BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

ඉන්ධනවලට පාලන මිලක් ! - දකුණු කොරියාව පීඩාවට විසඳුම් සොයයි

T

The Leader Desk

March 10, 2026 • 4:27 AM

ඉන්ධනවලට පාලන මිලක් ! - දකුණු කොරියාව පීඩාවට විසඳුම් සොයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමඟ දේශීය ඉන්ධන මිල පාලනය කිරීම සඳහා උපරිම මිල සීමා පද්ධතියක් හඳුන්වා දීමට දකුණු කොරියා රජය තීරණය කර ඇත.
  • දකුණු කොරියා ජනාධිපති ලී ජේ මියුන්ග් ඊයේ පැවැති රජයේ රැස්වීමකදී මේ බව ප්‍රකාශ කර ඇත.
  •  මිල ඉහළ ගොස් ඇති තෙල් නිෂ්පාදන සඳහා උපරිම මිලක් නියම කරන පද්ධතියක් ඉක්මනින් හඳුන්වා දී දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පවසා තිබේ.
  • ලී ජේ මියුන්ග් මැදපෙරදිග අර්බුදය ලෝක වෙළඳාම සහ මැදපෙරදිගින් ආනයනය කරන බලශක්ති මූලාශ්‍ර මත දැඩි ලෙස රඳා පවතින දකුණු කොරියා ආර්ථිකයට විශාල බරක් බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


වසර 30කට ආසන්න කාලයකින් පසු දකුණු කොරියාව මෙවැනි තීන්දුවක් ගෙන ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

දකුණු කොරියා ජනාධිපති ලී ජේ මියුන්ග් ඊයේ පැවැති රජයේ රැස්වීමකදී මේ බව ප්‍රකාශ කර ඇත.

 මිල ඉහළ ගොස් ඇති තෙල් නිෂ්පාදන සඳහා උපරිම මිලක් නියම කරන පද්ධතියක් ඉක්මනින් හඳුන්වා දී දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පවසා තිබේ.

lee ලී ජේ මියුන්ග්

මැදපෙරදිග අර්බුදය ලෝක වෙළඳාම සහ මැදපෙරදිගින් ආනයනය කරන බලශක්ති මූලාශ්‍ර මත දැඩි ලෙස රඳා පවතින දකුණු කොරියා ආර්ථිකයට විශාල බරක් බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එමෙන්ම හෝර්මුස් සන්ධිය හරහා ලැබෙන ශක්ති සැපයුම්වලට අමතරව වෙනත් ශක්ති මූලාශ්‍ර සොයා බැලීමට ද රජය කටයුතු කරන බවද ඔහු පැවසීය.

මේ අතර ජනාධිපති ප්‍රතිපත්ති උපදේශක කිම් යොන්ග්-බොම් සඳහන් කළේ, ඉන්ධන මිල සීමා පද්ධතිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය කඩිනමින් පියවර ගන්නා බවත්, එය මෙම සතියේම ක්‍රියාත්මක විය හැකි බවත්ය.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

සබැඳි පුවත් :

බලශක්ති අර්බුදය හමුවේ බංග්ලාදේශ සරසවි වැසේ !

මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ බලශක්තිය ඉතිරි කර ගන්න ෆිලිපීනයෙන් සිව් දින රාජකාරි සතියක්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...