BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

'හොර්මුස් නිදහස් නොකළොත් ඛාර්ග් තෙල් සංචිත වලට ගහනවා' - ජනපති ට්‍රම්ප්

T

The Leader Desk

March 14, 2026 • 10:15 AM

'හොර්මුස් නිදහස් නොකළොත් ඛාර්ග් තෙල් සංචිත වලට ගහනවා' - ජනපති ට්‍රම්ප්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ ඛාර්ග් (Kharg) දිවයිනට මේ වන විට එක්සත් ජනපද හමුදා විසින් අති දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහි, එරට ප්‍රධානතම ඉන්දන සංචිතය පිහිටියේය.
  • එහෙත්, හොර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කරන නෞකා වෙත ඉරානය ප්‍රහාර එල්ල කිරීම නොනවත්වන්නේ නම්, ඛාර්ග් හි  ඉන්දන යටිතල පහසුකම් මුළුමනින්ම විනාශ කරන බව, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර සිටී.
  • දිවයිනේ පිහිටි ඉරාන සන්නද්ධ ඉලක්ක, 'එකක් නෑර' විනාශ කළ බව, ජනපති ට්‍රම්ප් සමාජ මධ්‍යයේ ලීවේය.
  • ඉරාන තෙල් අපනයනයන්ගෙන් 90%ක් සිදු කෙරෙන්නේ එම දිවයිනේ පිහිටි ඉන්දන අපනයන පර්යන්තයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):


එක්සත් ජනපද ප්‍රහාර එහි වූ සන්නද්ධ මධ්‍යස්ථාන සහ එම ඉලක්ක සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කර දැමුවද, ඉන්දන සංචිත කිසිවකටත් මෙතෙක් හානි සිදු කර නැත. එහෙත්, හොර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කරන නෞකා වෙත ඉරානය ප්‍රහාර එල්ල කිරීම නොනවත්වන්නේ නම්, ඛාර්ග් හි  ඉන්දන යටිතල පහසුකම් මුළුමනින්ම විනාශ කරන බව, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර සිටී.

දිවයිනේ පිහිටි ඉරාන සන්නද්ධ ඉලක්ක, 'එකක් නෑර' විනාශ කළ බව, ජනපති ට්‍රම්ප් සමාජ මධ්‍යයේ ලීවේය. එහෙත්, එහි පිහිටි තෙල් සංචිත වෙත ප්‍රහාර එල්ල කිරීමේ අදහසක් තවමත් නැතැයි ද ඔහු කියා සිටියේය.

karg 260314

ඉරාන තෙල් අපනයනයන්ගෙන් 90%ක් සිදු කෙරෙන්නේ එම දිවයිනේ පිහිටි ඉන්දන අපනයන පර්යන්තයෙනි. හොර්මුස් සමුද්‍ර සන්ධියේ සිට කි.මී.500ක් පමණ වයඹ දෙසට වන්නට ඛාර්ග් දිවයින පිහිටා තිබේ.

"ඉරානය හෝ අන් කිසිවකු මින් මතු හොර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදු කෙරෙන ස්වාධීන යාත්‍රා සැරියට හෝ එහි ආරක්ෂාවට බාධා කළහොත්, මගේ තීරණය යළි සලකා බලන්න වෙනවා," ජනපති ට්‍රම්ප් එසේ පැවසීය.

ඉරාන හමුදාව සහ එම ත්‍රස්ත රාජ්‍යයේ සියලු දෙනා, දැන්වත් අවි බිම තබා, එහි ඉතිරි දෑ වත් රැක ගැනීමට ඉදිරිපත් වීම  මේ මොහොතේ සුදුසුම විකල්පය බව ද ඔහු කීය. "දැනටමත් එහෙ ගන්න දෙයක් ඉතුරුවෙලා නෑ" ඔහු සිය ටෘත් ගිණුමේ සඳහන් කළේය.

"බොරු මාධ්‍ය කාරයෝ ඔක්කොම අපේ ගැහිල්ලේ තරම ලෝකෙට කියන්න පසුබට වෙනවා.  ඉරානය අත උඩින්ම පරාදයි. දැන් එකඟතාවක්  ඉල්ලනවා. ඒවා හීන," ඔහු කීය.

කෙසේ වෙතත්, ඉරානය යටත්  වන අයුරක් තවමත් නොපෙනේ.

යම් හෙයකින්, ඛාර්ග් තෙල් සංචිතයන්ට පහර දුනහොත්, කලාපයේ එක්සත් ජනපද තෙල් සමාගම්වලට අයත් ඉන්දන සහ බලශක්ති යටිතල පහසුකම් වෙත ඉඳුරා ප්‍රහාර එල්ල කරන බව,  ඉරාන හමුදා පවසති. දිවයින වෙත එල්ල  කළ එක්සත් ජනපද ප්‍රහාරයන්හිදී පිපිරීම් 15කට අධික සංඛ්‍යාවක්  වාර්තා වී යැයි, ඉරාන ෆාර්ස් පුවත් සේවය සඳහන් කරයි. එහි වූ ගුවන් ආරක්ෂක පද්ධති, නාවුක කඳවුර සහ ගුවන්තොටුපොළ පහසුකම් ද එක්සත් ජනපද ප්‍රහාරයන්ට ලක් වූ බව එය කියයි.

An oil tanker, Episkopi, is seen docked next to Iraq's vital al-Basra oil terminal, in Persian Gulf waters, Wednesday, Feb. 27, 2008.  Crude oil prices fell more than $2 a barrel Thursday, April 24, 2008, as the dollar gained strength against the euro. (AP Photo/Kamran Jebreili)
එම දිවයිනේ පිහිටි ඉරාන තෙල් අපනයන පර්යන්තය, ඉන්දන ගබඩා සහ සැපයුම් නල පද්ධතිය දෙස ලොව ඉන්දන වෙළඳපොළ ඉමහත් අවධානයෙන් බලා   සිටී. ඊට සිදු වන අවම  හානිය ද ගෝලීය ඉන්දන සැපයුම වෙත අති මහත් තර්ජනයක් එල්ල කරන්නේය.

යුද්ධය දිග්  ගැසීම හෝ අවසන් කිරීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්ගේ විචල්‍ය ප්‍රකාශ හේතුවෙන්, ලොව ඉන්දන මිල තව දුරටත්, "ඒත් අතට, මේත් අතට" පැද්දෙමින් පවතී. මැද පෙරදිග යුද්ධයෙන් ලොව පුරා ඉන්දන සහ කොටස් වෙළඳපොළ දෙදරා ගියේය.

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයට අද (14) මිසයිල ප්‍රහාරයක් එල්ල විය. ගොඩනැගිල්ලෙන් විසල් දුම් වළා අහසට නැගෙනු දිස් විය.

ඉරාන හමුදා, ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම් හා එක්ව ඊශ්‍රායලයේ ඉලක්ක වෙත ද ප්‍රහාර එල්ල කළ බව, ඉරාන මාධ්‍ය  පැවසීය.

බ්‍රහස්පතින්දා (12) දිනය පුරාවට බටහිර සහ මධ්‍යම ඉරානයේ හඳුනාගත් ඉලක්ක 200කට අධික සංඛ්‍යාවක් වෙත  ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල විය.  

බටහිර ඉරාකයට ඉහළින් පියාසර කරමින් තිබූ ගුවනේ ඉන්දන සපයන එක්සත් ජනපදයට  අයත් හමුදා යනයක් ඊයේ (13) හදිසියේ කඩා වැටිණි.  අනතුරින් එහි කාර්ය මණ්ඩලයේ සය දෙනාම ජීවිතක්ෂයට පත් වූ බව එරට මධ්‍යම අණ මූලය ප්‍රකාශ කළේය.  යානය කඩා වැටීමට ආසන්නතම හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකය. කෙසේ වෙතත්,  එම අනතුර  සතුරු හෝ අත්වැරදීමකින් සිදු කළ ප්‍රහාරයකින් සිදු වූවක් නොවන බවද බලධාරීහු පැවසූහ.



ලෙබනනයේ  ලිටානි ගඟ හරහා ඉදි කර තිබූ, එරට උතුර - දකුණ යා කළ, ශ්‍රරියේ පාළම ද ඊයේ   ඊශ්‍රායල ප්‍රහාරයකින් මුළුමනින් විනාශ විය. හිස්බුල්ලා කැරළි කරුවන් ඒ මතින් ප්‍රවාහනයේ යෙදීම නවතනු පිණිස එම ප්‍රහාරය සිදු කළ බව ඊශ්‍රායල  හමුදා පැවසූහ.

දෙසතියක මැද පෙරදිග යුද්ධයෙන් මේ වන විට 2000කට අධික පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වේ. බහුතරය ඉරානයෙන් ය. ලෙබනනයේද විශාල සිවිල් වැසියන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. යුද්ධය හේතුවෙන් අනෙකුත්  ගල්ෆ් රටවල ජීවිත හානි ද දෛනික වර්ධනයක පවතී. දැනටමත් මිලියන ගණනක් සිවිල් ජනතාව අවතැන්ව සිටිති.


(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


මුලාශ්‍රය :

Trump threatens to hit Iran's Kharg Island oil network if shipping lanes remain blocked


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...