BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

'සතුරු ඉලක්ක හඳුනා ගැන්මට සහාය දෙන්න' - ඉරානය ඉල්ලයි

T

The Leader Desk

March 11, 2026 • 12:01 PM

'සතුරු ඉලක්ක හඳුනා ගැන්මට සහාය දෙන්න' - ඉරානය ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අදත් (11) ඉරානයේ ඉලක්ක වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කළහ.
  • රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පිණිස වීදි බසින ඕනෑම අයකුට වෙඩි තබන බව ඉරාන ආරක්ෂක හමුදා විසින් අනතුරු අඟවා තිබේ.
  • මෙතෙක් පැවති ගැටුම් මධ්‍යයේ ඉරානය වෙත දැවැන්තතම සභාග ප්‍රහාර ඊයේ (10) එල්ල විය.
  • අද, මැද පෙරදිග යුද්ධයේ 12 වන දිනය යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරානයද මැද පෙරදිග සිසාරා ප්‍රති ප්‍රහාර දියත් කළේය. රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පිණිස වීදි බසින ඕනෑම අයකුට වෙඩි තබන බව ඉරාන ආරක්ෂක හමුදා විසින් අනතුරු අඟවා තිබේ. මෙතෙක් පැවති ගැටුම් මධ්‍යයේ ඉරානය වෙත දැවැන්තතම සභාග ප්‍රහාර ඊයේ (10) එල්ල විය.

අද, මැද පෙරදිග යුද්ධයේ 12 වන දිනය යි.

ඉරාන විප්ලවීය බලකා සෙබළු, ඊශ්‍රායලය, ලෙබනනය ඇතුළු ගල්ෆ් රටවල් කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළහ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සියලු නාවුක ප්‍රවාහන සේවා තව දුරටත් ඇණහිට තිබේ. ගෝලීය ෆොසිල ඉන්දන ප්‍රවාහනයේ පහෙන් පංගුවක්ම මීට පෙර ඒ හරහා සිදු විය.

එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් යුද්ධය ඉක්මනින් අවසන් කිරීම පිලිබඳ සන් කිරීමත් සමග ගෝලීය තෙල් මිල තව දුරටත්  ඉහළ යාම්, යම් තරමකින් පාලනය වුවද, එය ස්ථාවර වේ යැයි, මෙතෙක් තිරසර  ප්‍රත්‍යක්ෂයක් නොමැත.

 

3319342
මේ අවස්ථාවේ මිල කළමනාකරණය  පිලිබඳ තාවකාලික පියවරක් ලෙස සිය ඉතිහාසයේ විශාලතම බොර තෙල් සංචිත මුදා හැරීම දැන් දැන් සිදු කරන බව ජාත්‍යන්තර බලශක්ති ආයතනය අවධාරණය කළේය.

ඉරානය වෙත එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදු කරන අඛණ්ඩ ප්‍රහාර නොනවත්වන්නේ නම්, ගල්ෆ් කලාපයේ තෙල් ප්‍රවාහනයට ඉඩ නොතබන බව, ඉරාන විප්ලවීය බලකාය අනතුරු අඟවයි.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක් මිසයිල ප්‍රහාරයකට ලක් වූ බව, එක්සත් රාජධානි සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ආයතනය අද පැවසීය. එහි ගින්නක් හටගත් අතර නෞකා කාර්ය මණ්ඩලය මුදා ගැනීමට පියවර ගැනිණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එපිටින් තවත් එවැනිම සිදුවීමක් වාර්තා වන බව ද එම ආයතනය කීය. එම ප්‍රහාරයට ලක්ව ඇත්තේ බහළු ප්‍රවාහන නෞකාවකි.  හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කරන්නේ නම්, ඉරානයට පෙර නොවූ විරූ ප්‍රහාරයක් දියත් කරන බව, ජනපති ට්‍රම්ප් ඊයේ අනතුරු ඇඟවීය. ඉරානය සතු බෝම්බ අතුරන නෞකා 16ක් මුළුමනින් විනාශ කෙරිණි.

අද පහන් වන විට මිලියනයකට අධික ඊශ්‍රායල වැසියන් පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබේ. යුද්ධය ඇරඹී දින 12කට පසුවත්, ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල  කිරීමේ ඉරානය සතු හැකියාව 'දියාරුව' ගොස් නැත. එක්සත් ජනපද - ඊශ්‍රායල මර්මස්ථාන නිවැරදිව හඳුනා පහර දීමට සහාය වන ලෙස ඉරානය කලාපීය රටවලින් සහ යාබද ඉස්ලාම් පාර්ශව වෙතින් විශේෂ ඉල්ලීමක් ද සිදු  කළේය. එරට ජනාකීර්ණ ජනාවාස පෙදෙස් වෙත එල්ල කළ සභාග ප්‍රහාරයන්ට ඉදිරියේ ප්‍රතිචාර දක්වන බව, ඉරාන හමුදා ප්‍රකාශක අබොල්ෆසල් ෂෙකාචි අද ප්‍රකාශ කළේය.

 

b6u6ghjgh
ඉරානයේ නව නායක මොජ්තබා ඛමෙනි වෙත සහාය පල කරනු වස් සුවිසල් ජන රැළි සංවිධානය කර තිබේ.

බොහෝ ඉරාන වැසියෝ බල පෙරලියක් අපේක්ෂා කරති. යුද්ධයේ මුල් දිනයේම සිදු වූ පෙර නායක අයතොල්ලා අලි ඛමෙනි ගේ ඝාතනය සමරමින් ඔවුහු වීදි  බටහ. යුද්ධයේ මුල ඝාතනය වූ ජ්‍යෙෂ්ඨ ඉරාන  හමුදා නිලධාරීන්ගේ අවමංගල්‍ය උළෙලක් අද ටෙහෙරානයේ දී පැවැත්වේ.

පෙබරවාරි 28 දා ඇරඹි යුද්ධයෙන් මේ වන විට, ඉරානයේ 1,300ක ට අධික සිවිල් වැසියන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව සිටිති. නිවාස එකක 8000ක ට අධික සංඛ්‍යාවක් විනාශව පවතී. වෙළඳ සහ සේවා මධ්‍යස්ථාන 1600ක් ද වැනසී තිබේ. වෛද්‍ය, අධ්‍යාපන සහ බලශක්ති බෙදා හැරීමේ මධ්‍යස්ථාන රැසක් ද ඒ අතර වේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Air strikes reported across the Middle East, Iran clamps down on dissent

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'සතුරු ඉලක්ක හඳුනා ගැන්මට සහාය දෙන්න' - ඉරානය ඉල්ලයි | The Leader