එරට අධිකරණයේ එවැනි තීන්දුවක් ලබාදී ඇත්තේ ප්‍රථම වතාවටයි.
හරිෂ් රාණා නමැති මෙම තරුණයා 2013 වසරේදී ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් ඇද වැටී මොළයට සිදු වූ බරපතල හානි හේතුවෙන් කෝමා තත්ත්වයෙන් පසු විය.
හරිෂ් රාණා
වසර ගණනාවක් පුරා ඔහුගේ මව්පියන් සිය පුතුට ගෞරවාන්විතව මිය යාමට ඉඩ දෙන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
වෛද්‍ය උපදෙස් මත ජීවිතාරක්ෂක වෛද්‍ය ප්‍රතිකාර ඉවත් කිරීමට මෙහිදී අවසර දී ඇති අතර අදාල වෛද්‍ය මණ්ඩලවලට රෝගියාගේ ජීවිත ආධාරක පද්ධති ඉවත් කිරීම පිළිබඳ සායනික තීරණයක් ගැනීමට එමගින් නීතිමය අවසරය හිමිවේ.
| hirunews
මුලාශ්‍ර :
‘Process must be humane’: In a first, Supreme Court allows passive euthanasia for man in 13-year vegetative state
In A First, SC Allows Passive Euthanasia For Man In Coma For Over 12 Years
India's top court allows removal of life support of man in vegetative state




