ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉරාකයේ අර්බිල් හි පිහිටි ඉතාලි හමුදා කඳවුරකි. සිදුවීම පිලිබඳ පසු විපරමින් පසුවන බව ඉතාලි ආරක්ෂක අමාත්‍යංශය කියයි.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එහි සිටි ඉතාලි හමුදා සාමාජිකයින් එහි ආරක්ෂක බංකරයක් වෙත පලා ගොස් දිවි බේරා ගත්හ. අර්බිල් හි 300ක පමණ ඉතාලි භට පිරිසක් රැඳී සිටින අතර ඔවුහු කුර්දි ආරක්ෂක භට පිරිස් පුහුණු කිරීමේ නිරතව සිටිති.
කුර්දිස්ථානය ස්වාධීන රාජ්‍යයක් නොවේ. භූගෝලීයව, එය මැද පෙරදිග රටවල් හතරක භූමි පෙදෙස් ඔස්සේ පිහිටියේය. තුර්කිය, ඉරාකය, ඉරානය සහ සිරියාව එම රටවල් හතර වේ. කුර්දි ජනයා එහි සාම්ප්‍රදායිකව වෙසෙති. කුර්දි ස්වයං පාලන කලාපයක් පවත්නේ උතුරු ඉරාකයේ පමණි. එහි ඔවුන්ගේම රජයක් සහ පාර්ලිමේන්තුවක් ද පවතී. අනෙක් රටවල් හතරේ කුර්දි කලාප ඇතත්, ඒවා ස්වාධීන රාජ්‍ය නොවෙත්. අර්බිල් යනු උතුරු ඉරාකයේ, කුර්දි කලාපයේ අගනුවර වේ.
මැද පෙරදිග එක්සත් ජනපද - ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර ඇරඹි දා සිට ට්‍රම්ප් පරිපාලනය, කුර්දි සටන් කරුවන් සමග සබඳා පවත්වයි. ඉරානයට එරෙහිව භූමිය මත ඔවුන් මෙහෙයවීම එහි අපේක්ෂාවයි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Italian military base in Iraqi Kurdistan hit by airstrike




