එරට බලධාරීන් තහවුරු කර තිබේ.
කිසිදු පුද්ගල තුවාලයක් වාර්තා නොවූ මෙම සිදුවීම, දැනට ක්‍රියාත්මක වන ආරක්ෂක අධීක්ෂණ කටයුතුවල කොටසක් ලෙස වැඩිදුර විමර්ශනයට ලක් කෙරෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
බලධාරීන් විසින් පූර්ව ආරක්ෂණ පියවරයන් ක්‍රියාත්මක කරන අතරතුර, නිල උපදෙස් පිළිපදින ලෙසත්, විමසිලිමත් වන ලෙසත්, ඩුබායි මාධ්‍ය කාර්යාලය (Dubai Media Office) පදිංචිකරුවන්ගෙන් ඉල්ලා තිබේ.
ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හදිසි අනතුරු සහ ආරක්ෂක කණ්ඩායම් කඩිනමින් ක්‍රියාත්මක වූ බවට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ප්‍රහාරක යානා (Drones) සහ ඒවායේ සුන්බුන් ආශ්‍රිතව වාර්තා වූ මෙවැනි සුළු සිදුවීම් කිහිපයකටම ඩුබායි බලධාරීන් ප්‍රතිචාර දක්වා ඇති අතර, කිසිදු තුවාලකරුවෙකු වාර්තා වී නොමැත.
සිවිල් ආරක්ෂක කණ්ඩායම් විසින් එක් එක් තත්ත්වයන් කඩිනමින් පාලනය කර තක්සේරු කර තිබේ.
මුලාශ්‍ර :
Dubai targeted again: Video shows thick black smoke after blasts rock financial hub, debris hits building
Dubai Hit Again: Video Shows Smoke Above Buildings, Burj Khalifa In Background




