BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

ඇමරිකාව රුසියාවට එරෙහි තෙල් සම්බාධක ලිහිල් කරයි !

T

The Leader Desk

March 13, 2026 • 3:58 AM

ඇමරිකාව රුසියාවට එරෙහි තෙල් සම්බාධක ලිහිල් කරයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද සමයේදී "ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම" සඳහා, දැනට මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් මිලදී ගැනීමට ඇමරිකාව වෙනත් රටවලට අවසර ලබා දී ඇත.
  • අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මේ වනවිට මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් මිලදී ගැනීමට සිට රට එළැඹෙන අප්‍රේල් 11 වනදා දක්වා ලොවපුරා රටවලට අවසර ලබාදී ඇති බවය.
  • ඉරානයට එරෙහි යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
  •   මීට පෙර අමෙරිකාව විසින් ඉන්දියානු පිරිපහදුකරුවන්ට ද රුසියානු තෙල් මිලදී ගැනීමට දින 30ක සහන කාලයක් ලබාදීමට කටයුතු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම විශේෂ අවසරය අප්‍රේල් මස 11 වැනිදා දක්වා වලංගු බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අනුව, රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් රටවලට පනවා තිබූ වාරණය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මේ වනවිට මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් මිලදී ගැනීමට සිට රට එළැඹෙන අප්‍රේල් 11 වනදා දක්වා ලොවපුරා රටවලට අවසර ලබාදී ඇති බවය.

ඉරානයට එරෙහි යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

russian boat
මීට පෙර අමෙරිකාව විසින් ඉන්දියානු පිරිපහදුකරුවන්ට ද රුසියානු තෙල් මිලදී ගැනීමට දින 30ක සහන කාලයක් ලබාදීමට කටයුතු කළේය.

ඒ අනුව ඉකුත් මාර්තු 5 වන දින අප්‍රේල් 3 වනදා දක්වා කාලය තුළ රුසියානු සමූහාණ්ඩුවට අයත් බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන ඉන්දියාව තුළ බෙදා හැරීමට සහ විකිණීමට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලයෙන් අවසර ලබාදී ඇත.


මුලාශ්‍ර :

US eases Russia oil sanctions as Iran war pushes up energy prices

After India, US Temporarily Allows Sale Of Russian Oil Already At Sea

US Treasury Gives Green Light for Sale of More Russian Oil

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...