BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

ලන්ඩනයේ සති අන්ත ඉරාන සහයෝගිතා පෙළපාලියක් තහනම් කෙරේ

T

The Leader Desk

March 11, 2026 • 3:28 PM

ලන්ඩනයේ සති අන්ත ඉරාන සහයෝගිතා පෙළපාලියක් තහනම් කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයට සහාය දක්වමින් එළඹෙන ඉරිදා (15) ලන්ඩන් නගරයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ පෙළපාලියක් බ්‍රිතාන්‍ය පොලිසිය
  •  වසර 14කට පසු,  එරට ජන විරෝධතාවක් වෙත බාධක පැනවූ ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් ය.
  •   පලස්තීන විමුක්තියට සහාය පිණිස එය සංවිධානය කළ බව ඉස්ලාමීය මානව හිමිකම් කොමිසම විසින් මීට පෙර සඳහන් කර තිබිණි.
  •  පෙර වසරවල පැවති එම පෙළපාලි අවස්ථාවන්හිදී ත්‍රස්ත සංවිධානයන්ට සහාය පල කිරීමේ සහ යුදෙව් විරෝධී සාපරාධී චෝදනා මත බ්‍රිතාන්‍යයේදී පුද්ගල අත් අඩංගුවට ගැනීම් සිදු කර ඇතැයි ද පොලිසිය පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

විසින් තහනම් කරයි.

මැද පෙරදිග අර්බුදය හමුවේ ටෙහෙරානය වෙතින් එල්ල වී ඇති තර්ජන සහ පෙළපාලිය අතරතුර උද්ගත විය හැකි නොසන්සුන්තා හේතුවෙන් එරට පොලිසිය විසින් මෙම පියවර ගෙන තිබේ.

 අල් ඛඩ්ස් නම් එම පෙළපාලිය ඉරාන රෙජිමයට සහාය පල කරමින් ඉස්ලාමීය මානව හිමිකම් කොමිසම විසින්  වාර්ෂිකව සංවිධානය කෙරෙන්නකි.  වසර 14කට පසු,  එරට ජන විරෝධතාවක් වෙත බාධක පැනවූ ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් ය. ඉරාන සහයෝගීතාවට එරෙහි කිනම් හෝ ජන ඒකරාශි ද තහනම්  කර තිබේ.  

පලස්තීන විමුක්තියට සහාය පිණිස එය සංවිධානය කළ බව ඉස්ලාමීය මානව හිමිකම් කොමිසම විසින් මීට පෙර සඳහන් කර තිබිණි.  පෙර වසරවල පැවති එම පෙළපාලි අවස්ථාවන්හිදී ත්‍රස්ත සංවිධානයන්ට සහාය පල කිරීමේ සහ යුදෙව් විරෝධී සාපරාධී චෝදනා මත බ්‍රිතාන්‍යයේදී පුද්ගල අත් අඩංගුවට ගැනීම් සිදු කර ඇතැයි ද පොලිසිය පැවසීය.

මැද පෙරදිග වත්මන් තත්ත්වය මෙන්ම, බ්‍රිතාන්‍ය මිත්‍ර සන්ධානයට සහ මැද පෙරදිග පිහිටි ඊට අයත් හමුදා කඳවුරු වෙත ඉරානය විසින් එල්ල කෙරෙන ප්‍රහාර ද මෙම  තහනමට හේතු ව ඇතැයි, ඒ සම්බන්ධයෙන් ඊයේ (10) නිකුත් කරන ලද පොලිස් නිවේදනයේ දැක්වේ.

ඉරාන බුද්ධි සේවාවන්ට තොරතුරු සම්පාදනය කිරීම සම්බන්ධයෙන් සැක පිට, ඉකුත් සතියේ පුද්ගලයින් සිව් දෙනකු බ්‍රිතාන්‍යයේදී අත් අඩංගුවට ගැනිණි. නීති විරෝධී පුද්ගල ආවේක්ෂණයේ නිරත වීම සහ ලන්ඩනයේ යුදෙව් ප්‍රජා වාසස්ථාන පිලිබඳ තොරතුරු රැස් කිරීම පිලිබඳ ඔවුන්ට එරෙහි චෝදනා ගොනු කර තිබේ.

තහනම නොතකා ඉරිදා එම පෙළපාලිය පැවැත්වෙන්නේ නම්, ඊට එරෙහිව තදින් ක්‍රියා කරන බව,  බ්‍රිතාන්‍ය පොලිසිය සඳහන් කරයි.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

UK police ban pro-Iranian London march due to 'extreme tensions'


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...