අතුරුදන්ව සිටිති. 20 දෙනකුගේ ජීවිත මුදා ගැනීමට හැකිව තිබේ.
ප්‍රහාරයට ලක් වූ නෞකාව අතහැර එහි කාර්ය මණ්ඩල නාවිකයෝ ජීවිතාරක්ෂක යාත්‍රාවක් මතින් දිවි ගලවා ගැනීමට සමත් වූහ. පසුව ඕමාන නාවුක හමුදාව මගින් ඔවුන් මුදා ගැනීමට කටයුතු කෙරිණි.
ප්‍රහාරයෙන්, නෞකාවේ අවර කොටස පුපුරා ගොස් එන්ජින් කුටියේ ගින්නක් හට ගත් බව සඳහන් ය.
අතුරුදන් කාර්ය මණ්ඩලයේ තිදෙනා ඒ වන විටත්, එහි සේවයේ නිරතව සිටි බව ද වාර්තා විය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Thailand says 3 crew missing after ship hit by projectiles in Strait of Hormuz




