BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක්

T

The Leader Desk

March 12, 2026 • 3:48 AM

යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවතින යුදමය වාතාවරණය නිමා කිරීම සඳහා ඉරානය සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමට සූදානම් බවට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉඟි පළ කර තිබේ.
  • කෙසේ වෙතත්, මෙම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඔහු විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර ඇත.
  •  ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය.
  • කෙසේවුවද බටහිර රටවල් සහ ඊශ්‍රායලය කෙරෙහි තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බව ද ඉරානය ජනාධිපතිවරයා එම දුරකතන සංවාදයේදී දෙරටේ රාජ්‍ය නායකයින්ට අවධාරණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, රුසියානු සහ පාකිස්ථාන රාජ්‍ය නායකයින් සමග පැවැත්වූ දුරකථන සංවාදවලදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඔහු විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර ඇත.

iran war

* ඉරානයේ ජාතික අයිතිවාසිකම් සහ ස්වෛරීභාවය සම්පූර්ණයෙන්ම පිළිගැනීම,

* අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ යටිතල පහසුකම්වලට සිදු වූ දැවැන්ත හානිය සහ ආර්ථික පාඩු සඳහා නිසි ලෙස වන්දි ගෙවීම මෙන්ම

* අනාගතයේදී මෙවැනි ආක්‍රමණශීලී ප්‍රහාර නැවත සිදු නොවන බවට ශක්තිමත් ජාත්‍යන්තර නීතිමය සහතික ලබා දීම එම කොන්දේසි වේ.

 ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය.

කෙසේවුවද බටහිර රටවල් සහ ඊශ්‍රායලය කෙරෙහි තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බව ද ඉරානය ජනාධිපතිවරයා එම දුරකතන සංවාදයේදී දෙරටේ රාජ්‍ය නායකයින්ට අවධාරණය කර ඇත.

යුද්ධය අවසන් නැහැ - අමෙරිකානු ජනාධිපති

එවන් පසුබිමක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉතිහාසයේ ඕනෑම රටකට පහර දුන් ප්‍රමාණයට වඩා දරුණු ලෙස තමන් ඉරානයට පහර දී ඇති බවයි.

එමෙන්ම, තවමත් යුද්ධය අවසන් කර නොමැති බවට ද අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබිණ.

 




මුලාශ්‍රය :

Iran president sets conditions for ending war with US, Israel

Iran war live: Oil tankers hit in Iraq, Tehran sets 3 conditions for peace

Iran's President Sets Conditions for Ending War


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...