොර නිෂ්පාදනාගාර පහෙන් හතරක්ම වසා දැමීමටත්, ඊට වැය වන ගෑස් සංචිත විදුලි බලාගාර වෙත යොදවා හැකිතාක් විදුලි කප්පාදු අවම කර පවත්වා ගැනීමටත් රජය විසින් පියවර ගෙන තිබේ.
රජයට එසැණ වෙළඳ පොලින් වැඩි මිලට ගෑස් මිලදී ගැනීමට ද සිදුව ඇත. සැපයුම් දාම අවහිර වීම අවම කිරීම පිණිස නව තොග ඇණවුම් කිරීමට ද පියවර ගෙන තිබේ.
බලශක්ති පරිභෝජනය අවම කර අත්‍යවශ්‍ය විදුලිය සහ වෙනත් බලශක්ති සංචිත ස්ථාවරව තබා ගැනීමට හැකි සෑම පියවරක් ම ගනිමින් ඇතැයි එරට බලශක්ති අමත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Bangladesh shuts universities early to save power amid energy crisis
Bangladesh Closes All Universities Early Due to Severe Energy Crisis
National University Closed Starting Today; Limited Offices to Handle Emergency Work
සබැඳි පුවතක් :
මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ බලශක්තිය ඉතිරි කර ගන්න ෆිලිපීනයෙන් සිව් දින රාජකාරි සතියක්




